සීත උතුරුකරයටත් හද උණුසුම් කරන දෙවිගේ පණිවිඩේ!
යුරෝපයේ සහ ඇමරිකාවේ උතුරට වෙන්න තියෙන පළාත්වලත් රාජ්‍ය පණිවිඩය දේශනා කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය 2014දී අලුත් සැලැස්මක් ක්‍රියාත්මක කළා. (ක්‍රියා 1:8) ඇලස්කාව (ඇමරිකාව), ලැප්ලන්තය (ෆින්ලන්තය), කැනඩාවේ නුනාවුට් සහ වයඹ පළාත්වල ඉන්න අයට තමයි මුලින්ම පණිවිඩේ දේශනා කරන්න සැලසුම් කෙරුවේ.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මීට කලින් ඒ පළාත්වල දේශනා කරලා තිබුණා. ඒත් ඔවුන් වැඩි කාලයක් ඒ පළාත්වල නතර වුණේ නැති නිසා ඔවුන්ට පුළුවන් වුණේ බයිබලේ තොරතුරු ඇතුළත් පොත් පත් බෙදා දෙන්න විතරයි.
අලුත් සැලැස්මට අනුව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාල මගින් මේ පළාත්වලත් දේශනා කරන්න පූර්ණකාලීන දේව සේවකයන්ව (පුරෝගාමීන්) යැව්වා. ඒ අය අඩුම තරමින් මාස තුනක්වත් ඒ පළාත්වල නතර වෙලා සේවය කිරීම තමයි සැලැස්ම වුණේ. ප්‍රදේශයේ ඉන්න අය බයිබලය පාඩම් කරන්න කැමති වුණොත් ඊට වඩා වැඩි කාලයක් නතර වෙන්නත් රැස්වීම් පවත්වන්නත් කටයුතු කළා.
මේ පළාත්වල සේවය කරන්න ලේසි නැහැ. ඇලස්කාවේ බැරොව් පළාතට යැව්වේ ඇමරිකාවේ කැලිෆෝර්නියාවල සහ ජෝර්ජියාවල හිටපු පුරෝගාමීන් දෙන්නෙක්වයි. එයාලා මුහුණ දීපු පළවෙනි සීත ඍතුවෙදී උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 38 දක්වා අඩු වුණා. මොන දුෂ්කරතා තිබුණත් මාස කීපයකින් ඒ පළාතේ සම්පූර්ණයෙන්ම වගේ දේශනා කරලා ඉවර කරන්න ඒ අයට පුළුවන් වුණා. බයිබල් පාඩම් 4කුත් පටන්ගත්තා. ඒ අයගෙන් එක් කෙනෙක් තමයි ජෝන්. ජෝන්ගේ පෙම්වතියත් ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතෙන් පාඩමක් කරන්න කැමති වුණා. ජෝන් එයා ඉගෙනගත්ත දේවල් යාළුවන්ටත් වැඩපොළේ අයටත් කිව්වා. ඒ විතරක් නෙමෙයි ‘JW ලයිබ්‍රරි’ ඇප් එකෙන් ‘දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම’ කියන පොතත් කියවන්න පටන්ගත්තා.
පුරෝගමීන් සේවය කරන්න ගිය තවත් පැත්තක් තමයි කැනඩාවේ නුනාවුට්වල රැන්කින් කියන ප්‍රදේශය. එහෙට යන්න පාරවල් නැති නිසා පුරෝගාමීන් ඒහෙට ගියේ ගුවන් යානයකින්. එහෙ දේශනා කරලා බයිබල් පාඩම් කීපයක් පටන්ගන්නත් එයාලට පුළුවන් වුණා. ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ කියන වීඩියෝ එක බැලුව කෙනෙක් ඇහුවා “කවද්ද ඔයාලා මෙහෙ රැස්වීම් තියන්න පටන්ගන්නේ? රැස්වීම් ශාලාවක් හදපු දාට මම මේ පැත්තේ හිටියොත් අනිවාර්යයෙන්ම එනවා” කියලා කිව්වා.
ෆින්ලන්තයේ සේවකොස්කි ප්‍රදේශයේ සේවය කරපු පුරෝගාමීන් ඒ පළාත ගැන කිව්වේ මෙහෙමයි. “එහෙ තියෙන්නේ දරාගන්න බැරි තරම් සීතලක්. සැහෙන්න හිම වැටිලා” තිබුණා. ඒත් දේශනා කරන්න ආවේ හොඳම කාලේ කියලා පස්සේ එයලාට තේරුණා. ඒ ගැන එයාලා මෙහෙම කිව්වා. “පාරවල්වල හිම අයින් කරලා තිබුණු නිසා දුෂ්කර පැතිවලට වුණත් යන්න ලේසි වුණා. ගොඩක් සීත හින්දා හැමෝම වගේ හිටියේ ගෙවල්වලමයි. ඒ නිසා එහෙ හිටපු හැම කෙනෙක්ටම වගේ දේශනා කරන්න අපිට පුළුවන් වුණා.”
යුරෝපයේ සහ ඇමරිකාවේ උතුරට වෙන්න තියෙන පළාත්වල ඉන්න අයටත් දේශනා කරන්න අපි ගත්තු උත්සාහය හුඟදෙනෙක්ගේ අවධානය ලක් වුණා. පුරෝගාමීන් දෙන්නෙක් ඇලස්කාවේ එක් නගරාධිපතිනියකට දේශනා කළා. පස්සේ ඇය සාක්ෂිකරුවන් කරන සේවය අගය කරලා වෙබ් අඩවියකට ප්‍රකාශයකුත් කරලා තිබුණා. ඒ වගේම ‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?’ කියන සාක්ෂිකරුවන්ගේ පත්‍රිකාවේ පින්තූරයකුත් ඒකේ දාලා තිබුණා.
ඇලස්කාවේ හේන්ස් නගරයේ ඉන්න පුරෝගාමීන් මුල්ම වතාවට ඒහෙ පුස්තකාලේ තිබුණු ශාලාවක පවත්වපු රැස්වීමට ඒ පැත්තේ ඉන්න අටදෙනෙක් සහභාගි වුණා. ඒ වගේම ටෙක්සාස් සහ උතුරු කැරොලිනාවලින් ආපු පුද්ගලයන් දෙන්නෙක් ඒ පළාතේ නොමිලේ බයිබල් පාඩම් පවත්වනවා කියලත් එක පුවත්පතක පළ කරලා තිබුණා. ඒ දැන්වීම අවසන් කරලා තිබුණේ තවත් විස්තර දැනගන්න jw.org වෙබ් අඩවියට පිවිසෙන්න කියන ආරාධනයත් එක්කයි.