Skip to content

2020 අප්‍රියෙල් 29
සිව් දෙසින්

2020 යේසුස්ගේ මරණය සිහි කිරීම - විවිධ රටවල ගත් පින්තූර

එකට එකතු වෙන්න බැරි වුණත් ලොව පුරා ඉන්න සාක්ෂිකරුවන් එකා මෙන් එයාලගේ අගය පෙන්නුවා

2020 යේසුස්ගේ මරණය සිහි කිරීම - විවිධ රටවල ගත් පින්තූර

2020 අප්‍රියෙල් 7වෙනිදා හිරු බැස යනවාත් එක්කම ලොව පුරා ඉන්න අපේ සහෝදර සහෝදරියන් කවදාවත් අමතක නොවන විදිහට යේසුස්ගේ මරණය සිහි කළා. කොරෝනා වසංගතය නිසා එයාලගෙන් වැඩිදෙනෙක්ට එකට එකතු වෙන්න බැරි වුණත් “මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න” කියලා යේසුස් දුන්න ආඥාවට කීකරු වෙන්න එයාලා හැමෝටම තිබුණේ ලොකු අධිෂ්ඨානයක්. (ලූක් 22:19) තනියෙන් ජීවත් වෙන අය, විවාහක අය, දරුවෝ ඉන්න පවුල් වගේම අපේ ආදරණීය මහලු අය හැමෝම එකා මෙන් යෙහෝවා දෙවියන්ට සහ ඔහුගේ පුත් යේසුස්ට එයාලගේ හිතේ තියෙන අගය පෙන්නුවා.

2020 යේසුස්ගේ මරණය සිහි කරන්න ලෝකේ පුරාම ඉන්න අපේ සහෝදර සහෝදරියන් සූදනම් වුණ විදිහත් ඒක සිහි කරපු විදිහත් දැක්වෙන මේ පින්තූර පෙළ රස විඳින්න.