Skip to content

2017 අප්‍රියෙල් 21
සිව් දෙසින්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 2017 වසර පුරා පවත්වන විශේෂ රැස්වීම් සහ සමුළු

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 2017 වසර පුරා පවත්වන විශේෂ රැස්වීම් සහ සමුළු

නිව් යෝර්ක් - යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 2017 වසර පුරා පවත්වන විශේෂ රැස්වීම්වලට සහභාගි වෙන්න කියලා මහජනයාට ආරාධනා කරනවා.

2017 අප්‍රියෙල් 11වෙනි අඟහරුවාදා ලොව පුරා සිටින සාක්ෂිකරුවන් යේසුස්ගේ මරණය සිහි කරනවා. සාක්ෂිකරුවන් වසරේ වැදගත්ම සැමරීම විදිහටයි යේසුස්ගේ මරණය සිහි කිරීම සලකන්නේ. ඒකට ඇවිත් සහභාගි වෙන්න කියලා එයාලා හැමෝටම ආරාධනා කරනවා. 2017 මාර්තු 18වෙනිදා ඉඳලා අප්‍රියෙල් 11වෙනිදා දක්වා එයාලා විශේෂ වැඩසටහනක් ලොව පුරා ක්‍රියාත්මක කරලා තියෙනවා. එහෙම කළේ පුළුවන් තරම් දෙනෙක්ට ඒ සැමරීම සඳහා ආරාධනා කරන්නයි. ආරාධනා පත්‍රයේ ඒ රැස්වීම තියන තැන සහ වෙලාව සඳහන් වෙනවා.

යේසුස්ගේ මරණය සිහි කිරීමෙන් පසු සති අන්තයේ ලොව පුරා තියෙන සාක්ෂිකරුවන් රැස්වීම් පවත්වන නමස්කාර මධ්‍යස්ථානවලදී ඉදිරිපත් කරන විනාඩි 30ක බයිබල් දේශනයක් ඉදිරිපත් කරනවා. ඒකට සහභාගි වෙන්න කියලා එයාලා හැමෝටම ආරාධනා කරනවා. ඒකේ මාතෘකාව “කේන්තියෙන් පිරුණු ලෝකයක සාමයෙන් ඉන්න පුළුවන්ද?” ඒක පවත්වන්නේ 2017 අප්‍රියෙල් 15 සහ 16 සති අන්තයේ.

2017 මැයි 19වෙනිදා සිට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලාගේ වාර්ෂික තුන්දින සමුළු පවත්වනවා. ඒ සමුළුවේ තේමාව “අත්හරින්න එපා!” මුලින්ම එක්සත් ජනපදයේ පවත්වන ඒ සමුළුව 2018 මුල් කාලය වන තුරු ලොව පුරාම පවත්වනවා. ඒ සමුළුවට සහභාගි වෙන්න කියලා මහජනයාට ආරාධනා කරන්න පටන්ගන්නේ ඒ සමුළුව පවත්වන්න සති 3කට කලින් සිටයි.

මේ සියලුම රැස්වීම් සහ සමුළුවලට සහභාගි වෙන අයගෙන් කිසිම මුදලක් අය කරන්නේ නැහැ. මේ රැස්වීම් ගැන ප්‍රචාරයක් ලබා දෙන්න කැමති මාධ්‍ය ආයතනවලට පුළුවන් තමන්ගේ රටේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙන් තව තොරතුරු විමසන්න.

මාධ්‍ය ප්‍රකාශක:

ඩේවිඩ් ඒ. සෙමොනියන්, මහජන තොරුතුරු අංශය, +1-845-524-3000