බෙතෙල් ටුවර්
අපේ ශාඛා කාර්යාල නරඹන්න එන්න කියලා අපි ඔයාලට ආදරයෙන් ආරාධනා කරන්න කැමතියි. සාමාන්‍යයෙන් ඒවා හඳුන්වන්නේ බෙතෙල් කියලා. සමහර ශාඛා කාර්යාලවල මඟ පෙන්වන්නෙක් නැතුව නරඹන්න පුළුවන් ප්‍රදර්ශන ශාලා තියෙනවා.
ටුවර්ස් ආයේ පටන්ගත්තා: 2023 ජූනි 1වෙනිදා ගොඩක් රටවල්වල තියෙන අපේ ශාඛා කාර්යාලවල ටුවර් ආයෙත් පටන්ගන්නවා. වැඩි විස්තර දැනගන්න ඔයා ටුවර් එකක් යන්න කැමති ශාඛා කාර්යාලය අමතන්න. ඔයාට කෝවිඩ් පොසිටිව් කියලා දැනගන්න ලැබුණොත් එහෙමත් නැත්නම් සෙම්ප්‍රතිශ්‍යාව, උණ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් එහෙමත් නැත්නම් මෑතකදී කෝවිඩ් පොසිටිව් වුණ කෙනෙක්ව ඇසුරු කරලා තියෙනවා නම් ටුවර් එක එන්න එපා කියලා කාරුණිකව ඉල්ලන්න කැමතියි.
දකුණු අප්‍රිකාව
කාර්යාල නැරඹිය හැකි ආකාරය ගැන තොරතුරු
ප්‍රදර්ශන කුටි
බෙතෙල් නිවස නරඹන ස්ථානය: මුලින් පෙන්නන වීඩියෝ එකෙන් බෙතෙල් එකේ වෙන්නේ මොනවාද කියලත් බෙතෙල් එකේ කරන වැඩකටයුතු අපේ නමස්කාරයට උදව් වෙන්නේ කොහොමද කියලත් දැනගන්න පුළුවන්.
මුද්‍රණාලය අංක 2 නරඹන ස්ථානය: දේශීය භාෂාවලට ප්‍රකාශන මුද්‍රණය කරන එකේ වැදගත්කම තියෙන වීඩියෝ එකක් පෙන්නනවා. අපේ මුද්‍රණාලය වැඩ කරන විදිහ දැක බලා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. ඉතිහාසයේ ඉඳන් දේශීය භාෂාවලින් පළ වෙලා තියෙන බයිබල්වල දෙවියන්ගේ නම භාවිත වෙලා තියෙන විදිහ දැක්වෙන ඩිස්ප්ලේ එකකුත් බලන්න පුළුවන්.
මුද්‍රණාලය අංක 3 නරඹන ස්ථානය: ප්‍රකාශන බෙදාහැරීමේ අංශය දැක බලා ගැනීමේ අවස්ථාව ලැබෙනවා.
අමතර තොරතුරු: අමුත්තන්ට තමන් සූදානම් කරගෙන ආපු දිවා ආහාරය මෙතනදී භුක්ති විඳින්න පුළුවන්.
ලිපිනය සහ ෆෝන් නොම්බරය