Skip to content

2015 අප්‍රියෙල් 30
සිව් දෙසින්

2015 මැයි මාසයේ සිට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළු පටන්ගනියි

2015 මැයි මාසයේ සිට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළු පටන්ගනියි

නිව් යෝර්ක් - එක්සත් ජනපදයේ 2015 සමුළු මාලාව පටන්ගන්නේ මැයි 22 ඉඳලා. “යේසුස් වගේ වෙමු!” කියන මේ සමුළු මාලාව ලෝකේ පුරාම පවත්වලා අවසන් වෙන්නේ 2016 ජනවාරිවලයි. හැම සමුළුවක්ම පටන්ගන්න සති තුනකට කලින් සාක්ෂිකරුවන් තමන්ගේ සභාවට අයිති ප්‍රදේශවල නොමිලේ පවත්වන මේ වැඩසටහනට සහභාගි වෙන්න කියලා මහජනයාට ආරාධනා කරනවා.

නිව් යෝර්ක්, බෘක්ලින්වල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ නියෝජිතයෙක් වන ජේ. ආර්. බ්‍රවුන් මෙහෙම කියනවා. “මේ අවුරුද්දේ සමුළුවේ තේමාවෙන් යේසුස් ක්‍රිස්තුස් මුළු ලෝකෙටම ප්‍රසිද්ධ කෙනෙක් කියලා සිහිගන්වනවා. ඒ වගේම මොන වයසක, මොන පසුබිමක, මොන සංස්කෘතියක හිටියත් හැමෝටම අනුගමනය කරන්න ඔහු හොඳ ආදර්ශයක් කියන එකත් පෙන්වලා දෙනවා. යේසුස්ගේ ජීවිතයේ වැදගත් සිද්ධීන් ඉදිරිපත් කරන මේ වැඩසටහනෙන් හැමෝම සතුටක් ලබයි කියලා අපි විශ්වාස කරනවා. එදිනෙදා ජීවිතයේදී යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන් විධි, අර්ථවත් වීඩියෝ දර්ශන මගින් දැක බලා ගන්න පුළුවන්.”

2015 “යේසුස් වගේ වෙමු!” කියන තුන්දින සමුළු පවත්වන දින සහ ස්ථාන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ jw.org නිල වෙබ් අඩවියේ තියෙනවා. වැඩි විස්තර දැනගන්න ළඟම තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙන් විමසන්න වාර්තාකරුවන්ට පුළුවන්. ඒ සඳහා හමු වෙන්න ඕන පුද්ගලයාගේ නම ශාඛා කාර්යාලයෙන් දැනගන්නත් පුළුවන්.

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000