බරපතළ අසනීපයක් දරාගන්නේ කොහොමද?
බයිබලයේ ඒ ගැන කියන දේ
තම විශ්වාසවන්ත සේවකයෙක් ‘අසනීපව යහනේ සිටින විට යෙහෝවා දෙවි ඔහුට පිළිසරණක් වෙනවා’ කියලා බයිබලේ කියනවා. (ගීතාවලිය 41:3) ඔයාත් බරපතළ අසනීපයකින් පෙළෙනවාද? එහෙමනම් ඒක දරාගන්න මේ දේවල් තුන ඔයාට උදව් වෙයි.
අසනීපය දරාගන්න දෙවිගෙන් උදව් ඉල්ලලා යාච්ඤා කරන්න. එහෙම කරද්දී කිසිම කෙනෙකුට වටහාගන්න බැරි තරම් සමාදානයක් දෙවියන් ඔයාට දෙයි. එතකොට ඔයාගේ අසනීපේ නිසා එන අභියෝගවලට නොසැලී මුහුණ දෙන්න ඔයාට පුළුවන්.—ෆිලිප්පි 4:6, 7.
හොඳ සිතුවිලිවලින් මනස පුරවගන්න. “ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයකි. නමුත් බිඳුණු සිතක් ඇට වියළවයි” කියලා බයිබලේ කියනවා. (හිතෝපදේශ 17:22) විහිළුතහළු කරලා සතුටින් ඉන්න උත්සාහ කරන්න. ඒකෙන් ඔයාගේ දුක තුනී වෙනවා විතරක් නෙමෙයි ඒක ඔයාගේ සෞඛ්‍යයටත් හොඳයි.
දෙවිගේ පොරොන්දු ගැන ඔයාගේ විශ්වාසය වැඩි කරගන්න. ඔයාට බරපතළ අසනීපයක් තිබුණත් ඔයාගේ සතුට නැති කරගන්නේ නැතුව ඉන්න එතකොට ඔයාට පුළුවන්. (රෝම 12:12) ‘කිසිවෙකුවත්, “මා ලෙඩින්” යයි පවසන්නේ නැති’ කාලයක් අනාගතේදී එනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. (යෙසායා 33:24) එදාට දෙවියන් බරපතළ අසනීප ඇතුළු හැම අසනීපයක්ම සුව කරනවා. වෛද්‍ය විද්‍යාවෙන් කරන්න බැරි දේවල් එදාට දෙවියන් කරනවා. උදාහරණෙකට, මහලු අබලදුබල අය ආපහු යෞවන, නිරෝගී අය වෙනවා. ඒ ගැන බයිබලේ තියෙන පොරොන්දුව මේකයි. “ඔහුගේ සම දරුවෙකුගේ සමට වඩා මෘදු වන්නේය. ඔහු නැවත තරුණ වියට පැමිණෙන්නේය.”—යෝබ් 33:25.
සැලකිල්ලට ගන්න: බරපතළ අසනීපයකින් පෙළෙද්දී යෙහෝවා දෙවිගෙන් ලැබෙන සහනය ගොඩක් වටිනවා. හැබැයි බරපතළ රෝගවලට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෛද්‍ය ප්‍රතිකාරත් ලබාගන්නවා. (මාක් 2:17) මොන වගේ ප්‍රතිකාර ලබාගන්න ඕනෙද කියලා අපි නිර්දේශ කරන්නේ නැහැ. ඒක කෙනෙක් ගන්න ඕන පෞද්ගලික තීරණයක්.