Skip to content

බෙතෙල් ටුවර්

අපේ ශාඛා කාර්යාල නරඹන්න එන්න කියලා අපි ඔයාලට ආදරයෙන් ආරාධනා කරන්න කැමතියි. සාමාන්‍යයෙන් ඒවා හඳුන්වන්නේ බෙතෙල් කියලා. සමහර ශාඛා කාර්යාලවල මඟ පෙන්වන්නෙක් නැතුව නරඹන්න පුළුවන් ප්‍රදර්ශන ශාලා තියෙනවා.

ටුවර්ස් ආයේ පටන්ගත්තා: 2023 ජූනි 1වෙනිදා ගොඩක් රටවල්වල තියෙන අපේ ශාඛා කාර්යාලවල ටුවර් ආයෙත් පටන්ගන්නවා. වැඩි විස්තර දැනගන්න ඔයා ටුවර් එකක් යන්න කැමති ශාඛා කාර්යාලය අමතන්න. ඔයාට කෝවිඩ් පොසිටිව් කියලා දැනගන්න ලැබුණොත් එහෙමත් නැත්නම් සෙම්ප්‍රතිශ්‍යාව, උණ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් එහෙමත් නැත්නම් මෑතකදී කෝවිඩ් පොසිටිව් වුණ කෙනෙක්ව ඇසුරු කරලා තියෙනවා නම් ටුවර් එක එන්න එපා කියලා කාරුණිකව ඉල්ලන්න කැමතියි.

බ්‍රසීලය

කාර්යාල නැරඹිය හැකි ආකාරය ගැන තොරතුරු

වෙලාවක් වෙන් කරගන්න

බලන්න හෝ වෙලාව වෙනස් කරන්න

කාර්යාලය ගැන විස්තර ඩවුන්ලෝඩ් කරන්න

නැරඹිය හැකි දේවල්

බයිබලය සහ දෙවිගේ නම. බයිබලේ කර්තෘ වන යෙහෝවා දෙවියන්ට ලැබෙන්න ඕන ගෞරවය ලබා දෙන එක සහ බයිබලේ ප්‍රධාන තේමාව දේවරාජ්‍යයි කියන එක කාවද්දන එක මේ ප්‍රදර්ශන ශාලාවෙන් සිද්ධ වෙනවා. බයිබලය අද දක්වා ආරක්ෂා වෙලා තියෙන විදිහ ගැනත් විරුද්ධවාදීන් බයිබලයේ මුල් පණිවිඩය වෙනස් කරන්න ගත්ත උත්සාහයන් අසාර්ථක කරලා යෙහෝවා දෙවියන් ඒක ආරක්ෂා කරපු විදිහ ගැනත් මේ ප්‍රදර්ශන ශාලාවෙන් දැකගන්න පුළුවන්.

ඵෙතිහාසික තොරතුරු ඇතුළත් ප්‍රදර්ශන ශාලාව. ගත වුණු අවුරුදු 120 පුරා බ්‍රසීලයේ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට යෙහෝවා දෙවියන් ආශීර්වාද කරලා තියෙන්නේ කොහොමද කියලා මේ  ප්‍රදර්ශන ශාලාවෙන් දැකගන්න පුළුවන්. බ්‍රසීලයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු පටන්ගත්ත විදිහ ගැනත් පීඩා සහ විරුද්ධවාදීකම් මැද සිදු වුණු වර්ධනය ගැනත් මෑතකදී කළ ඓතිහාසික සොයාබැලීම්වලින් දැනගත්ත අලුත්ම විස්තර දැක බලා ගන්නත් අමුත්තන්ට පුළුවන්.

ලිපිනය සහ ෆෝන් නොම්බරය

මඟ පෙන්වීම් ලබාගන්න