Skip to content

පිලිපීනයේ ශාඛා කාර්යාලයේ පින්තූර 1 (2014 පෙබරවාරි සිට 2015 මැයි දක්වා)

පිලිපීනයේ ශාඛා කාර්යාලයේ පින්තූර 1 (2014 පෙබරවාරි සිට 2015 මැයි දක්වා)

පිලිපීනයේ ක්විෂොං නගරයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ ගොඩනැඟිලි කීපයක් අලුතින් ඉදි කරන අතර දැනට තියෙන ගොඩනැඟිලි අලුත්වැඩියා කරනවා. පිලිපීනයට අවශ්‍ය කරන පොත් පත් දැන් මුද්‍රණය කරන්නේ ජපානයේ නිසා කලින් මුද්‍රණ වැඩවලට පාවිච්චි කරපු ඒ ගොඩනැඟිල්ල ඉදිරියේදී පරිගණක, ප්‍රාද්ශීය නිර්මාණ/ඉදි කිරීම්, නඩත්තු, නැව්ගත කිරීමේ සහ පරිවර්තන වැඩ සඳහා පාවිච්චි කිරීමට සැලසුම් කරලා තියෙනවා. මේ පින්තූරවලින් පෙන්නන්නේ 2014 පෙබරවාරි සිට 2015 මැයි දක්වා කාලයේ සිදු වුණ ඉදි කිරීමේ වැඩයි. මේ වැඩ 2016 ඔක්තෝබර් වෙද්දී අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

පිලිපීනයේ ශාඛා කාර්යාලයේ අලුතින් ඉදිවෙන සහ අලුත්වැඩියා කරන ගොඩනැඟිලි:

  • ගොඩනැඟිලි අංක 4 (නේවාසික ගොඩනැඟිල්ල)

  • ගොඩනැඟිලි අංක 5 (ඕඩියෝ වීඩියෝ, සේවා අංශය)

  • ගොඩනැඟිලි අංක 6 (වතු අලංකරණය, වාහන නඩත්තු, වෙල්ඩින් වැඩ)

  • ගොඩනැඟිලි අංක 7 (පරිගණක, ප්‍රාද්ශීය නිර්මාණ/ඉදි කිරීම්, නඩත්තු, නැව්ගත කිරීමේ සහ පරිවර්තන යන අංශ)

2014 පෙබරවාරි 28 - ගොඩනැඟිලි අංක 7

ෆයිබර්ග්ලාස් ආවරණවලට තෙතමනය නොවදින්න ඒවා පොලිතින් බෑග්වල අසුරන ස්වේච්ඡා සේවකයන් පිරිසක්. ඔවුන් ඒ වැඩ කරන්නේ සමට හානියක් නොවෙන විදිහට ආරක්ෂිත ඇඳුම් ඇඳගෙනයි.

2014 අප්‍රේල් 2 - ගොඩනැඟිලි අංක 7

පිලිපීන සංඥා භාෂාවෙන් පටිගත කිරීම් කරන ස්ටූඩියෝ එකේ සිවිලිමේ වැඩ අවසන් කරමින්. සිවිලිමේ හතරැස් කවුළු තබා තිබෙන්නේ වායු සමීකරණ පද්ධතිය හරහා එන වාතය හැම තැනටම සමසේ ලබා දෙන්නයි.

2014 ඔක්තෝබර් 21 - ක්විෂොං වැඩබිම

වායු සමීකරණ පද්ධතියට අවශ්‍ය ජලය සපයන බට වළලන්න කාණු කපනවා. මේ පද්ධතියෙන් හැම ගොඩනැඟිල්ලකම තියෙන වායු සමීකරණවලට ජලය ලබා දෙනවා.

2014 දෙසැම්බර් 19 - ගොඩනැඟිලි අංක 1, 5 සහ 7 යා කරන පාලමක්

මේ පාලම කෑම කාමරය තියෙන ගොඩනැඟිලි අංක 1 ඇතුළු හැම ප්‍රධන ගොඩනැඟිල්ලකටම සම්බන්ධයි. ගොඩනැඟිලි අංක 7 වැඩ කරන 300දෙනාට මේක ගොඩක් ප්‍රයෝජනවත්.

2015 ජනවාරි 15 - ගොඩනැඟිලි අංක 5

වහලේ ෂීට් සෙවිලි කරනවා. මේ වැඩවලට පාවිච්චි කරන ක්‍රේන් ලබාගෙන තියෙන්නේ කොන්ත්‍රාත්කරුවන්ගෙන්.

2015 ජනවාරි 15 - ගොඩනැඟිලි අංක 5A (ගොඩනැඟිල්ලට සම්බන්ධ අමතර කොටස)

තට්ටු දෙකක, වර්ග අඩි 1,345ක අමතර කොටසේ විවේක ගැනීමට කාමර 2ක්, තරප්පු පෙළක් සහ විදුලි සෝපානයක් ඉදි කරලා තියෙනවා. මේ කොටස් වෙනම තියෙන නිසා ගොඩනැඟිලි අංක 5හේ ඉඩ ඉතුරු වෙනවා වගේම විදුලි සෝපානයෙන් එන ශබ්දවලින් ස්ටූඩියෝ එකට බාධාවක් වෙන්නෙත් නැහැ.

2015 ජනවාරි 15 - ගොඩනැඟිලි අංක 5A (ගොඩනැඟිල්ලට සම්බන්ධ අමතර කොටස)

තද අව්වෙන් ආරක්ෂා වෙලා කම්බි අතුරමින් ඉන්න සේවකයන් පිරිසක්. ජනවාරි මාසයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 29 දක්වාත් අප්‍රේල් මාසයෙදී 34 දක්වාත් ඉහළ යනවා.

2015 මාර්තු 5 - ගොඩනැඟිලි අංක 5

ගොඩනැඟිල්ලේ වහලය සකස් කරන ස්වේච්ඡා සේවකයන්. මේ ගොඩනැඟිල්ලේ වහලය සඳහා ලී බාල්ක 800ක් විතර පාවිච්චි කළා.

2015 මාර්තු 17 - ගොඩනැඟිලි අංක 5

කොන්ක්‍රීට් මිශ්‍ර කරමින්. ඕස්ට්‍රේලියාව, කැනඩාව, ප්‍රංශය, ජපානය, නවසීලන්තය, දකුණු කොරියාව, ස්පාඤ්ඤය, එක්සත් ජනපදය සහ වෙනත් රටවල්වලින් ආපු ස්වේච්ඡා සේවකයන් 100ක් විතර මේ ව්‍යාපෘතියට සහය වෙනවා.

2015 මාර්තු 25 - ගොඩනැඟිලි අංක 5

කලින් පරිවර්තන අංශයට පාවිච්චි කරපු ගොඩනැඟිල්ලේ වහලේ සෙවිලි කරමින්. මේ ගොඩනැඟිල්ල ඉදිරියේදී පාවිච්චි කරන්නේ ඕඩියෝ වීඩියෝ සහ සේවා අංශය සඳහායි.

2015 මැයි 13 - ගොඩනැඟිලි අංක 5

කාර්යාල ගොඩනැඟිල්ලට අවශ්‍ය යකඩ බාර් කපමින්.