Skip to content

බෙතෙල් ටුවර්

අපේ ශාඛා කාර්යාල නරඹන්න එන්න කියලා අපි ඔයාලට ආදරයෙන් ආරාධනා කරන්න කැමතියි. සාමාන්‍යයෙන් ඒවා හඳුන්වන්නේ බෙතෙල් කියලා. සමහර ශාඛා කාර්යාලවල මඟ පෙන්වන්නෙක් නැතුව නරඹන්න පුළුවන් ප්‍රදර්ශන ශාලා තියෙනවා.

ටුවර්ස් ආයේ පටන්ගත්තා: 2023 ජූනි 1වෙනිදා ගොඩක් රටවල්වල තියෙන අපේ ශාඛා කාර්යාලවල ටුවර් ආයෙත් පටන්ගන්නවා. වැඩි විස්තර දැනගන්න ඔයා ටුවර් එකක් යන්න කැමති ශාඛා කාර්යාලය අමතන්න. ඔයාට කෝවිඩ් පොසිටිව් කියලා දැනගන්න ලැබුණොත් එහෙමත් නැත්නම් සෙම්ප්‍රතිශ්‍යාව, උණ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් එහෙමත් නැත්නම් මෑතකදී කෝවිඩ් පොසිටිව් වුණ කෙනෙක්ව ඇසුරු කරලා තියෙනවා නම් ටුවර් එක එන්න එපා කියලා කාරුණිකව ඉල්ලන්න කැමතියි.

ඇමරිකා එක්සත් ජනපදය

 කාර්යාල නැරඹිය හැකි ආකාරය ගැන තොරතුරු

වෙලාවක් වෙන් කරගන්න - 20කට වඩා අඩුයි

වෙලාවක් වෙන් කරගන්න - 20ක් හෝ 20ට වඩා වැඩියි

බලන්න හෝ වෙලාව වෙනස් කරන්න

කාර්යාලය ගැන විස්තර ඩවුන්ලෝඩ් කරන්න - වෝර්වික්

කාර්යාලය ගැන විස්තර ඩවුන්ලෝඩ් කරන්න - පැටර්සන්

කාර්යාලය ගැන විස්තර ඩවුන්ලෝඩ් කරන්න - වෝල්කිල්

 ප්‍රදර්ශන කුටි

වෝර්වික්වල තියෙන මඟ පෙන්වන්නෙක් නැතුව නරඹන්න පුළුවන් ප්‍රදර්ශන ශාලා

බයිබලය සහ දෙවියන්ගේ නම. මේ ප්‍රදර්ශන ශාලාවෙන් දුර්ලභ ගණයේ බයිබල් සහ තවත් දේවල් දැකගන්න පුළුවන්. ඒ බයිබල්වලින් දෙවියන්ගේ නම අයින් කරන්න දරපු උත්සාහය අසාර්ථක වෙලා අද වෙන කල් ඒ නම ආරක්ෂා වෙලා තියෙන විදිහ පෙන්නලා තියෙනවා.

යෙහෝවා දෙවියන්ගේ නාමය දරන සෙනඟ. මේ ප්‍රදර්ශන ශාලාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසය ගැන ඡායාරූප පෙළක් සහ ඒ කාලේ එයාලා පාවිච්චි කරපු භාණ්ඩ තියෙනවා. ඒ වගේම දෙවියන්ගේ සංවිධානයේ වර්ධනය සියැසින් දැකපු අයගේ තොරතුරු සහ තව ගොඩක් දේවල් දැකගන්න පුළුවන්. යෙහෝවා දෙවියන් තමන්ගේ කැමැත්ත ඉටු කරන්න ඔහුගේ සංවිධානයට ක්‍රමානුකූලව අවශ්‍ය මඟ පෙන්වීම්, දැනුම දීලා ඔහුගේ සෙනඟව සංවිධානය කරලා තියෙන විදිහ ඒකේ පැහැදිලි කරනවා.

ලෝක මූලස්ථානය - විශ්වාසය ක්‍රියාවෙන් පෙන්වයි. මේ ප්‍රදර්ශන ශාලාවෙන් පාලක මණ්ඩලයේ විවිධ කමිටුවලින් කරන දේවල් ගැන දැනගන්න පුළුවන්. ඒ වගේම පාලක මණ්ඩලයේ සාමාජිකයන් රැස්වීම්වලට, සේවයට සහ ඉගැන්වීමේ වැඩකටයුතුවලට මඟ පෙන්වීම් දීලා අපිට උපකාර කරන විදිහත් දැනගන්න පුළුවන්.

පැටර්සන්වල තියෙන මඟ පෙන්වන්නෙක් නැතුව නරඹන්න පුළුවන් ප්‍රදර්ශන ශාලා

බයිබල් කාලවල ගම්මානය. යේසුස් මේ පොළොවේ හිටපු කාලේ මිනිස්සු ගත කළේ මොන වගේ ජීවිතද කියලා ඔයා කල්පනා කරලා තියෙනවාද? බයිබල් ගම්මානයේදී මුල් සියවසේ ගමක එදිනෙදා වැඩකටයුතු වෙන විදිහ බලන්නත් ඒවාට සහභාගි වෙන්නත් ඔයාට පුළුවන්. මේ ප්‍රදර්ශනය ඔයාගේ බයිබල් කියවීම තවත් රසවත් වෙන්න උදව් වෙයි.

පෞරාණික කාසි ප්‍රදර්ශනය. මේ ප්‍රදර්ශන කුටියෙන් පෙන්නන්නේ බයිබලේ ග්‍රීක ලියවිල්ලේ සඳහන් වෙන කාසි ගැනයි. ඒවා ඇත්තටම මුල් සියවසේ පාවිච්චි කරපු ඒවා. හැම කාසියක් ගැනම වැදගත් තොරතුරුත් ඒවා බයිබල් වාර්තාවලට සම්බන්ධ වෙන විදිහත් පැහැදිලි කරලා තියෙනවා.

“ඔබේ දරුවන් හැමෝම යෙහෝවාගෙන් ඉගෙනගන්න අයයි.” සංවිධානයේ පාසැල්වල සහ පුහුණු වැඩසටහන්වල ඉතිහාසය මේ ප්‍රදර්ශන කුටියෙන් පෙන්නනවා. දෙවියන්ට වැඩි සේවයක් කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන අයට දක්ෂ ගුරුවරු වෙන්න, සභාවල වැඩිමහල්ලන් විදිහට සේවය කරන්න ඒවාවලින් ලැබෙන පුහුණුව උදව් වෙන විදිහ දැනගන්න.

“ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යනුකූලව තහවුරු කිරීම.” දරුණු විරුද්ධවාදිකම් මැද විශ්වාසය පාවා දුන්නේ නැති යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ හද දනවන ජීවිත කතා මේ ප්‍රදර්ශන කුටියෙන් පෙන්නනවා. ලෝකේ පුරාම ශුභාරංචිය දේශනා කරන්න අපිට තියෙන අයිතිය නීත්‍යනුකූලව තහවුරු කරන්න සංවිධානය කරලා තියෙන වැඩ කොටස ගැන දැනගන්න.

 ලිපිනය සහ ෆෝන් නොම්බරය

වෝර්වික්

මඟ පෙන්වීම් ලබාගන්න

පැටර්සන්

මඟ පෙන්වීම් ලබාගන්න

වෝල්කිල්

මඟ පෙන්වීම් ලබාගන්න