යොවුන් සිතේ ගැටලු
ගේම්ස් ගහන එක ගැන මං දැනගන්න ඕන මොනවාද?
ඔයා හිතන්නේ මොකක්ද?
ඇමරිකාවේ ඉලෙක්ට්‍රෝනික ක්‍රීඩා දසත පැතිරිලා. ඒක කෝටි ගණන් ලාභ ලබන ව්‍යාපාරයක් . . .
ගහන අයගේ සාමාන්‍ය වයස් මට්ටම මොකක්ද?
18
30
පිරිමි අය සහ ගෑනු අය කොයි තරම් සංඛ්‍යාවක් ගේම්ස් ගහනවාද?
පිරිමි සියයට 55යි, ගෑනු සියයට 45යි
පිරිමි සියයට 15යි, ගෑනු සියයට 85යි
මේ කණ්ඩායම් දෙකෙන් වැඩියෙන්ම ගේම්ස් ගහන්නේ කවුද?
18ක් හා ඊට වැඩි කාන්තාවන්
17ක් හා ඊට අඩු පිරිමි ළමයි
උත්තර (2013 තොරතුරුවලට අනුව):
B. 30
A. ගෑනු සියයට 45යි. ගේම්ස් ගහන අයගෙන් භාගයක්ම වගේ ගෑනු අය.
A. 18ක් හා ඊට වැඩි කාන්තාවන්. ගේම්ස් ගහන අයගෙන් සියයට 31ක් වයස අවුරුදු 18ක් හා ඊට වැඩි කාන්තාවන්. වයස අවුරුදු 17ක් හා ඊට අඩු පිරිමි ළමයි සියයට 19යි.
වැඩිපුරම ගේම්ස් ගහන්නේ කවුද කියලා ඔයාට ඒ තොරතුරුවලින් යම් අදහසක් ගන්න පුළුවන්. හැබැයි ගේම්ස්වලින් වෙන්නේ හොඳක්ද නරකක්ද කියලා ඒ තොරතුරුවලින් දැනගන්න ඔයාට බැහැ.
හොඳ පැත්ත
මේ අදහස්වලින් ඔයා එකඟ වෙන්නේ මොන ඒවාටද?
“ගේම්ස් ගහද්දී විනෝදයක් ලැබෙනවා විතරක් නෙමෙයි පවුලේ අය එක්කයි යාළුවෝ එක්කයි බැඳීමත් වැඩි වෙනවා.”—අයිරින්.
“ගේම්ස් ගහන එක ප්‍රශ්න ගැටලු අමතක කරන්න හොඳ ක්‍රමයක්.”—ඇනට්.
“ගේම්ස් ගහනකොට ඉක්මනින් ක්‍රියාත්මක වීමේ හැකියාව වැඩි වෙනවා.”—ක්රිස්ටොෆ.
“ගේම්ස්වලින් ගැටලු විසඳන්න ඉගෙනගන්න පුළුවන් වෙනවා.”—ඒමි.
“කල්පනා කරලා ගේම් එක ගහන්න ඕන නිසා හිතන්නත්, සැලසුම් කරන්නත්, උපක්‍රම යොදන්නත් ඉගෙනගන්නවා.”—ඇන්තනි.
“සමහර ගේම්ස් ගහද්දී යාළුවෝ එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුරුදු වෙනවා.”—තෝමස්.
“සමහර ගේම්ස්වලින් ව්‍යායාමයක් ලැබෙන නිසා ඇඟ හැඩට තියාගන්න පුළුවන්.”—ජෙයල්.
මේ අදහස්වලින් ඔයා එකඟ වෙන්නේ කීපයකටද? නැත්නම් හැම එකකටමද? මනසට වගේම ශරීරයටත් ව්‍යායාමයක් ලැබෙන වීඩියෝ ගේම්ස් තියෙනවා. සමහර ගේම්ස් ගහන්නේ කාලය ගෙවාගන්න හරි නැත්නම් ඇනට් කියපු විදිහට “ප්‍රශ්න අමතක කරන්න” හරි වෙන්න පුළුවන්. එහෙම කරන එක හැම වෙලාවෙම වැරදි නැහැ.
● විනෝද වෙන්න වගේම “අහස යට සිදු වන සෑම දෙයකටම නියමිත කාලයක්” තියෙනවා කියලා බයිබලයේ කියනවා.—දේශනාකාරයා 3:1-4.
නරක පැත්ත
ඒ ගේම්ස් ඔයාගේ කාලය සොරාගන්නවාද?
“ගේම්ස් ගහන්න ගත්තාම මට නවත්තන්න හිතෙන්නේ නෑ. ‘තව ටිකයි! තව ටිකයි’ කියලා ගේම් එක ගහනවා. දන්නෙම නැතුව කාලය ඉගිලිලා ගිහින්. පැය ගාණක් කාලය නාස්ති වෙලා කියලා තේරෙන්නේ පස්සේ.”—ඇනට්.
“කාලය කා දමන්න වීඩියෝ ගේම්ස්වලට පුළුවන්. පැය ගණන් ගේම්ස් ගහලා ගේම්ස් 5ක් විතර දිනුවම ලොකු දෙයක් කරා කියලා හිතෙනවා. ඒත් ඇත්තටම කිසිම දෙයක් කෙරිලා නෑ.”—සෙරීනා.
මේක මතක තියාගන්න: ඔයාගේ සල්ලි නැති වුණොත් ඔයාට ආපහු ඒ සල්ලි හොයාගන්න පුළුවන්. ඒත් කාලය ගියොත් ගියාමයි. ඒක ආපහු ලබාගන්න බැහැ. ඒ කියන්නේ සල්ලිවලට වඩා කාලය වටිනවා කියන එකයි. ඒ නිසා කාලය සොරාගන්න කොයිම දේකටවත් ඉඩ දෙන්න එපා.
● බයිබලේ දෙන උපදෙස: “ඥානවන්තව කටයුතු කරන්න. ඔබට තිබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න.”—කොලොස්සි 4:5.
ඔයාගේ සිතුවිලිවලට ගේම්ස් බලපානවාද?
“බරපතළ අපරාධයක් කළොත් සාමාන්‍යයෙන් සිරදඬුවමක් හරි මරණ දණ්ඩනය හරි නියම වෙනවා. ඒත් වීඩියෝ ගේම්ස් ගහන කෙනෙක් කිසිම ගාණක් නැතුව ඒ වගේ අපරාධ කරනවා.”—සෙත්.
“හුඟක් ගේම්ස් දිනන්න නම් සතුරාව පරාජය කරන්න ඕනේ. ඒ කියන්නේ මොන ක්‍රමයකින් හරි සතුරාට දරුණු විදිහට පහර දීලා මරලා දාන්න ඕනේ.”—ඇනට්.
“ගේම්ස් ගහද්දී යාළුවන්ට කියන සමහර දේවල් හිතාගන්නවත් බෑ. ‘මං ඔයාව මරනවා!’ වගේ දේවල් කියවෙනවා.”—නේතන්.
මේක මතක තියාගන්න: දෙවියන් පිළිකුල් කරන සැහැසියාව, ලිංගික දුරාචාරය හා භූතවාදය වගේ දේවල් තියෙන ගේම්ස් ගහන එකෙන් වළකින්න.—ගලාති 5:19-21; එෆීස 5:10; 1 යොහන් 2:15, 16.
● යෙහෝවා දෙවියන් සැහැසිකකම් කරන අයට විතරක් නෙමෙයි ‘සැහැසියාවට කැමැත්තක් දක්වන අයටත් ද්වේෂ කරනවා’ කියලා බයිබලයේ කියනවා. (ගීතාවලිය 11:5) ඔයා තෝරගන්න ගේම්ස්වලින් අනාගතයේදී ඔයා මොන වගේ කෙනෙක් වෙයිද කියලා කියන්න බැරි වුණත් ඔයා දැන් මොන වගේ කෙනෙක්ද කියලා යම් දුරකට කියන්න පුළුවන් වෙයි.
හිතන්න දෙයක්: එක පොතක (Getting to Calm) කියන්නේ මෙහෙමයි. “රූපවාහිනියෙන් සැහැසියාව ඇතුළත් චිත්‍රපටියක් බලනවාට වඩා සැහැසියාව ඇතුළත් වීඩියෝ ගේම්ස්, කෙනෙක්ගේ හැසිරීමට ලොකු බලපෑමක් කරනවා. වීඩියෝ ගේම් එකක් ගහද්දී ළමයෙක් නිකම්ම දරුණු වැඩ කරන වීරයෙක් දිහා බලාගෙන ඉන්නවා නෙමෙයි. එයාමයි වීරයා වෙන්නේ. ඒ වගේ ගේම් එකකින් ළමයා ඉගෙනගන්නේ දරුණු වැඩ කරන්නයි.”—යෙසායා 2:4 බලන්න.
ඇත්ත තත්වය
හුඟක් යෞවන අය ගේම්ස් ගහන එක ගැන කල්පනාකාරී වෙන්න ඉගෙනගෙන තියෙනවා. මේ දෙන්නා කියන දේ බලන්න.
“මං රෑ ජාමේ වෙනකම්ම ගේම්ස් ගැහුවා. පැය 5ක් නිදාගන්න තිබුණොත් ඇති කියලා හිතුවා. ඒත් මම දැන් දන්නවා ඒක පාලනය කරන්න. මම දැන් හිතන්නේ ඒක ඉඳලා හිටලා විනෝදෙට කරන්න පුළුවන් දෙයක් කියලයි. ඒත් හැම දෙයක්ම කරන්න ඕන සීමාවක් ඇතුවයි.”—ජෝසෆ්.
“මම දැන් ගේම්ස් ගහන එක අඩු කරලා තියෙන නිසා ගොඩක් දේවල් කරන්න වෙලාව තියෙනවා. වැඩිපුර සේවයේ යන්නත් සභාවේ අනිත් අයට උදව් කරන්නත් වෙලාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි පියානෝ එක ගහන්නත් දැන් මං ඉගෙනගන්නවා. කොච්චර නම් දේවල් තියෙනවාද කරන්න!”—ඩේවිඩ්.
● දැනුම් තේරුම් ඇතුව වැඩ කරන අය “සීමාව දැනගෙන කටයුතු” කරනවා කියලා බයිබලයේ කියනවා. (1 තිමෝති 3:2, 11) ඒ අය විනෝදෙට යම් දේවල් කළත් ඒවා නතර කරන්න ඕන කොයි වෙලාවෙද කියලා දන්නවා. ඒ වගේම තමන්වම පාලනය කරගන්නත් ඒ අයට පුළුවන්.—එෆීස 5:10.
මේක මතක තියාගන්න: කල්පනාකාරීව කරනවා නම් ගේම්ස් ගහන එක විනෝදයක් ලබන්න පුළුවන් හොඳ දෙයක්. ඒත් ඔයාගේ කාලය හොරාගන්නවත් ජීවිතේ වැදගත් දේවලට දෙන්න ඕන අවධානය වෙන පැත්තකට යොමු කරවන්නවත් ගේම්ස්වලට ඉඩ දෙන්න එපා. ගේම්ස් ගහලා දිනන එකට ඔයාගේ මුළු අවධානය යොමු කරනවාට වඩා ඔයාගේ ජීවිතේ ඉලක්ක අත් කරගන්නේ කොහොමද කියලා හිතලා බලන එක ප්‍රයෝජනවත් නැද්ද?