Skip to content

ප්‍රංශයේ අතිවිශිෂ්ට බයිබල් ප්‍රදර්ශනයක්

ප්‍රංශයේ අතිවිශිෂ්ට බයිබල් ප්‍රදර්ශනයක්

උතුරු ප්‍රංශයේ පැවැත්තුව 2014 රාවන් ජාත්‍යන්තර ප්‍රදර්ශනය නරඹන්න දහස් ගණනක් ආවා. ඒකේ කුටියක ගහලා තිබුණා “බයිබලය ඊයෙටත් අදටත් හෙටටත්” කියලා. හුඟදෙනෙක්ගේ හිත ඒකට ඇදිලා ගියා.

ඒ කුටියේ එළියේ වීඩියෝ එකක් දාලා තිබුණා. ඒකේ පෙන්නුවේ පුරාණ බයිබල් අත්පිටපත් ගැනයි. හුඟදෙනෙක් ආසාවෙන් ඒක නැරඹුවා. ඒ වගේම ප්‍රදර්ශන කුටිය ඇතුළෙදී බයිබලයේ අදට ගැළපෙන උපදෙස්, ඉතිහාසය ගැන නිවැරදි වාර්තා සහ විද්‍යාවට එකඟ තොරතුරු තියෙනවා කියලා දැනගන්න ලැබුණා. ඒ විතරක් නෙමෙයි බයිබලය කොච්චර දුරට බෙදාහැරලා තියෙනවාද කියලත් දැනගන්න ලැබුණා.

එදා ඉඳලා අද වෙනකම් බයිබලය රැකිලා තියෙන විදිහත් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයෙන් බිලියන ගණන් සෙනඟකට අද ඒක කියවන්න ලැබිලා තියෙන විදිහත් පෙන්වලා තිබුණා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් භාෂා 120කට වැඩි ගණනකින් නිකුත් කරලා තියෙන බයිබලයේ ‘නව ලොව පරිවර්තනයේ’ පිටපතක් ආපු හැමෝටම නොමිලේ ලබාගන්න පුළුවන් වුණා.

හැමෝටම බයිබලය ලබා දෙන්න සාක්ෂිකරුවන් ගත්ත උත්සාහය ගැන ආපු හුඟක් අය අගය පළ කළා. සමාජ සේවය කරන යෞවනියක් තවත් යෞවන යෞවනියන් කණ්ඩායමක් එක්ක මේ ප්‍රදර්ශන කුටිය නරඹන්න ආවා. ඇය මේ වගේ දෙයක් කිව්වා. “බයිබලය අපිට ලැබිලා තියෙන උරුමයක්. ඒක ජීවමාන පොතක්. මම ඒක කියවන හැම වෙලාවෙම මගේ ප්‍රශ්නවලට උත්තර ලැබෙනවා.”

අවුරුදු 60ක කාන්තාවකට ඒ විදිහට බයිබලයක් ලැබුණාම ඇය මෙහෙම කිව්වා. “අපි හැමෝම බයිබලය කියවන්න ඕනේ. ඒක අත්‍යවශ්‍ය දෙයක්.”