Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔවුන්ට එල්ල වෙන හැම චෝදනාවකටම උත්තර දෙන්නේ නැත්තේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔවුන්ට එල්ල වෙන හැම චෝදනාවකටම උත්තර දෙන්නේ නැත්තේ ඇයි?

 “සමච්චල් කරන්නාට දැනමුතුකම් දීමට උත්සාහ කරන තැනැත්තා තමාවම අගෞරවයට පත් කරගනියි” කියලා බයිබලයේ තියෙනවා. (හිතෝපදේශ 9:7, 8; 26:4) ඒ උපදෙසටත් බයිබලයේ තියෙන ඒ වගේ තවත් උපදෙස්වලටත් කීකරු වෙන නිසයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලට විරුද්ධව බොරු චෝදනා නඟන, සමච්චල් කරන හැමෝටම උත්තර දෙන්නේ නැත්තේ. බොරු චෝදනා එල්ල වෙද්දී ඒවාට උත්තර දෙන එක ගැන අනවශ්‍ය විදිහට කරදර වෙලා රණ්ඩුවලට පැටලෙනවා වෙනුවට අපි උත්සාහ කරන්නේ හැම වෙලාවෙම දෙවියන්ව ප්‍රශංසාවට පත් කරන්නයි.—ගීතාවලිය 119:69.

 ‘නිහඬව ඉන්න කාලයකුත් කතා කරන්න කාලයකුත්’ තියෙනවා කියලා බයිබලයේ කියනවා. (දේශනාකාරයා 3:7) ඒ නිසා අවංකවම තොරතුරු දැනගන්න ආස අය අහන ප්‍රශ්නවලට අපි උත්තර දුන්නත් කිසිම තේරුමක් නැති බොරු තර්ක විතර්කවලට අපි පැටලෙන්නේ නැහැ. ඒ ගැන යේසුස් වගේම මුල් සියවසේ හිටිය ක්‍රිස්තියානීන් අපිට හොඳ ආදර්ශයක් තියලා තියෙනවා.

  •   ආණ්ඩුකාරයෙක් වුණු පිලාත් ඉදිරියේ බොරු චෝදනා නඟද්දී යේසුස් ඒවාට උත්තර දුන්නේ නැහැ. (මතෙව් 27:11-14; 1 පේතෘස් 2:21-23) කෑදර, වයින් බොන්න ඇබ්බැහි වුණු කෙනෙක් කියලා ඔහුට චෝදනා කරද්දීත් යේසුස් කිසිම දෙයක් කිව්වේ නැහැ. ඒ වෙනුවට තමන් ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියන එක ඔහු ක්‍රියා කරන විදිහෙන්ම තේරුම්ගන්න ඉඩහැරියා. ඒ දේ, ‘ප්‍රඥාවන්තයෙක් ධර්මිෂ්ඨයි කියා ඔප්පු වන්නේ ඔහු කරන ක්‍රියාවලිනුයි’ කියලා බයිබලයේ තියෙන දේට එකඟයි. (මතෙව් 11:19, පාදසටහන) කොහොමවුණත් කතා කරන්න ඕන අවස්ථාවලදී ඔහු බය නැතුව කතා කළා.—මතෙව් 15:1-3; මාක් 3:22-30.

     බොරු චෝදනා එල්ල වෙද්දී අධෛර්යය වෙන්න එපා කියලා අනුගාමිකයන්ව දිරිගන්වමින් යේසුස් මෙහෙම කිව්වා. “මා නිසා මිනිසුන් ඔබට නින්දා පීඩා කළත් ඔබට විරුද්ධව බොරු චෝදනා නැඟුවත් සියලු ආකාර දුෂ්ට දේ පැවසුවත් ඔබ සන්තෝෂවත් බව මතක තබාගන්න.” (මතෙව් 5:11, 12) හැබැයි බොරු චෝදනා එල්ල වෙද්දී හොඳ සාක්ෂියක් දරන්න අවස්ථාවක් ලැබුණොත් ඒ දේ කරන්න කියලා දිරිගන්වමින් යේසුස් මේ පොරොන්දුව දුන්නා. “ඒ අවස්ථාවේදී මම ඔබට ප්‍රඥාවන්තව කතා කරන්න හැකියාව ලබා දෙනවා. ඒ නිසා ඔබ පවසන දේවලට විරුද්ධව දේවල් කියන්න ඔබට විරුද්ධව නැඟී සිටින අයට කොහොමටවත් බැරි වෙයි.”—ලූක් 21:12-15.

  •   විරුද්ධකාරයන් බොරු චෝදනා නඟද්දී ඒ ගැන තර්ක කරන එක යේසුස්ගේ නියෝජිතයෙක් වුණු පාවුල් හැඳින්නුවේ ‘කිසි ප්‍රයෝජනයක් නැති පුහු දෙයක්’ විදිහට. ඒ වගේ දේවලින් වළකින්න කියලා ඔහු ක්‍රිස්තියානීන්ව දිරිගැන්නුවා.—තීතස් 3:9; රෝම 16:17, 18.

  •   පුළුවන් හැම අවස්ථාවකදීම තමන් විශ්වාස කරන දේ ගැන කියන්න කියලා යේසුස්ගේ නියෝජිතයෙක් වුණු පේතෘස් ක්‍රිස්තියානීන්ව දිරිගැන්නුවා. (1 පේතෘස් 3:15) වචනවලට වඩා ක්‍රියාවෙන් ඒ දේ කරන එක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ කියලා තේරුම් අරන් හිටිය ඔහු මෙහෙමත් කිව්වා. ‘ඔබ කරන යහපත් දේවල් මගින් අඥානකමින් දේවල් පවසන අසාධාරණ මිනිසුන්ව නිහඬ කරන්න.’—1 පේතෘස් 2:12-15.