අමතක නොවන ගමනක්
ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේ තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය බලන්න හැම අවුරුද්දකම දහස් ගණනක් එනවා. එය හඳුන්වන්නේ බෙතෙල් කියලයි. හෙබ්‍රෙව් භාෂාවෙන් එම වචනයේ තේරුම “දෙවිගේ ගෘහය” යන්නයි. ප්‍රකාශන මුද්‍රණය කරන විදිහ හා වැඩකටයුතු සංවිධානය කරන විදිහ දැකගන්නත් එහි සේවය කරන තමන්ගේ මිත්රයන්ව බලන්නත් අවට ප්‍රදේශවලින් වගේම දුර ඈත පළාත්වලින් පවා අමුත්තන් එනවා. ළඟදී ආපු අමුත්තන් අතර විශේෂ කෙනෙක් හිටියා.
ඒ තමයි මාසලස්. * යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වන ඔහු ජීවත් වෙන්නේ ඇලස්කාවේ, ඇන්කරේජ්වල. ඔහුට තියෙන අසනීපයක් නිසා කතා කරන්න පුළුවන් වුණේ වචනය කිහිපයක් විතරයි. රෝද පුටුවක ඉන්න ඔහුට නිතරම තවත් කෙනෙක්ගේ උදව් අවශ්‍යයි. මොන අමාරුකම් තිබුණත් ඔහුට බෙතෙල් නිවස බලන්න ලොකු ආශාවක් තිබුණා. ඒ ආශාව ළඟදී ඉටු වුණා.
ගමන සැලසුම් කරන්න උදව් කළ ඔහුගේ මිතුරෙක් වන කොරී ඒ ගැන මෙහෙම කිව්වා. “මාසලස් ගමන ගැන විස්තර දැනගන්න නිතර නිතර ෆෝන් එකෙන් මට කතා කරනවා. එයාට කතා කරන්න පුළුවන් ‘ඔව්’ ‘නෑ’ කියන වචන දෙක විතරයි. ඒ නිසා කතා කළේ ඇයි කියලා දැනගන්න මට ප්‍රශ්න ගොඩක් අහන්න වුණා.” ඔවුන් අතර වුණ සංවාදය මේ වගෙයි.
“ඔයා කතා කළේ මට එන්න කියන්නද?”
“නෑ.”
“ඔයාට ඕන ඩෝක්ටර්ට එන්න කියන්නද?”
“නෑ.”
“බෙතෙල් ට්‍රිප් එක ගැන දැනගන්නද කතා කළේ?”
“ඔව්.”
“එතකොට මම ගමනේ විස්තර කියනවා. මට හරිම සතුටුයි එයාට ඒ ගමන යන්න පුළුවන් වුණ එක ගැන.”
බෙතෙල් එක බලන්න එන්න මාසලස්ට හුඟක් බාධා ජයගන්න සිද්ධ වුණා. ඔහුට ලොකු ආදායමක් ලැබුණේ නැහැ. ඒ නිසා කිලෝමීටර් 5,400ක දුරක් ගෙවාගෙන ගුවනින් නිව් යෝර්ක් නගරයට එන්න අවුරුදු දෙකක් පුරා ඔහු සල්ලි එකතු කළා. ඒ වගේම ඔහුගේ අසනීප තත්වය නිසා ඔහුත් එක්ක මේ ගමන යන්න සහායකයෙක් හොයාගන්නත් සිද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි ගමන යන්න වෛද්‍යවරයාගේ අවසර ලබාගන්නත් වුණා. ඒ අවසරය ලැබුණේ ගුවන් ගමන යන්න නියමිත දිනයට ටික දවසකට කලිනුයි.
නිව් යෝර්ක් නගරයට ආව මාසලස්ට බෘක්ලින්, පැටර්සන් සහ වෝල්කිල්වල තියෙන ගොඩනැඟිලි බලන්න අවස්ථාව ලැබුණා. විශාල මුද්‍රණාලවල බයිබල් සහ පොත් පත් මුද්‍රණය වන විදිහ ඔහු දැක්කා. ඒ වගේම අපේ වැඩකටයුතු සංවිධානය කරන විදිහ ගැන අවබෝධයක් ලබාගන්නත් ඔහුට පුළුවන් වුණා. “බයිබලය සහ දෙවිගේ නම” සහ “යෙහෝවා දෙවිගේ නාමය දරන සෙනඟ” වැනි තේමා යටතේ ප්‍රදර්ශනය කරලා තිබුණු ගොඩක් දේවල් නරඹන්නත් ඔහුට අවස්ථාව ලැබුණා. මේ ගමන අතරතුර මාසලස්ට අලුත් යාළුවෝ ගොඩක් හඳුනගන්න ලැබුණා. ඇත්තෙන්ම මේ ගමන මාසලස්ට කවදාවත් අමතක නොවන ගමනක්!
බෙතෙල් නිවස බලන්න ගිය ගමන ගැන තමන්ට හැඟෙන විදිහ කියන්න කිව්වාම හුඟක් අය කියන්නේ ඒ ගැන විස්තර කරන්න වචන නැහැ කියලයි. ඒත් ගමන යන්න ගත්ත මහන්සිය වටිනවාද කියලා මාසලස්ගෙන් ඇහුවාම ඔහුට කියන්න පුළුවන් වචනවලින් ඔහු මෙහෙම කිව්වා. “ඔව්, ඔව්, ඔව්!”
මාසලස්ට වගේ බෙතෙල් නිවස බලන්න යන ගමන ඔබටත් ඔබේ පවුලේ අයටත් ප්‍රීතිමත් අද්දැකීමක් වෙයි. ලෝකය පුරාම තියෙන අපගේ ශාඛා කාර්යාල බලන්න ඕනෑම කෙනෙක්ට එන්න පුළුවන්. අපි ඔබටත් ආරාධනා කරන්න කැමතියි!
^ 3 ඡේ. මෙම ලිපිය ප්‍රකාශයට පත් කිරීම සඳහා සූදානම් කරන අතරතුර 2014 මැයි 19වෙනිදා සහේදර මාසලස් මිය ගියා.