කාමාතුරයන්ගෙන් දරුවන්ව රැකගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙමව්පියන්ව හා දරුවන්ව දැනුවත් කරයි
දරුවන්ට ආදරය කරන්න, මඟ පෙන්වීම් දෙන්න, ආරක්ෂාව දෙන්න කියලත් ඔවුන්ව දෙවියන් දුන්න තෑග්ගක් හැටියට සලකන්න කියලත් දෙමව්පියන්ට බයිබලයේ උපදෙස් දීලා තියෙනවා. (ගීතාවලිය 127:3; හිතෝපදේශ 1:8; එෆීස 6:1-4) ලොකුම අනතුරුවලින් එකක් තමයි දරුවන්ව ලිංගික අතවරවලට ලක් වෙන එක. ඒ අනතුරෙන් දරුවන්ව රැකගන්න දෙමව්පියන් වගබලා ගන්න ඕනේ.
පවුල් බැඳීම් ශක්තිමත් කරගන්න විදිහ ගැන තොරතුරු ඇතුළත් පොත් පත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අවුරුදු ගණනාවක් තිස්සේ බෙදාහැරලා තියෙනවා. ඒ වගේම දරුවන්ව ලිංගික අතවරවලින් රැකගන්න විදිහ ගැන දෙමව්පියන්ට ප්‍රයෝජනවත් තොරතුරුත් කාමාතුරයන්ගෙන් ආරක්ෂා වෙන විදිහ ගැන දරුවන්ව දැනුවත් කරන තොරතුරුත් ලබා දීලා තියෙනවා. මේ කාරණා ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පළ කරපු නිශ්චිත මඟ පෙන්වීම් ඇතුළත් පොත් පත් කීපයකුත් ඒ පොත් පත් නිකුත් කරපු පිටපත් ගණන හා භාෂා ගණනත් පහත සඳහන් කරලා තියෙනවා. *
මාතෘකාව: සැඟවුණු අපරාධයක් - තමන්ගෙම පවුලේ අයගෙන් ලිංගික අතවර
ප්රකාශනය: 1981 පෙබරවාරි 8 ‘පිබිදෙව්!’ සඟරාව
පිටපත් ගණන: 78,00,000
භාෂා ගණන: 34
මාතෘකාව: තමන්ගෙම පවුලේ අයගෙන් අතවරයට ලක් වුණ අයට උපකාර
ප්රකාශනය: 1983 ඔක්තෝබර් 1 ‘මුරටැඹ’ සඟරාව
පිටපත් ගණන: 1,00,50,000
භාෂා ගණන: 102
මාතෘකා: ළමා අපචාර - බයෙන් ඉන්න මව්වරුන්; ළමා අපචාර - ‘මේවා කරන්නේ මොන හිතකින්ද?’; ළමා අපචාර - දරුවාව ආරක්ෂා කරගන්න ඔබට පුළුවන්
ප්රකාශනය: 1985 ජනවාරි 22 ‘පිබිදෙව්!’ සඟරාව
පිටපත් ගණන: 98,00,000
භාෂා ගණන: 54
මාතෘකා: ළමා දූෂණයට ගොදුරු වන අහිංසකයෝ; සුව වීමට කාලයක්
ප්රකාශනය: 1991 ඔක්තෝබර් 8 ‘පිබිදෙව්!’ සඟරාව
පිටපත් ගණන: 1,29,80,000
භාෂා ගණන: 64
මාතෘකා: ඔබගේ දරුවා අනතුරෙහි!; අපගේ දරුවන්ව අප රැකගන්නේ කෙසේද?; නිවසේදී එය සිදුවීමෙන් වැළැක්වීම
ප්රකාශනය: 1993 ඔක්තෝබර් 8 ‘පිබිදෙව්!’ සඟරාව
පිටපත් ගණන: 1,32,40,000
භාෂා ගණන: 67
මාතෘකාව: ‘දෙමාපියෙනි! දරුවන්ව ආරක්ෂා කරගන්න’
ප්රකාශනය: 2002 නිකුත් කළ පොදු ජන සේවා නිවේදන වීඩියෝ අංක 4
භාෂා ගණන: 2
මාතෘකාව: යේසුස්ව ආරක්ෂා කළ සැටි
ප්රකාශනය: 2003 පළ කළ ‘උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු’ කියන පොතේ 32වෙනි පරිච්ඡේදය
පිටපත් ගණන: 3,97,46,022
භාෂා ගණන: 141
මාතෘකා: ඔබේ දරුවාත් අනතුරේද?; ඔබේ දරුවාව ආරක්ෂා කරගත හැකි අයුරු; සෙනෙහසේ නවාතැනක්
ප්රකාශනය: 2007 ඔක්තෝබර් ‘පිබිදෙව්!’ සඟරාව
පිටපත් ගණන: 3,42,67,000
භාෂා ගණන: 81
මාතෘකා: කාමාතුරයන්ගෙන් මම ආරක්ෂා වෙන්නේ කොහොමද?; දෙමාපියන්ට පැනනඟින ගැටලු: මගේ දරුවා සමඟ ලිංගික කාරණා ගැන කතා කළ යුතුද?
ප්රකාශනය: 2011 පළ කළ ‘යොවුන් සිතේ ගැටලු - ඊට විසඳුම්,’ 1වන පොතේ 32වෙනි පරිච්ඡේදය සහ උපග්‍රන්ථය
පිටපත් ගණන: 1,83,81,635
භාෂා ගණන: 65
මාතෘකාව: දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න දෙමව්පියන්ට පුළුවන් කොහොමද?
ප්රකාශනය: jw.org/si වෙබ් අඩවිය; ලිපිය පළ කෙරුවේ 2013 සැප්තැම්බර් 5
භාෂා ගණන: 64
කාමාතුරයන්ගේ අතවරවලින් දරුවන්ව රැකගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නොකඩවාම දෙමව්පියන්ව හා දරුවන්ව දැනුවත් කරනවා.
^ 3 ඡේ. නිකුත් කළ දින ඉංග්‍රීසි පිටපත්වලට අදාළයි.