Skip to content

2018 මාර්තු 16
සිව් දෙසින්

වාර්ෂිකව පවත්වන යේසුස්ගේ මරණය සිහි කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලොව පුරා ඉන්න හැමෝටම ආරාධනා කරනවා

වාර්ෂිකව පවත්වන යේසුස්ගේ මරණය සිහි කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලොව පුරා ඉන්න හැමෝටම ආරාධනා කරනවා

2018 මාර්තු 31වෙනිදා ලොව පුරා රටවල් 240ක සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස්ගේ මරණය සිහි කරනවා. එයාලා අවුරුද්දේ වැදගත්ම දිනය හැටියට සලකන්නේ ඒ දිනයයි. ඒ සැමරීමට සහභාගි වෙන්න කියලා ලොව පුරාම ඉන්න අයට ආරාධනා කරන්න සාක්ෂිකරුවන් 2018 මාර්තු 3වෙනිදා ඉඳලා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. මාර්තු 19න් පටන්ගන්න සතියේදී ඉදිරිපත් කරන “ඇත්තටම යේසුස් ක්‍රිස්තුස් කවුද?” කියන තේමාවෙන් යුත් විශේෂ බයිබල් දේශනයට ඇහුම්කන් දෙන්නත් සාක්ෂිකරුවන් හැමෝටම ආරාධනා කරනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයෙක් වන ඩේවිඩ් ඒ. සෙමොනියන් මේ වගේ අදහසක් පළ කළා. “2017දී මිලියන 20කට වැඩිදෙනෙක් යේසුස්ගේ මරණය සිහි කරන්න සහභාගි වුණා. ඒ අය අතරින් මිලියන 12ක්ම සාක්ෂිකරුවන් නොවන අය. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වගේම ලොව පුරාම ඉන්න හුඟක් අයත් යේසුස්ගේ මරණය සිහි කරන දවස වසරේ වැදගත්ම දවස විදිහට සලකනවා කියන්න ඒක හොඳ සාක්ෂියක්. හැමෝටම සිහි කිරීමට ආරාධනා කරන එක තමයි අපේ අරමුණ. එතකොට තමන්ට යන්න පහසු ස්ථානයකට ගිහින් මේ සැමරීමට සහභාගි වෙන්න එයාලට පුළුවන්.”

මාධ්‍ය ප්‍රකාශක:

ජාත්‍යන්තර: ඩේවිඩ් ඒ. සෙමොනියන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1-845-524-3000