ජීවිත වෙනස් කළ පොතක්
“බලාපොරොත්තු වුණ හැම දේම ලැබුණා කියලා මට හිතුණා”
ඉපදුණ අවුරුද්ද: 1962
රට: කැනඩාව
අතීතයේදී: අනාචාර ජීවිතයක් ගත කරපු කෙනෙක්
මගේ අතීතය
මම ඉපදුණේ කැනඩාවේ ක්විබෙක් පළාතේ මොන්ට්‍රියල්වල. ඒක තමයි ඒ පැත්තේ තියෙන ලොකුම නගරය. මට ඉන්නේ අක්කයි මල්ලිලා දෙන්නයි. අපි පුංචි කාලේ මගේ අක්කාවයි මල්ලිලා දෙන්නාවයි මාවයි අපේ අම්මායි තාත්තායි හරිම ආදරෙන් බලාගත්තා. අපේ ගෙවල් තිබුණ පැත්තට කියන්නේ රෝස්මන්ට් කියලා. ඒක හරි නිස්කලංක පැත්තක්. අපි හිටියේ හරිම සතුටින්, සැහැල්ලුවෙන්.
පොඩි කාලේ මං බයිබලේ කියවන්න හරි ආසයි. මට මතකයි මට අවුරුදු 12ක් විතර කාලේ අලුත් ගිවිසුමේ යේසුස් ගැන තියෙන දේවල් මං හරිම ආසාවෙන් කියෙව්වා. යේසුස් අනිත් අයට ආදරේ කරපු විදිහ, අනුකම්පාව පෙන්නපු විදිහ මගේ හිතට තදින්ම වැදුණා. මටත් ඕනෙ වුණේ යේසුස් වගේ වන්න. ඒත් කාලයත් එක්කම මං නරක ආශ්‍රයට වැටුණ නිසා මට තිබුණ ඒ ආසාව ටිකෙන් ටික නැති වුණා.
මගේ තාත්තා සැක්සෆෝන් වාදකයෙක්. තාත්තාගේ ඒ ආභාසය නිසා මං සංගීතයට පුදුම විදිහට ආදරේ කරන්න පටන්ගත්තා. අන්තිමට තාත්තාගේ සැක්සෆෝන් එකත් හම්බ වුණේ මට. මං ජීවිතේ මුල් තැන දුන්නේ සංගීතයට. ඒකට මං කොච්චර ආස කළාද කියනවා නම් මං ගිටාර් එක ගහන්නත් ඉගෙනගත්තා. වැඩි කල් යන්න කලින් මමයි යාළුවෝ කීපදෙනෙකුයි එකතු වෙලා බෑන්ඩ් එකක් පටන්ගත්තා. අපි කිව්වේ රොක් සින්දු. ඒ කාලේ අපි ප්‍රසංග කීපයකටම සහභාගි වුණා. සංගීත ක්ෂේත්රයේ නම් දරාපු නිෂ්පාදකවරු අපි සින්දු කියනවා දැකලා දවසක් මං ළඟට ඇවිත් ඇහුවා එයාලත් එක්ක කන්ට්‍රැක්ට් එකකට අත්සන් කරන්න කැමතියිද කියලා. ඉතිං මං ලොකු සමාගමක කන්ට්‍රැක්ට් එකකට අත්සන් කළා. මිනිස්සු මගේ සින්දුවලට කොච්චර ආස වුණාද කියනවා නම් ක්විබෙක්වල රේඩියෝ චැනල්ස්වල ඒවා නිතරම අහන්න ලැබුණා.
බලාපොරොත්තු වුණ හැම දේම ලැබුණා කියලා මට හිතුණා. මං තරුණයි. මාව නොදන්න කෙනෙක් නැති තරම්. අනිත් එක මං ආසම දේ තමයි මගේ ජොබ් එක වුණෙත්. ඒකෙන් මං පුදුම සල්ලි ගොඩක් හම්බ කළේ. දවල් වරුවේ මං ජිම් එකට යනවා, මාධ්‍ය සාකච්ඡාවලට යනවා, මගේ රසිකයන්ගේ ඔටෝග්රාෆ්වලට අත්සන් කරනවා. එහෙම නැත්නම් TV එකේ වැඩසටහන්වලට සහභාගි වෙනවා. රෑට මං ප්‍රසංගවලට යනවා. හැම දාම ඉතින් පාටි තමයි. ප්‍රසංගවලට ලොකු සෙනඟක් එන නිසා ස්ටේජ් එකට නැග්ගාම බය හිතෙනවා. ඒ නිසා පොඩි කාලෙ ඉඳන්ම මං මත් පැන් බොන්න පටන්ගත්තා. පස්සේ මත්ද්‍රව්‍ය ගන්නත් පුරුදු වුණා. ඉවසීම කියන දේ මට තිබුණේවත් නැහැ. ඒ විතරක් නෙමෙයි මං අනාචාරයෙත් යෙදුණා. හරිම නරක ජීවිතයක් මං ගත කළේ.
මට කිසි ප්‍රශ්නයක් නැහැ, මං හරිම සතුටින් ඉන්නවා වගෙයි අනිත් අයට පෙනුණේ. සමහරු මට ඊරිසියාත් කළා. ඒත් මට මගේ ජීවිතේ පුදුම හිස්කමක්, නොසන්සුන්කමක්, කලකිරීමක් දැනුණා. මං තනියෙන් ඉන්න වෙලාවට තමයි ඒක තදින්ම දැනුණේ. මං සංගීත ක්ෂේත්රයේ හිනිපෙත්තටම නැගලා හිටපු කාලෙක මගේ නිෂ්පාදකවරු දෙන්නෙක්ම ඒඩ්ස් හැදිලා මැරුණා. ඒ ගැන හිතද්දී නිකං මාව හෙල්ලිලා ගියා වගේ දැනුණා. මං සංගීතයට පුදුම විදිහට ආදරේ කළත් සංගීතය නිසා මං ගත කරපු ජීවිතේ ගැන මට තිබුණේ අප්පිරියාවක්.
මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි
මට ජීවිතේ කිසිම දේකින් අඩුපාඩුවක් තිබ්බේ නැති වුණත් සමාජයේ වෙන දේවල් ගැන මට තිබුණේ කලකිරීමක්. ‘ඇයි මිනිසුන්ට මෙච්චර අසාධාරණකම් වෙන්නේ, ඇයි දෙවියන් මේවා දැක දැකත් මුකුත් පියවරක් ගන්නේ නැත්තේ’ කියලා මං කල්පනා කළා. ඒ ගැන කියලා මං දෙවියන්ට යාච්ඤා කළා. නිවාඩුවක් ලැබුණ වෙලාවක මං ආයෙත් බයිබලේ කියවන්නත් පටන්ගත්තා. කියවපු දේවල් හුඟක් මට තේරුණේ නැහැ. ඒත් ලෝක විනාශයක් නම් අත ළඟම එනවා කියලා මට තේරුණා.
බයිබලේ කිවද්දී මං දැක්කා වතාවක් යේසුස් දවස් 40ක් පුරා මුකුත්ම කන්නේ බොනේනේ නැතුව පාළුකරයේ හිටියා කියලා. (මතෙව් 4:1, 2) මාත් ඒ වගේ දෙයක් කළොත් දෙවියන් මං අහපු ප්‍රශ්නවලටත් උත්තර දෙයි කියලා හිතලා මං වැඩේ පටන්ගන්න දිනයක් දාගත්තා. ඒ දිනේට සති දෙකකට කලින් සාක්ෂිකරුවන් දෙන්නෙක් අපේ දොරට තට්ටු කළා. මං එයාලාට ගේ ඇතුළට එන්න කිව්වේ හරියට එයාලා එනකල් මං බලාගෙන හිටියා වගේ. එක් කෙනෙක්ගේ නම ෂාක්. “විනාශයක් අත ළඟම එනවද නැද්ද කියලා අපි කොහොමද හරියමට දැනගන්නේ” කියලා මං එයාගෙන් කෙලින්ම ඇහුවා. ඒ වෙලාවේ එයා 2 තිමෝති 3:1-5 දක්වා තියෙන තොරතුරු මට කියවලා පෙන්නුවා. එතනින් එහාට මං එයාලා දෙන්නාගෙන් ප්‍රශ්න වැලක් ඇහුවා. ඒ හැම එකකටම එයාලා බයිබල් පදවලින් හරිම තර්කානුකූල විදිහට දුන්න උත්තරවලින් මං සෑහීමට පත් වුණා. එයාලා සැරයක් දෙකක් ඇවිල්ලා මට ඒ විදිහට දේවල් තේරුම් කරලා දුන්නාට පස්සේ නිරාහාරව ඉන්න එකේ තේරුමක් නැහැ කියලා මට තේරුණා.
මං දිගටම සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කළා. වවාගෙන හිටපු කොන්ඩේ කපලා මං රැස්වීම්වලටත් යන්න පටන්ගත්තා. සභාවේ අය මාව පිළිගත්තේ හරිම ආදරෙන්. මං සත්‍යය හොයාගත්තා කියලා අන්තිමේදී මට තේරුණා.
ජීවිතේ ලොකු වෙනස්කම් කරගන්න ඕනෙ කියලා බයිබලේ ඉගෙනගද්දී මට තේරුණා. බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න නම් මං මත්ද්‍රව්‍ය ගන්න එකයි අනාචාරයේ යෙදෙන එකයි නවත්තන්න ඕනේ. මං ගැනම විතරක් හිතන එක නවත්තලා අනිත් අය ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කාලේ මගේ දරුවෝ දෙන්නාව මං බලාගත්තේ තනියෙම. ඉතිං එයාලා හිතන පතන විදිහ තේරුම් අරන් දෙවියන්ට ළං වෙන්න එයාලාට උදව් කරන්න ඕනේ. සංගීත ක්ෂේත්රයේ ඉන්න ගමන් ඒ දේවල් කරන්න බැහැ. ඒ නිසා මං සංගීතයට ආයුබෝවන් කියලා කර්මාන්ත ශාලාවක පොඩි ජොබ් එකකට ගියා.
ජීවිතේ වෙනස් කරගන්න එක හිතපු තරම් ලේසි වුණේ නැහැ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටපු නිසා ඒක නැවැත්තුවාම මගේ ඇඟට ඒක ඔරොත්තු දුන්නේ නෑ. ඒක කොච්චර අමාරු වුණාද කියනවා නම් මං කීප සැරයක්ම ආයෙත් ඒ උගුලට වැටුණා. (රෝම 7:19, 21-24) අනාචාරයේ යෙදෙන එක නවත්තන එකත් මට ලොකු අභියෝගයක් වුණා. මං වැඩ ඇරිලා ගෙදර එන්නේ හෙම්බත් වෙලා. ඒ මදිවට පඩියත් සොච්චමයි. සින්දු කියපු කාලේ පැය දෙකකින් හොයපු මුදල හොයන්න කර්මාන්ත ශාලාවේ මාස 3ක් වැඩ කරන්න වුණා.
ඒ වෙනස්කම් එක්ක ජීවිතේ ලේසි වුණේ නැහැ. ඒත් හැම දේම දරාගෙන දෙවිට ළැදිව ඉන්න නිතිපතා යාච්ඤා කරන එක මට උදව් වුණා. හැම දවසකම බයිබලේ කියවන එකත් හරිම වැදගත්. සමහර බයිබල් පද මට ලොකු හයියක් වුණා. උදාහරණෙකට 2 කොරින්ති 7:1 කියනවා “අපගේ මනස සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු” කියලා. නරක පුරුදු අතෑරලා දාන එක කරන්න බැරි දෙයක් නෙමෙයි කියලා මට තහවුරු කරපු තවත් බයිබල් පදයක් තමයි ෆිලිප්පි 4:13. එතන කියනවා “මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ” කියලා. යෙහෝවා දෙවි මගේ යාච්ඤාවලට උත්තර දුන්නා. බයිබලේ තියෙන දේවල් තේරුම්ගන්නයි ඒවා ජීවිතේට අදාළ කරගන්නයි මට උදව් කළා. ඒ නිසා මං තීරණය කළා මගේ ජීවිතේ යෙහෝවා දෙවිට කැප කරන්න. (1 පේතෘස් 4:1, 2) 1997දී මං බව්තීස්ම වුණා.
මං දැන් අද්දකින ආශීර්වාද
මගේ ජීවිතේ වෙනස් කරගත්තේ නැත්නම් මේ වෙනකොට මං මැරිලා. ඒත් අද මං ඉන්නේ හරිම සතුටින්. මගේ ආදරණීය බිරිඳ මට යෙහෝවා දෙවිගෙන් ලැබුණ ආශීර්වාදයක්. එයාගේ නම එල්වි. අපි දෙන්නා අපේ සම්පූර්ණ කාලය යොදවන්නේ බයිබලේ තියෙන දේවල් අනිත් අයට කියලා දෙන එක වෙනුවෙන්. ඇත්තටම ඒක පුදුම අද්දැකීමක්. පුදුම තෘප්තියක් අපි අද්දකින්නේ. මාව ඔහුගේ තුරුළට ගත්ත එක ගැන මං යෙහෝවා දෙවිට හුඟක් ණයගැතියි.—යොහන් 6:44.