Skip to content

වෝර්වික්වල පින්තූර 2 (2014 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා)

වෝර්වික්වල පින්තූර 2 (2014 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා)

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අනාගත ලෝක මූලස්ථානයේ ඉදි කිරීම් සිද්ධ වෙන විදිහ. මේ තියෙන්නේ 2014 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා ඒ වැඩ සිද්ධ වෙන අතරතුරේ ගත්ත පින්තූරවල එකතුවක්.

වෝර්වික් ගොඩනැඟිලි සංකීර්ණය.

  1. වාහන නඩත්තු කරන ගොඩනැඟිල්ල

  2. අමුත්තන්ගේ වාහන සඳහා රථ ගාල

  3. නඩත්තු කටයුතු සඳහා යොදාගන්නා ගොඩනැඟිල්ල/නේවාසික රථ ගාල

  4. B නේවාසික ගොඩනැඟිල්ල

  5. D නේවාසික ගොඩනැඟිල්ල

  6. C නේවාසික ගොඩනැඟිල්ල

  7. A නේවාසික ගොඩනැඟිල්ල

  8. කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

2014 සැප්තැම්බර් 11 - අමුත්තන්ගේ වාහන සඳහා රථ ගාල

C නේවාසික ගොඩනැඟිල්ලේ වහලට සවි කරන කාප්ප. කලින් සකස් කරපු මේවා සම්බන්ධ කරලා තියෙන්නේ වානේ ඇණවලින්.

2014 සැප්තැම්බර් 18 - වෝර්වික් වැඩබිම

වැඩබිමේ දකුණු පැත්තෙන් පෙනෙන විදිහ. උතුරින් පේන්නේ ස්ටර්ලිං ෆොරස්ට් විලයි. එකම වෙලාවේ ක්‍රේන් 13ක් විතර වැඩබිමේ ක්‍රියාත්මක වෙනවා. ඉස්සරහින් තියෙන්නේ කොන්ක්‍රීට් දාලා නිම කරපු B නේවාසික ගොඩනැඟිල්ලේ අත්තිවාරම.

2014 සැප්තැම්බර් 26 - කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

වානේ බාල්ක සහ කුලුනු සවි කරන්න සූදානමින්. කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල ඉදි කරන්න මේවා පාවිච්චි කරන එකෙන් ගොඩනැඟිල්ල ඇතුළේ විශාල ඉඩ ප්‍රමාණයක් ලැබෙනවා විතරක් නෙමෙයි ඉදි කිරීමේ වැඩෙත් ඉක්මනින් වෙනවා.

2014 ඔක්තෝබර් 9 - වෝර්වික් වැඩබිම

C නේවාසික ගොඩනැඟිල්ලට සවි කරන්න සකස් කරලා ගෙනාපු කාප්ප සම්බන්ධ කරනවා. වහලට තහඩු විශේෂයකුත් ජලය කාන්දු වීමෙන් ආරක්ෂා කරන්න ඊට උඩින් ෂීට් විශේෂයකුත් සවි කරනවා. පින්තූරේ පේන්නේ ගොඩනැඟිල්ලේ වහලෙන් පුංචි කොටසක්. C ගොඩනැඟිල්ලට සම්බන්ධ කරන වහලේ දෙපැත්තම ඒ කොටසේ තියෙනවා. ඊට පිටුපසින් තියෙන්නේ වහලේ තවත් කොටසක්. ඒකේ තියෙන්නේ එක පැත්තයි.

2014 ඔක්තෝබර් 15 - කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

කොන්ත්‍රාත්කරුවන් ගොඩනැඟිල්ලේ නිරිතදිග පැත්තේ බාල්ක සවි කරනවා. ගොඩනැඟිල්ලේ මේ කොටස ඉදි කරන්නේ මුළුතැන්ගෙය, කෑම කාමරය, ලොන්ඩරිය සහ තවත් අංශ කීපයක් සඳහායි.

2014 ඔක්තෝබර් 15 - වෝර්වික් වැඩබිම

කානු පද්ධතිය හදන කෙනෙක්ට බුරුසුවක් දෙනවා.

2014 ඔක්තෝබර් 20 - වෝර්වික් වැඩබිම

අත්හදා බැලීමක් විදිහට මේ බිත්තිය හැදුවේ පාවිච්චි කරන්න සුදුසු බදාම, ගඩොල් සහ ගඩොල් බඳින ක්‍රම වගේ දේවල් තීරණය කරන්නයි. අලුතෙන් මේසන් වැඩවලට එන අයට බිත්ති හදන විදිහ පැහැදිලි කරලා දෙන්නත් මේක පාවිච්චි කෙරුවා. දැන් ඒ වැඩේ ඉවර නිසා බිත්තිය කඩනවා.

2014 ඔක්තෝබර් 31 - C නේවාසික ගොඩනැඟිල්ල

සකස් කරපු වහලේ කොටසක් ක්‍රේන් එකකින් බස්සන්න සූදානම් වෙනවා. හැඩ තියලා වහල හදන නිසා ගොඩනැඟිල්ලට හොඳ පෙනුමක් ලැබෙනවා.

2014 නොවැම්බර් 7 - නඩත්තු කටයුතු සඳහා යොදාගන්නා ගොඩනැඟිල්ල/නේවාසික රථ ගාල

ඉන්ධන ලීටර් 95,000ක් අල්ලන ටැංකියක් පහළට බස්සනවා. මේ ටැංකිවල තියෙන ඉන්ධන පාවිච්චි කරන්නේ බොයිලේරුවලටයි.

2014 නොවැම්බර් 12 - C නේවාසික ගොඩනැඟිල්ල

වැඩබිමේ දකුණු පැත්තෙන් පෙනෙන විදිහ. පින්තූරේ ගිනිකොන පැත්තේ තියෙන්නේ ස්ටර්ලිං ෆොරස්ට් විලයි. ගොඩනැඟිලි අලංකාරව පේන්න විවිධ වර්ණ ගැන්වූ අමුද්‍රව්‍ය යොදාගෙන විවිධ හැඩයන්වලට හදලා තියෙනවා.

2014 නොවැම්බර් 21 - නඩත්තු කටයුතු සඳහා යොදාගන්නා ගොඩනැඟිල්ල/නේවාසික රථ ගාල

බිමට ස්ලැබ් එක දාන්න කලින් යුවළක් ජලය බස්වන නළ සවි කරනවා.

2014 නොවැම්බර් 28 - කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

වහලට වැටිලා තියෙන හිම ඉවත් කරනවා.

2014 දෙසැම්බර් 1 - නඩත්තු කටයුතු සඳහා යොදාගන්නා ගොඩනැඟිල්ල/නේවාසික රථ ගාල

තවත් යුවළක් නළ පද්ධතියේ සැලැස්ම සෝදිසි කරනවා.

2014 දෙසැම්බර් 10 - නඩත්තු කටයුතු සඳහා යොදාගන්නා ගොඩනැඟිල්ල/නේවාසික රථ ගාල

පස් හෑරුවේ, කොන්ක්‍රීට් ලෑලි සවි කෙරුවේ, කොන්ක්‍රීට් දැම්මේ හිම වැටෙන දවසක. පින්තූරයේ ඉහළ වම් කෙළවරේ තියෙන්නේ කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල. ශීත කාලෙදී අවශ්‍ය උෂ්ණත්වය රඳවාගන්න ඒක ඉටි රෙදි වර්ගයකින් ආවරණය කරලා තියෙනවා. එහෙම කරන එකෙන් කොන්ක්‍රීට් දාන්නත් ගොඩනැඟිල්ල ගින්නට ඔරොත්තු දෙන විදිහට සකස් කරන්නත් පහසු වෙනවා.

2014 දෙසැම්බර් 12 - D නේවාසික ගොඩනැඟිල්ල

බිත්තිය බඳින්න කලින් කොන්ක්‍රීට් කුලුනුවලට සහ ස්ලැබ් එකේ දාරවලට ජලවාෂ්පවලින් ආරක්ෂා කරන ගල්වනයක් ආලේප කරනවා.

2014 දෙසැම්බර් 15 - වෝර්වික් වැඩබිම

බස්නාහිර පැත්තෙන් ගත්ත පින්තූරයක්. පින්තූරයේ ඉහළින් තියෙන්නේ නේවාසික ගොඩනැඟිලි. මැද හරියට වෙන්න සුදු පාටින් තියෙන්නේ කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල. අක්කර 253ක විතර මුළු බිම් ප්‍රමාණයෙන් ඉදි කිරීම් සිද්ධ කරන්නේ සියයට 20ක බිම් ප්‍රමාණයකයි. ඒ නිසා වටේට තියෙන වනාන්තරයට හානියක් සිද්ධ වෙන්නේ නැහැ.

2014 දෙසැම්බර් 15 - වෝර්වික් වැඩබිම

නැඟෙනහිර පැත්තෙන් ගත්ත පින්තූරයක්. පින්තූරයේ පහළින් තියෙන්නේ C සහ D නේවාසික ගොඩනැඟිලියි. C නේවාසික ගොඩනැඟිල්ලේ කොන්ත්‍රාත්කරුවන් වහලේ වැඩ නිම කරමින් ඉන්නවා.

2014 දෙසැම්බර් 25 - C නේවාසික ගොඩනැඟිල්ල

සාම්පලයක් විදිහට හදන නේවාසික කාමරයක බිමට ලැමිනේට් ලෑලි අල්ලනවා. තීන්තවල පාට, කාපට්, ලැමිනේට් ලෑලි, ටයිල්, සින්ක් එක එක්ක තියෙන කවුන්ටරය මතුපිට වගේ දේවල් යොදාගෙන කාමර සකසන විදි 4ක් තෝරගෙන තියෙනවා. කාමරයක් සකස් කරන්නේ එයින් එක විදිහකටයි.

2014 දෙසැම්බර් 31 - කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

දාපු කොන්ක්‍රීට් ස්ලැබ් එකේ වතුර බැහැලා යන විදිහට අතින් මට්ටම් කරනවා.

2014 දෙසැම්බර් 31 - C නේවාසික ගොඩනැඟිල්ල

වයස අවුරුදු 77ක කාර්මිකයෙක් ෆයිබර් ඔප්ටික් කේබල් අදිනවා. ව්‍යාපෘතියේ වැඩ ඉවර වෙද්දී මේ වගේ කේබල් කිලෝමීටර් 32ක ප්‍රමාණයක් පාවිච්චි කරලා තියෙයි.