යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත දත්ත රැකීම පිළිබඳ ප්‍රතිපත්තිය
ඕනෑම කෙනෙකුට තමන්ගේ පෞද්ගලික දත්ත රැකීමට තිබෙන අයිතියට ලෝක ව්‍යාප්ත යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ආගමික සංවිධානය (“ආගමික සංවිධානය”) ගරු කරනවා. සභාවේ ඉන්න එක් එක් කෙනාගේ ආගමික හා මානුෂික වැඩකටයුතු ඉටු කිරීම සහ ඔවුන්ගේ අවශ්‍යතා බලා කියාගැනීම සඳහා අවංකව අදහස් හුවමාරු කරගැනීමටත් පෞද්ගලික සහ රහසිගත දත්ත ලබාගැනීමටත් අවශ්‍ය බව ආගමික සංවිධානය දන්නවා. ඒ වගේම, රහසිගතභාවය උපරිම ලෙස ආරක්ෂා කිරීමෙත් එම තොරතුරු සුරක්ෂිතව රඳවා ගැනීමෙත් අවශ්‍යතාවය සංවිධානය දන්නවා. (හිතෝපදේශ 15:22; 25:9) රහසිගතභාවය රැකීම අපි ඉතාමත් ඉහළින් සලකනවා.—හිතෝපදේශ 20:19.
පෞද්ගලික දත්ත රැකගැනීම සඳහා බොහෝ රටවල් දත්ත රැකීමේ නීති පනවා තිබෙනවා. එවැනි නීති පැනවීමට කලින් සිටම මෙම ආගමික සංවිධානය ඇතුළු එහි ප්‍රාදේශීය ශාඛා කාර්යාල පෞද්ගලික දත්ත රැකීම සහ රහසිගතභාවය රැකීම සම්බන්ධයෙන් හොඳ නමක් දිනා සිටිනවා. මෙතෙක් කළා වගේ ඔබ ඇතුළත් කරන දත්ත දිගටම රැකගැනීමට මෙම ආගමික සංවිධානය වගබලා ගනියි.
දත්ත රැකීම ප්‍රතිපත්ති. මෙම ආගමික සංවිධානය සෑම පෞද්ගලික දත්තයක්ම හසුරුවන්නේ පහත සඳහන් ප්‍රතිපත්තිවලට එකඟවයි:
පෞද්ගලික දත්ත හසුරුවන්නේ සාධාරණ සහ නීත්‍යානුකූල විදිහටයි.
පෞද්ගලික දත්ත එක් රැස් කර, හසුරුවා, පාවිච්චි කරන්නේ මෙම සංවිධානයේ ආගමික සහ මානුෂික වැඩකටයුතු ඉටු කරගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට පමණයි.
අප තබාගන්නේ නිවැරදි මෙන්න අලුත්ම පෞද්ගලික දත්තයි. වැරදීම් තිබෙනවා නම් ආගමික සංවිධානය ඒ බව දැනගත් වහාම ඒවා නිවැරදි කරනවා.
පෞද්ගලික දත්ත තබාගන්නේ ආගමික සංවිධානය මගින් ඒ දත්ත නීත්‍යානුකූලව ඉල්ලා තිබෙන අරමුණ හෝ අරමුණු ඉටු වන තුරු පමණයි.
දත්ත යොමු කරන්නාගේ අයිතීන් රකින්න ගත යුතු පියවර ගන්නවා.
අනවසරයෙන් හෝ නීත්‍යානුකූල නොවන ආකාරයකට පෞද්ගලික දත්ත අනාවරණය කරගැනීමට වෑයම් කිරීමෙන් වැළැක්වීම සඳහා තාක්ෂණිකව හෝ සංවිධාන මට්ටමෙන් හෝ නිසි ක්‍රියාමාර්ග ගන්නවා. පරිගණකයේ තියෙන පෞද්ගලික දත්ත සියල්ලක්ම පාස්වර්ඩ් දමා ආරක්ෂා කර තිබෙනවා. ඒ පරිගණක පාවිච්චි කරන්න පුළුවන්කම තිබෙන්නේ පාස්වර්ඩ් තිබෙන අවසර ඇති අයට පමණයි. කාර්යාල වේලාවෙන් පසුව කාර්යාල වසා දමන අතර ඇතුල් වෙන්න පුළුවන් අවසර ලත් අයට පමණයි.
මෙම සංවිධානයේ ආගමික සහ මානුෂික අරමුණු ඉටු කරගැනීමට අවශ්‍ය වුණොත් හැර ශාඛා කාර්යාල අතර පෞද්ගලික දත්ත හුවමාරු කරගන්නේ නැහැ. සෑම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්ම ඒ සඳහා අවසර දී තිබෙන්නේ තමන්ගේම කැමැත්තෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වීමෙන් සහ තමන් එවැනි කෙනෙක් කියා හඳුන්වා දීම මගිනුයි.
පෞද්ගලික දත්ත භාවිතය පාලනය කෙරෙන මේ දත්ත රැකීමේ ප්‍රතිපත්තිවලට පදනම සපයන්නේ ‘දෙවිගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්’ යන පොතයි. මෙය ප්‍රචාරකයෙක් වන හැම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්ටම ලබා දෙනවා. වැඩි විස්තර සඳහා ‘දෙවිගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්’ යන පොත බලන්න.
පුද්ගලයෙක්ගේ පෞද්ගලික සහ රහසිගත දත්ත ආරක්ෂා කරගැනීමට, දත්ත නිවැරදි කරගැනීමට හෝ ඉවත් කිරීමට දත්ත සපයන්නාට අයිතියක් තිබුණත් එසේ කිරීමට අවසර ලැබෙන්නේ පෞද්ගලික දත්ත භාවිතය පිළිබඳව ලෝක ව්‍යාප්ත ප්‍රතිපත්තියේ ඔබේ අයිතීන් යන කොටසේ සඳහන් ලෙස යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පිළිවෙතට එකඟවයි.
ඉහත සඳහන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත දත්ත රැකීම පිළිබඳ ප්‍රතිපත්තියෙන් ලොව පුරා වෙසෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පෞද්ගලික දත්ත හසුරුවන ආකාරය සම්බන්ධයෙන් පදනම සපයයි.