යහපත් දිවියකට උදව් වෙන JW.ORG
ලෝකේ පුරා ඉන්න ජනයා jw.org වෙබ් අඩවියෙන් ප්‍රයෝජන ලබනවා. 2014 මැයි මාසය වෙන කල් මේ වෙබ් අඩවිය ගැන අගය පළ කරලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයට එව්ව අදහස් කීපයක් බලන්න.
පුංචි දරුවන්ට උපකාර
“පෙර පාසැලට යන මගේ දරුවා නිතරම යාළුවන්ගේ පැන්සල්, සෙල්ලම් බඩු, අව්කණ්ණාඩි අරගෙන එනවා. ඒක හොරකමක් කියලා එයාට තේරුම් කරලා දෙන්න අපි කොච්චර උත්සාහ කළත් ඒකෙන් වැඩක් වුණේ නැහැ. හැබැයි ‘හොරකම් කරන්න එපා’ කියන වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා පුතාට පෙන්නුවාම ලෙඩේට නියම බේත වැටුණා වගේ වුණා. ඒක බැලුවාට පස්සේ එයා ගෙදර ගෙනාපු ඒවා ඔක්කොම ගෙනිහින් දෙනවා කියලා කිව්වා. හොරකම් කරනවාට දෙවියන් කැමති නැහැ කියන එක එයා දැන් හොඳින්ම දන්නවා. මේ වෙබ් අඩවිය අපිට මොන තරම් උදව්වක්ද!”—අප්‍රිකාවේ ඩී. එන්.
“‘හොරකම් කරන්න එපා’ කියන වීඩියෝ එක . . . පුතාට පෙන්නුවාම ලෙඩේට නියම බේත වැටුණා වගේ වුණා”
“මගේ දරුවෝ මේ වෙබ් අඩවියට හරිම කැමතියි. ඒගොල්ලන් පුංචි පුංචි වීඩියෝ ඩවුන්ලෝඩ් කරගෙන බලනවා. ඒ නිසා බොරු කියන එක, හොරකම් කරන එක වැරදියි කියලා පෙන්වන බයිබල් ප්‍රතිපත්ති ඒගොල්ලෝ අදාළ කරගන්නවා. ඒ විතරක් නෙමෙයි, අනාගතයේදී සමාජයට වැඩදායී පුද්ගලයන් වෙන්න උදව් වෙන වටිනා ගුණාංගත් ඒගොල්ලන්ට ඉගෙනගන්න ලැබෙනවා.”—බටහිර ඉන්දීය කොදෙව්වල ඕ. ඩබ්ලියු.
පාසැල් යන දරුවන්ට උපකාර
“මට ඉස්කෝලේ යන එක එපා වෙලයි තිබුණේ. ඒ නිසා ඉස්කෝලේ යන එක නතර කරන්නයි හැදුවේ. හැබැයි ‘මං ඉස්කෝලේ යන එක නතර කරන්නද?’ කියන ලිපිය jw.org වෙබ් අඩවියෙන් කියෙව්වට පස්සේ ඉස්කෝලේ යන එකේ වැදගත්කම තේරුණා. අනාගතයේදී වගකීමෙන් වැඩ කරන කෙනෙක් වෙන්නත් ජීවිතය හොඳින් ගත කරන්නත් අවශ්‍ය පුහුණුව ඉස්කෝලෙන් ලබා දෙනවා කියලා මට පැහැදිලි වුණා.”—අප්‍රිකාවේ එන්. එෆ්.
“මේ වෙබ් අඩවියේ යෞවනයන්ට හොඳ උපදෙස් තියෙනවා. ඉස්කෝලෙදී සදාචාර ප්‍රමිති රැකගෙන ඉන්න ඒකේ තියෙන උපදෙස් මට උදව් වෙනවා”
“මේ වෙබ් අඩවියේ යෞවනයන්ට හොඳ උපදෙස් තියෙනවා. ඒ උපදෙස් ඉස්කෝලෙදී සදාචාර ප්‍රමිති රැකගෙන ඉන්න මට උදව් වෙනවා. වෙනත් දේවල්වලට අවධානය නොදී ඉගෙනීමේ වැඩකටයුතු හොඳින් කරගෙන යන්නත් මට පුළුවන් වෙලා තියෙනවා.”—අප්‍රිකාවේ ජී.
“මාත් එක්ක වැඩ කරපු කාන්තාවක් කිව්වා එයාගේ දුවට ඉස්කෝලේ ළමයි කරදර කරනවා කියලා. විශේෂයෙන්ම එක ගෑනු ළමයෙක්. ඒක එයාගේ දුවට කොච්චර බලපෑවාද කියනවා නම් තිබුණු බය නිසා දුව දවස් කීපයක් ඉස්කෝලේ ගියෙත් නැහැ. මම එයාත් එක්ක jw.org වෙබ් අඩවියේ කාටූන් චිත්රවලින් උගනිමු පාඩම් කියන කොටසේ තියෙන ‘චණ්ඩි ළමයින්ගේ කරදරවලින් බේරෙන්නේ කොහොමද?’ කියන වීඩියෝ එකේ කරුණු ගැන කතා කළා. එයා වැඩියෙන්ම කැමති වුණේ කරදර කරන්න ආපු කෙනාව හිනස්සලා රණ්ඩුවක් ඇති නොවෙන විදිහට තත්වය හොඳ අතට හරවන්න කියලා තියෙන උපදෙසටයි. ඒ වගේ අවස්ථාවකදී කරන්න පුළුවන් දේ ගැන එයා එයාගේ දුවට කියලා දුන්නා. ඒ නිසා බය නැතුව ඉස්කෝලේ යන්න දුවට පුළුවන් වුණා. ටික කාලයක් යද්දී තත්වය හොඳ අතට හැරුණා. කරදර කරපු ළමයාත් අන්තිමේදී දුව එක්ක යාළු වුණා.”—නැඟෙනහිර යුරෝපයේ වී. කේ.
තරුණ අයට උපකාර
“වෙබ් අඩවියේ තියෙන ‘ඇයි මට මාවම කපාගන්න හිතෙන්නේ?’ කියන ලිපියට ගොඩක් ස්තුතියි. ඒ ප්‍රශ්නෙත් එක්ක මම සෑහෙන කාලයක් පොරබැදුවා. ඒ ගැන අනිත් අයට කිව්වත් ඒගොල්ලන් මාව තේරුම්ගන්න එකක් නැහැ කියලා හිතපු නිසා මං තනි වුණා. මේ ලිපියේ තිබුණු අද්දැකීම් මට ඇත්තටම උදව් වුණා. මාව තේරුම්ගන්න කවුරු හරි ඉන්නවා කියන එක මට දැනුණා.”—ඕස්ට්‍රේලියාවේ තරුණියක්.
“මේ ලිපියේ තිබුණු අද්දැකීම් මට ඇත්තටම උදව් වුණා. මාව තේරුම්ගන්න කවුරු හරි ඉන්නවා කියන එක මට දැනුණා”
“jw.org වෙබ් අඩවිය නිසා යෞවන අයට මුහුණ දෙන්න තියෙන ප්‍රශ්නවලට විසඳුම් මට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඒකේ එක ලිපියක තිබුණු තොරතුරු නිසා ලිංගික හිරිහැර කියන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න පුළුවන් වුණා. මමත් ඒකට ගොදුරු වෙලා තියෙනවා කියලා තේරුණේ එතකොටයි. ඒ වගේ අවස්ථාවකදී කරන්න ඕන මොකක්ද කියලත් මම ඉගෙනගත්තා.”—බටහිර ඉන්දීය කොදෙව්වල ටී. ඩබ්ලියු.
දෙමව්පියන්ට උපකාර
“යෞවන වයසේ ඉන්න මගේ පුතාට සාමාන්‍ය කෙනෙක් වගේ එක දේකට අවධානය දෙන්න අමාරුයි. කොයි වෙලේ එයාගේ හැසිරීම වෙනස් වෙනවාද කියලා කියන්න බැහැ. ඊළඟට මොනවා කරයිද කියලා හිතාගන්නත් බැහැ. ඒක මට ලොකු පීඩනයක්. ඒ නිසා එයාත් එක්ක හොඳින් කතාබහ කරන්න බැරි වුණා. දවසක් jw.org වෙබ් අඩවියට ගියාම විවාහක යුවළට සහ දෙමාපියන්ට කියන කොටසේ තියෙන ලිපි කීපයක්ම කියවන්න මට පුළුවන් වුණා. මං මුහුණ දෙන තත්වයට ප්‍රයෝජනවත් ලිපි ඒ අතරේ තිබුණා. පුතා එක්ක හොඳින් අදහස් හුවමාරු කරගන්න පුළුවන් කොහොමද කියලා ඉගෙනගත්තා. පුතාටත් වෙබ් අඩවිය ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. එයා දැන් එයාට හැඟෙන හැම දේම මට කියනවා. එයාගේ දුක සැප දෙකම මාත් එක්ක බෙදාගන්නවා.”—අප්‍රිකාවේ සී. බී.
“දරුවන්ට එන අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න උදව් වෙන ලිපි මේ වෙබ් අඩවියේ පළ වෙනවා”
“දෙමව්පියන් හැටියට අපේ ළමයින්ට උගන්වද්දී විනෝදයක් ලැබෙන විදිහට දේවල් කියලා දෙන්න jw.org වෙබ් අඩවියෙන් උපකාර ලැබෙනවා. උදාහරණයකට, කාටූන් චිත්රවලින් උගනිමු පාඩම් කියන කොටසේ තියෙන හොඳ යාළුවෙක්ව හොයාගන්නේ කොහොමද කියලා පෙන්වන වීඩියෝ එකෙන් අපේ දරුවන් හුඟක් ප්‍රයෝජන ගත්තා. මිත්‍රත්වයන් ගැන හරි ආකල්පයක් ඇතුව ඉන්නත් හොඳ යාළුවන්ව තෝරගන්නත් එයාලට ඒක උදව් වුණා. දරුවන්ට එන අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න උදව් වෙන ලිපි මේ වෙබ් අඩවියේ පළ වෙනවා. ඒකෙන් ලැබෙන උපදෙස් හුඟක් ප්‍රයෝජනවත්.”—යුරෝපයේ ඊ. එල්.
විවාහක යුවළයන්ට උපකාර
“අපි බැඳලා අවුරුදු 6ක් වෙනවා. සාමාන්‍යයෙන් පසුබිම් දෙකක ඉන්න, වෙනස් අදහස් තියෙන දෙන්නෙක් අතරේ ප්‍රශ්න ඇති වෙනවා. අපිටත් එහෙමයි. අදහස් හුවමාරු කරගන්න අමාරු වෙන අවස්ථාත් තියෙනවා. ‘හොඳ සවන් දෙන්නෙක් වෙන්නේ කොහොමද?’ කියන ලිපිය jw.org වෙබ් අඩවියේ තිබුණා. මම ඒක කියවලා ඒකේ තියෙන හොඳ උපදෙස් භාර්යාවටත් පෙන්නුවා. අපි දෙන්නාම දැන් ඒ උපදෙස් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා.”—බටහිර ඉන්දීය කොදෙව්වල බී. බී.
“මේ වෙබ් අඩවිය නිසා තමයි මගේ විවාහය රැකුණේ”
“ගිය අවුරුද්දේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක ආශ්‍රය කරන්න මට අවස්ථාවක් ලැබුණා. ඕගොල්ලන්ගේ වෙබ් අඩවිය ගැන අගය පළ කරන්න මං කැමතියි. කේන්තිය පාලනය කරගන්න විදිහ, හොඳ ස්වාමිපුරුෂයෙක් වෙන විදිහ, හොඳ තාත්තෙක් වෙන විදිහ වගේ හුඟක් ප්‍රයෝජනවත් දේවල් මේකෙන් දැනගන්න මට පුළුවන්. මේ වෙබ් අඩවිය නිසා තමයි මගේ විවාහය රැකුණේ කියලා මට අවංකවම කියන්න පුළුවන්.”—බටහිර ඉන්දීය කොදෙව්වල එල්. ජී.
බිහිරි අයට උපකාර
“jw.org වෙබ් අඩවිය නිසා මට නව පණක් ලැබුණා. ඇමරිකානු සංඥා භාෂාවෙන් තියෙන වීඩියෝවලින් මම පාවිච්චි කරන සංඥා භාෂාව දියුණු කරගන්න මට පුළුවන් වුණා. මං ජීවත් වුණේ ජීවත් වෙන්නන් වාලේ. ඒත් වීඩියෝ එකක් (Seeing God’s Word in My Language) බැලුවට පස්සේ ඒක මගේ හිතට තදින් කාවැදුණා. මගේ ජීවිතේ වටිනාකමක් තියෙනවා කියලා මං තේරුම්ගත්තා.”—අප්‍රිකාවේ ජේ. එන්.
“jw.org වෙබ් අඩවිය නිසා මට නව පණක් ලැබුණා”
“ඇත්තටම මේ වෙබ් අඩවිය හුඟක් වටිනවා. මං බිහිරි අයට, විශේෂයෙන්ම බිහිරි යෞවනයන්ට ස්වේච්ඡාවෙන් උදව් කරන කෙනෙක්. සංඥා භාෂාවෙන් තියෙන විවිධ තොරතුරු මගේ සංඥා භාෂාව පාවිච්චි කිරීමේ හැකියාව දියුණු කරගන්න මට උදව් වෙලා තියෙනවා. තමන්ගේ පවුල් ජීවිතයත්, මිත්රත්වයනුත් ශක්තිමත් කරගන්න කැමති අයට උදව් කරන්න මට මේ වෙබ් අඩවිය උදව් වෙනවා.”—බටහිර ඉන්දීය කොදෙව්වල කේ.ජේ.
අන්ධ අයට උපකාර
“මම jw.org වෙබ් අඩවියෙන් ප්‍රයෝජන ලබාගන්න අන්ධ කෙනෙක්. තැපෑලෙන් ලබාගන්න මාස ගාණක් ගත වෙන තොරතුරු ඉක්මනින්ම මේ වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්. මගේ පවුල් ජීවිතය සාර්ථක කරගන්නත් සමාජයට වැඩදායී පුද්ගලයෙක් වෙන්නත් මේ වෙබ් අඩවිය මට උදව් වෙලා තියෙනවා. ඇස් පේන මගේ යාළුවන්ට ලැබෙන තොරතුරුම මේ වෙබ් අඩවියෙන් මටත් ලැබෙනවා.”—දකුණු ඇමරිකාවේ සී. ඒ.
“මගේ පවුල් ජීවිතය සාර්ථක කරගන්නත් සමාජයට වැඩදායී පුද්ගලයෙක් වෙන්නත් මේ වෙබ් අඩවිය මට උදව් වෙලා තියෙනවා”
“බ්‍රේල් කියවන්න බැරි අයටත් බ්‍රේල් පොත් පත් අරගන්න සල්ලි නැති අයටත් jw.org වෙබ් අඩවිය මිල කරන්න බැරි වස්තුවක්. පටිගත කරපු තොරතුරුවලට ඇහුම්කන් දීලා විවිධ විෂයන් ගැන දැනුම ලබාගන්න අන්ධ අයටත් පුළුවන් වෙලා තියෙනවා. මේ වෙබ් අඩවිය භේදයකින් තොරව හැමෝටම කියවන්න පුළුවන් විදිහට නිර්මාණය කරපු එකක්. අනිත් අය වගේම අන්ධ අපිත් සමාජයට වටින පුද්ගලයන් කියන හැඟීම ඇති කරගන්න මේ වෙබ් අඩවිය උදව් වෙලා තියෙනවා.”—අප්‍රිකාවේ ආර්. ඩී.
දෙවියන් ගැන දැනගන්න කැමති අයට උපකාර
“ඕගොල්ලන්ගේ වෙබ් අඩවියයි අනිත් වෙබ් අඩවියි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒගොල්ලන්ගේ වචනයි, ඒගොල්ලන් කියන දේවලුයි තේරුම්ගන්න පුළුවන් පූජකයන්ට විතරයි. ඒත් ඕගොල්ලන්ගේ වෙබ් අඩවියේ තියෙන දේවල් හිතට කාවදින විදිහට සරලව පැහැදිලි කරලා තියෙනවා. අනවශ්‍ය විදිහට තොරතුරුවලින් පුරවලාවත් දර්ශනවාදී අදහස් ඇතුළත් කරලාවත් නැහැ. දෙවියන් ගැන විශ්වාසයක් ඇති කරගන්න එක මහ අමාරු දෙයක් කියලා පෙන්නලාවත් නැහැ. ඕනම කෙනෙක්ට දෙවියන් ගැන විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් කියලා මේකේ පෙන්නලා තියෙනවා.”—ආසියාවේ ඒ. ජී.
“ඕගොල්ලන්ගේ වෙබ් අඩවියේ තියෙන දේවල් හිතට කාවදින විදිහට සරලව පැහැදිලි කරලා තියෙනවා. . . . ඕනම කෙනෙක්ට දෙවියන් ගැන විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් කියලා ඒකේ පෙන්වලා තියෙනවා”
“jw.org වෙබ් අඩවිය තිබුණේ නැත්නම් මොනවා කරන්නද කියලා මට හිතාගන්න බැහැ. මිනිස්සු දෙවියන්ගෙන් ඈත්වෙලා අඳුරේ හිටියත් මේ වෙබ් අඩවිය මට ආලෝකයක් වගේ. සමහර දේවල් ගැන දෙවියන් දරන අදහස වගේම ජීවිතයේ හුඟක් ප්‍රශ්නවලට පිළිතුරු මට අවශ්‍ය වෙලාවට කියවන්නත් අහන්නත් පුළුවන්.”—බටහිර ඉන්දීය කොදෙව්වල ජේ. සී.
“දකුණු ඇමරිකාවේ ගන කැලෑව මැද්දේ ඉන්න මට දෙවියන්ට ළං වෙලා ඉන්න ලැබිලා තියෙන උපකාරය මං හුඟක් අගය කරනවා. මේ වෙබ් අඩවිය තිබුණේ නැත්නම් මම අතරමං වෙලා.”—දකුණු ඇමරිකාවේ එම්. එෆ්.