වෙනත් ආකාරයක මැණික්
ලෝකයේ විශාලතම මැණික් පතළ තියෙන්නේ බොට්ස්වානාවල. 2016 අගෝස්තු 22 සිට 28 දක්වා එහේ වෙළඳ ප්‍රදර්ශනයක් පැවැත්වුණා. ඒ ප්‍රදර්ශනයේදී සාක්ෂිකරුවන් ප්‍රදර්ශනය කළේ වෙනත් ආකාරයක මැණික්. එයාලගේ කුටියේ බයිබලය පදනම් කරගත්ත පොත් පත්, jw.org වෙබ් අඩවිය සහ ශක්තිමත් පවුල් බැඳීම්වලට දිරි දෙන වීඩියෝ ප්‍රදර්ශනය කළා.
බයිබල් ප්‍රතිපත්ති ප්‍රායෝගිකව අදාළ කරන්න පුළුවන් විදි කියා දෙන ‘යෙහෝවා දෙවිගේ යාළුවෝ’ කියන ඇනිමේටඩ් වීඩියෝවලට ඒ කුටියට පැමිණි දරුවන්ගේ වගේම දෙමාපියන්ගෙත් හිත ඇදිලා ගියා. සෙට්ස්වානා කියන්නේ බොට්ස්වානාවල ජාතික භාෂාව. ඒ භාෂාවෙන් එච්චර ළමා වීඩියෝ නැති නිසා ඒ වීඩියෝ ලබාගන්න පුළුවන් කොහොමද කියලා හුඟදෙනෙක් ඇහුවා.
රටේ හැම පැත්තෙන්ම එතනට ආපු අය පොත් පත් 10,000ක් විතර ලබාගත්තා. 120දෙනෙක් බයිබල් සාකච්ඡා කරන්න කැමති වුණා. හුඟදෙනෙක් පුදුම වුණේ ඉංග්‍රීසි සහ සෙට්ස්වානා භාෂා කතා කරන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එකට එකමුතුව වැඩ කරපු හැටි දැකලයි.
අවසන් වශයෙන් ප්‍රදර්ශනය සංවිධානය කරපු අය ඒ කුටි සහ ඒවායේ ප්‍රදර්ශනය කරපු දේවල් විනිශ්චය කළා. ඒකෙන් පළමු ත්‍යාගය ලැබුණේ සාක්ෂිකරුවන්ට.