යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කළ විශිෂ්ට සේවයකට සහතිකපත් ප්රදානය කරයි
ඕස්ට්‍රේලියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 9දෙනෙක් කරපු විශිෂ්ට සේවයකට ඩර්බි නගරය අසල පිහිටි කර්ට්න් රැඳවුම් කඳවුරෙන් සහතිකපත් ප්රදානය කළා. නීති විරෝධීව රටට පැමිණෙන අයව රඳවා තබන ඒ කඳවුර ඕස්ට්‍රේලියාවේ තියෙන විශාලතම රැඳවුම් කඳවුරුවලින් එකක්. *
රැඳවියන් අද්දකින දේවල් ගැන අහන්නත් බයිබලයේ තියෙන පණිවිඩය කියලා සහනයක් සහ බලාපොරොත්තුවක් ලබා දෙන්නත් සාක්ෂිකරුවන් හැම සතියකම ඒ අයව හම්බ වෙන්න යනවා. ඒ කඳවුරේ ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ නිලධාරියෙක් වන ක්රිස්ටොෆ රිඩොක් මෙහෙම කිව්වා. “සාක්ෂිකරුවන් ඇවිත් ගිය ගමන්ම රැඳවියන්ගේ ලොකු වෙනසක් දකින්න ලැබෙනවා. ඒ අය ගැන අවංක සැලකිල්ලක් දක්වන අය තාමත් මේ ලෝකේ ඉන්න එක කොච්චර දෙයක්ද!” සාක්ෂිකරුවන් බලන්න ආවාට පස්සේ ඒ අයගේ දුක තුනී වෙලා මුහුණුවල සිනහවක් ඇඳුණා කියලත් සාක්ෂිකරුවන්ව ඇත්තටම අගය කරන්න ඕන කියලත් තවදුරටත් ඔහු කිව්වා.
සාක්ෂිකරුවන්ට සහතිකපත් ප්රදානය කරපු එක “අපේ භාරයේ ඉන්න රැඳවියන්ගේ ජීවිත ගොඩනංවන්න” සාක්ෂිකරුවන් දැරුව වෙහෙසට කරපු සුළු ස්තුති කිරීමක් විතරයි කියලා රිඩොක් මහතා කිව්වා. ඔහු තවදුරටත් කිව්වේ “ඇත්තෙන්ම සාක්ෂිකරුවන් ඔවුන්ගේ පවුල්වලට, ඔවුන්ගේ සභාවට, ඔවුන්ගේ ආගමට ගෞරවයක්” කියලයි.
^ 2 ඡේ. ගොඩනැඟිල්ලට 1,500දෙනෙක්ව දාන්න පුළුවන්