යොවුන් සිතේ ගැටලු
ඇයි මට මාවම කපාගන්න හිතෙන්නේ?
සමහරු ඒක කරගන්නේ කොහොමද?
තමන්ටම තුවාල කරගන්න අය හුඟක් වෙලාවට කරන්නේ මොකක් හරි දේකින් එයාලගේ ශරීරය කපාගන්න එකයි. හැබැයි තමන්වම පුච්චගන්න අයත්, තමන්ටම ගහගෙන තුවාල කරගන්න අයත් ඉන්නවා. මේ ලිපියේ මූලිකවම කතා කරන්නේ කපාගන්න එක ගැන වුණත් මේකේ තියෙන තොරතුරු ඕනම විදිහකින් තමන්ටම තුවාල කරගන්න අයට අදාළයි.
හරිද වැරදිද කියලා ලකුණු කරන්න.
තමන්වම කපාගන්න පුරුද්ද තියෙන්නේ ගෑනු ළමයි අතරයි.
“ඔබේ ශරීරය කපා නොගන්න” කියලා ලෙවී කතාව 19:28 තියෙන නිසා කෙනෙක් එයාගේ ඇඟ කපාගන්නවා නම් එයා ඒ ආඥාව කඩ කරනවා.
හරි උත්තර:
වැරදියි. තමන්වම කපාගන්න පුරුද්ද වැඩිපුර තියෙන්නේ ගෑනු ළමයි අතරේ කියලා පේන්න තිබුණත් ඒ පුරුද්ද තියෙන පිරිමි ළමයිනුත් ඉන්නවා. එයාලා කපාගෙන හරි වෙන වෙන විදිවලින් හරි එයාලටම තුවාල කරගන්නවා.
වැරදියි. ලෙවී කතාව 19:28 සඳහන්වෙන්නේ බොරු දෙවිවරුන් අදහපු අය ඉස්සර කාලේ කරපු චාරිත්රයක් ගැනයි. ඒ නිසා හිතේ වේදනාව නැති කරගන්න ඇඟ කපාගන්න එකට ඒක අදාළ වෙන්නේ නැහැ. ඒත් ඒබයිබල් පදෙන් අපිට වැදගත් කාරණයක් තේරුම්ගන්න පුළුවන්. ඒ තමයි අපි මොන විදිහකින් හරි අපිවම තුවාල කරගන්නවට අපිව නිර්මාණය කරපු යෙහෝවා දෙවියන් කැමති නැහැ කියන එක.—1 කොරින්ති 6:12; 2 කොරින්ති 7:1; 1 යොහන් 4:8.
එහෙම කරගන්නේ ඇයි?
මේකෙන් හරි අදහස කෝකද?
සමහරු එයාලවම කපාගන්නේ . . .
දුක, කලකිරීම හා කේන්තිය නැති කරගන්නයි.
සිය දිවි හානි කරගන්න හිතාගෙනයි.
හරි උත්තරේ: අ. හුඟක් අය තමන්වම කපාගන්නේ දිවි නහගන්න හිතාගෙන නෙමෙයි. එයාලට ඕන දුක, කලකිරීම හා කේන්තිය නැති කරගන්නයි.
තමන්වම කපාගන්න පුරුදු වෙලා හිටිය යෞවනයන් කිහිපදෙනෙකුගේ අදහස්.
සීල්යා: “ඒකෙන් මට පොඩි සහනයක් ලැබුණා.”
ටමාරා: “හිතට දැනෙන වේදනාවට වඩා ඇඟ කපාගත්තම දැනෙන වේදනාව හොඳයි කියලා මට තේරුණා. ඒ නිසා දුක නැති කරගන්න මම මාවම කපාගත්තා.”
කෙරී: “මම දුකෙන් ඉන්න ආස නැහැ. දුකෙන් ඉන්න වෙලාවට මාවම කපාගත්තම මට දැනෙන්නේ තුවාලේ කැක්කුම විතරයි. එතකොට මගේ හිතේ දුක දැනෙන්නේ නැතුව යනවා.”
ජෙරීන්: “මං මාවම කපාගනිද්දී ඒ වෙලාවට මගේ ප්රශ්න මට අමතක වෙලා යනවා.”
ඔයාත් ඒක කරන්න පුරුදු වෙලා ඉන්නවා නම් ඒකෙන් ගොඩ එන්නේ කොහොමද?
යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා උදව් ඉල්ලුවොත් ඒ පුරුද්ද අත්හරින්න පුළුවන් වෙයි. දෙවියන් “ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න” කියලා බයිබලයේ සඳහන් වෙනවා.—1 පේතෘස් 5:7.
මෙහෙම කරලා බලන්න: “පියාණෙනි මට උදව් කරන්න” කියලා යෙහෝවා දෙවියන්ට කෙටියෙන් යාච්ඤා කරන්න මුලින් පුරුදු වෙන්න. කාලයක් යද්දී ඔයාට පුළුවන් වෙයි “සියලු සැනසිල්ලේ දෙවි” වන යෙහෝවාට ඔයාගේ හිතේ තියෙන හැම දෙයක් ගැනම කියන්න.—2 කොරින්ති 1:3, 4.
දෙවියන්ට යාච්ඤා කිරීම නිකම්ම හිත සුව පිණිස කරන දෙයක් නෙමෙයි. යාච්ඤාව කියන්නේ අපිව නිර්මාණය කරපු දෙවි පියාණන් එක්ක කතාබහ කරන එකයි. “ඔබට පිහිට වන්නෙමි. ධර්මිෂ්ඨකම නමැති මාගේ දකුණතින් ඔබව තදින් අල්ලාගන්නෙමි” කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙන්නේ ඒ නිසයි.—යෙසායා 41:10.
තමන්වම කපාගන්න පුරුද්ද තිබුණු සමහර අයට ඒකෙන් ගොඩ එන්න උදව් වුණු තවත් දෙයක් තමයි අම්මා හරි තාත්තා හරි එක්ක ඒ ගැන කතා කරන එක. නැත්නම් විශ්වාසවන්ත වැඩිහිටියෙක් එක්ක ඒ ගැන කතා කරන එක. ඒ දේ කරපු යෞවනයන් තුන්දෙනෙකුගේ අදහස් දැන් අපි බලමු.
මේ ගැන හිතුවද?
ඔයාගේ ප්රශ්නේ ගැන කාට හරි කියලා උදව් ඉල්ලන්න ඕන කියලා හිතුණොත් ඔයා ඒක කියන්නේ කාටද?
ඔයාගේ ප්රශ්නේ ගැන දෙවියන්ට යාච්ඤාවෙන් කියන්න පුළුවන් මොන වගේ දේවල්ද?
ඔයාටම රිද්දවගන්නේ නැතුව හිතට දැනෙන දුක, කලකිරීම, පීඩනය නැති කරගන්න, කරන්න පුළුවන් දේවල් දෙකක් මොනවද?