Skip to content

2018 මැයි 1
සිව් දෙසින්

2018 වසරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන තුන්දින සමුළු මැයි මාසයේදී ආරම්භ වෙයි

2018 වසරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන තුන්දින සමුළු මැයි මාසයේදී ආරම්භ වෙයි

නිව් යෝර්ක් - යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වාර්ෂිකව පවත්වන තුන්දින සමුළුවලින් පළවෙනි එක 2018 මැයි 18වෙනි සිකුරාදා ආරම්භ වීමට නියමිතයි. රටවල් 180ක මේ සමුළුව පවත්වනවා. ඒ සමුළුවේ තේමාව “ධෛර්යවත් වෙන්න” යන්නයි. සමුළුව පටන්ගන්න යම් කාලයකට කලින් ලෝකේ පුරාම ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මිනිසුන්ට සමුළුවට ආරාධනා කරන්න විශේෂ වැඩසටහනක් දියත් කරනවා. සමුළුවට එන අයගෙන් මුදල් අය කරන්නේ නැහැ.

දවස් තුනක් පුරා දිව යන මේ වැඩසටහන විවිධ අංග 54කින් යුක්තයි. දේශන, පටිගත කරන ලද නාට්‍ය, සම්මුඛ සාකච්ඡා සහ කෙටි වීඩියෝ ඒවාවලට ඇතුළත්. ඒ විතරක් නෙමෙයි “ධෛර්යය සහ දයාව ගැන පාඩමක් කියා දෙන යෝනාගේ කතාව” කියන චිත්‍රපටයත් සමුළුවේ අවසාන දවසේදී ප්‍රදර්ශනය කරනවා. දවස් තුනේම උදෑසන සහ දහවල් සැසිවාර ආරම්භ වෙන්නේ සමුළුව වෙනුවෙන් විශේෂයෙන්ම නිෂ්පාදනය කළ මියුසික් වීඩියෝවලිනුයි.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයෙක් වන ඩේවිඩ් ඒ. සෙමොනියන් මේ වගේ අදහසක් පළ කළා. “මේ දවස්වල අහන්න ලැබෙන ප්‍රවෘත්තිවලින් අපිට පැහැදිලි වෙන්නේ වෙන කවදාකටත් වඩා මේ කාලේ ලොකු පොඩි හැමෝම ජීවිතේ විවිධ දේවල් නිසා කනස්සල්ලෙන්, බයෙන් ඉන්නවා කියලයි. ඉතිං ඒ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න ධෛර්යය ඕනේ. ධෛර්යය ඇති කරගන්න උදව් වෙන බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් සලකා බලන මේ සමුළුවට එන්න කියලා අපි හැම කෙනෙක්ටම ආරාධනා කරනවා.”

හැම සමුළුවක්ම පවත්වන දිනය සහ ස්ථානය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නිල වෙබ් අඩවිය වන jw.org එකේ සඳහන් වෙනවා.

මාධ්‍ය ප්‍රකාශක:

ඩේවිඩ් ඒ. සෙමොනියන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1-845-524-3000