Skip to content

2014 අගෝස්තු 1වෙනිදා
සිව් දෙසින්

සාක්ෂිකරුවන් jw.org වෙබ් අඩවිය ගැන දැනුම් දෙන වැඩසටහනක් දියත් කරයි

සාක්ෂිකරුවන් jw.org වෙබ් අඩවිය ගැන දැනුම් දෙන වැඩසටහනක් දියත් කරයි

නිව් යෝර්ක්වල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 2014 අගෝස්තු 1වෙනිදා jw.org වෙබ් අඩවිය ගැන දැනුම් දෙන වැඩසටහනක් දියත් කරනවා. වැඩසටහනෙන් ‘අපේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් කොහෙන්ද?’ කියන පත්‍රිකාව මාසයක් පුරා බෙදාහරිනවා. jw.org වෙබ් අඩවිය භාෂා 500කින් විතර බලන්නත් ප්‍රකාශන භාෂා 700කින් විතර ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. වැඩිම භාෂා ගණනකට පරිවර්තනය කරලා තියෙන වෙබ් අඩවිය jw.org වෙබ් අඩවියයි.

හැම දවසකම මිලියනයකට වඩා වැඩිදෙනෙක් jw.org වෙබ් අඩවියට පිවිසෙනවා. ඕනම වයසක, ඕනම පසුබිමක ඉන්න අයට වගේම ඕනම තත්වයකට මුහුණ දෙන අයටත් ප්‍රයෝජනවත් ලිපි හා වීඩියෝ මේ වෙබ් අඩවියේ තියෙනවා. එකක් තමයි ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක. කලින් කියපු අලුත් පත්‍රිකාවේ අන්තිම පිටුවේ තියෙන QR කෝඩ් එක පාවිච්චි කරලා ඒක බලන්න පුළුවන්. ජීවිතයේ සැබෑ අද්දැකීම් වගේම චිත්‍ර යොදාගෙන ඒ වීඩියෝ එක හදලා තියෙන්නේ බයිබලය අධ්‍යයනය කරන එකෙන් ලැබෙන ප්‍රයෝජන ගැන පෙන්වන්නයි. දැනට භාෂා 450කට වැඩි ගණනකින් තියෙන ඒ වීඩියෝ එක නිකුත් කෙරුවේ 2013 නොවැම්බර් 18වෙනිදා. ඒ වීඩියෝ එක එදා ඉඳලා මේ දක්වා ඩවුන්ලෝඩ් කරලා තියෙන වාර ගණන මිලියන 4කට ආසන්නයි.

නිව් යෝර්ක්, බෘක්ලින්වල ලෝක මූලස්ථානයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශක ජේ. ආර්. බ්‍රවුන් පැහැදිලි කෙරුවේ මෙහෙමයි. “මේ වැඩසටහනට හවුල් වෙන්න අපි ගොඩක් ආසාවෙනුයි ඉන්නේ. ලෝකේ වටේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මිලියන අටක් විතර ඉන්නවා. අපි හැමෝම මේ වෙබ් අඩවිය ගැන අනිත් අයට කියන්න හවුල් වෙනවා. මේක අපි සංවිධානය කරපු වැඩසටහන් අතරින් ලොකුම වැඩසටහන වෙන්න ඉඩ තියෙනවා.”

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ජෙෆ්රි ජැක්සන් මෙහෙම කියනවා. “අවුරුදු දෙකකට කලින් jw.org වෙබ් අඩවිය පටන්ගත්ත දා ඉඳලා ලෝකේ පුරාම ඉන්න අය ඒකෙන් හුඟක් ප්‍රයෝජන අරන් තියෙනවා. මේ වෙබ් අඩවිය හරහා ඔයාලගේ දරුවන්ට උපකාර වෙන වීඩියෝ බලන්නත් පවුලේ හැමෝටම හොඳ මඟ පෙන්වීම් තියෙන ලිපි කියවන්නත් බයිබලය පවා ඔන් ලයින් කියවන්නත් පුළුවන්. හැකි තරම් සෙනඟකට jw.org වෙබ් අඩවියෙන් ප්‍රයෝජන ගන්න උදව් කරන්නයි අපිට ඕනේ. ඒ නිසයි මේ වගේ වැඩසටහනක් අපි දියත් කෙරුවේ.”

මාධ්‍ය ප්‍රකාශක:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000