ලක්ෂයක කඩඉම පසු කරයි
1987දී වෙනිසියුලාවේ තිබුණු ක්‍රිඩාංගනයක 63,580දෙනෙක් රැස්වෙලා හිටියා. ඔවුන් ආසාවෙන් බලාගෙන හිටියේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වුණු ලයිමන් ස්විංගල්ගේ දේශනය අහන්න. හුඟදෙනෙක් එතනට ඇවිත් තිබුණේ බස් එකෙන්. ඒ මුළු රැයක්ම ගෙවාගෙන. සහෝදර ස්විංගල් ඒ විශාල සෙනඟ අමතලා මෙහෙම කිව්වා. “තවදුරටත් ඔයාලා පුංචි කණ්ඩායමක් නෙමෙයි. තව ටික දවසකින් ඔයාලගේ ගාණ 1,00,000 පනිනවා!”
1987 වෙද්දී වෙනිසියුලාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හිටියේ 38,000යි. ඒ වෙනකොට ප්‍රචාරකයන් 1,00,000කට වඩා හිටියේ රටවල් අටක විතරයි.
ලෝකේ පුරාම ඉන්න සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන විදිහට වර්ධනය වෙලා තියෙනවා. පළවෙනි ලෝක මහ යුද්දෙන් පස්සේ දේවරාජ්‍යය ගැන දේශනා කරමින් හිටියේ සුළු පිරිසක්. හැබැයි ඊටපස්සේ ලොකු වෙනසක් සිද්ධ වුණා. ‘1943 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතේ’ මෙහෙම කියලා තිබුණා. “1942දී සමහර රටවලින් වාර්තා ලැබුණේ නැතත් ලැබුණු සියලුම වාර්තා සලකලා බලද්දී ලොකු වර්ධනයක් දකින්න තියෙනවා. දැන් ප්‍රචාරකයන් 1,06,000කට වඩා ක්‍රියාශීලීව දේශනා සේවයේ හවුල් වෙනවා.” දෙවෙනි ලෝක මහා යුද්ධය නිසා පීඩා විඳිද්දීත් හුඟදෙනෙක් බයිබලේ තියෙන සත්‍ය පණිවිඩයට හොඳ ප්‍රතිචාරයක් දැක්වුවා. 1950 වෙනකොට එක්සත් ජනපදයේ විතරක් ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව 1,00,000කට වඩා වැඩියි.
ඊළඟට ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව 1,00,000 කඩඉම ඉක්ම වූයේ නයිජීරියාව. ඒ 1974දියි.
ඊළඟ අවුරුද්ද වෙද්දී බ්‍රසීලයේ සහ ජර්මනියේත් ප්‍රචාරකයන්ගේ ගණන 1,00,000ට වඩා වැඩි වුණා. මේ මහාද්වීප හතරේ සිද්ධ වුණු වර්ධනයෙන් පේන්නේ ලෝකේ පුරාම ඉන්න අය බයිබල් සත්‍යයට දක්වන උනන්දුවයි.
ලොව පුරා සත්‍යය පිළිගන්න අයගේ සංඛ්‍යාව දවසින් දවස වැඩි වෙනවා. “කුඩා තැනැත්තා දහසක් බවටත් සුළු තැනැත්තා බලවත් ජාතියක් බවටත් පත් වෙයි. යෙහෝවා දෙවි වන මම නියම කාලයට එය වේගයෙන් සිදු වෙන්න සලස්වමි” කියලා බයිබලයේ කලින්ම කියලා තිබුණු අනාවැකියටත් ඒක එකඟයි.—යෙසායා 60:22.
2014 සේවා වාර්තාවට අනුව රටවල් 24ක ප්‍රචාරකයන් 1,00,000කට වඩා වැඩියෙන් ඉන්නවා. ඒ රටවල් අතරට 2007දී ප්‍රචාරකයන් ලක්ෂයක කඩඉම පහු කරපු වෙනිසියුලාවත් ඇතුළත්. ලෝකේ පුරා සභා 1,15,416 තියෙන අතර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව 82,01,545යි.
මහාද්වීපය |
රට |
ප්‍රචාරකයන් |
---|---|---|
අප්‍රිකාව |
ඇංගෝලාව |
1,08,607 |
කොංගෝව (ඩොමිනිකානු ජනරජය) |
2,16,024 |
|
ඝානාව |
1,25,443 |
|
නයිජීරියාව |
3,62,462 |
|
සැම්බියාව |
1,78,481 |
|
ආසියාව |
ජපානය |
2,15,703 |
කොරියානු ජනරජය |
1,00,641 |
|
පිලිපීනය |
1,96,249 |
|
යුරෝපය |
බ්‍රිතාන්‍යය |
1,38,515 |
ප්‍රංශය |
1,27,961 |
|
ජර්මනිය |
1,66,262 |
|
ඉතාලිය |
2,51,650 |
|
පෝලන්තය |
1,23,177 |
|
රුසියාව |
1,71,268 |
|
ස්පාඤ්ඤය |
1,12,493 |
|
යුක්රේනය |
1,50,906 |
|
උතුරු ඇමරිකාව |
කැනඩාව |
1,16,312 |
මෙක්සිකෝව |
8,29,523 |
|
ඇමරිකා එක්සත් ජනපදය |
12,43,387 |
|
දකුණු ඇමරිකාව |
ආර්ජන්ටිනාව |
1,50,171 |
බ්‍රසීලය |
7,94,766 |
|
කොලොම්බියාව |
1,66,049 |
|
පේරූ |
1,23,251 |
|
වෙනිසියුලාව |
1,40,226 |