Skip to content

හංගේරියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ප්‍රශංසා

හංගේරියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ප්‍රශංසා

2013 ජූනිවලදී මධ්‍යම යුරෝපයට නොකඩවා ඇද හැළුණු වැස්ස නිසා ගංගා පිටාර ගැලීමේ අවදානමක් තිබුණා. හංගේරියාවේ ඩැනියුබ් ගඟේ වතුර ඉහළටම නැග්ගා.

පැන නැඟුණු හදිසි අවස්ථාව නිසා හංගේරියාවේ මානව සම්පත් අමාත්‍යාංශය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් උදව් ඉල්ලුවා. මේ ජලගැලීම වළක්වන්න රජයේ නිලධාරීන් සංවිධානය කරන වැඩපිළිවෙළට සහයෝගය දෙන්න එන්න කියලා හංගේරියාවේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය ඩැනියුබ් ගඟ අවට සභාවල ඉන්න සහෝදරයන්ට ආරාධනා කළා.

සභාවලින් දැක්වුව ප්‍රතිචාරය අතිවිශිෂ්ටයි. ඊළඟ දින කීපයේදී සභා 72කින් සාක්ෂිකරුවන් 900කට වඩා වැඩිදෙනෙක් ගංඉවුරු කඩාගෙන යන එක වළක්වන වැඩේට සහයෝගය දෙන්න ආවා. තමන්ගේ නමත් තමන්ගේ නගරයත් “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්” කියලත් සටහන් කරපු බැජ් කාඩ් පැළඳගෙන ඉන්න කියලා ඔවුන්ට කියලා තිබුණා.

එක නගරයක ඉන්න හංගේරියාවේ රතු කුරුස සංවිධානයේ නියෝජිතයෙක් සභාවකට මේ වගේ පණිවිඩයක් එවලා තිබුණා. “ඇත්තෙන්ම අපි ඔයගොල්ලන්ට ණයගැතියි. ඔයගොල්ලන්ව අගය කරන්න ඕනේ. මොකද මේ වගේ කැමැත්තෙන් ඉදිරිපත් වෙලා එකමුතුව වැඩ කරන අය දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඔයගොල්ලන් කොච්චර දුරක ඉඳලා ආවාද කියලා ආයෙත් අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඔයගොල්ලන්ගේ ආදර්ශය අපිට ආඩම්බරයක්!”

හංගේරියානු පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකුත් වන සහන සේවා ආයතනයක සභාපතිවරයෙක් සාක්ෂිකරුවන් දුන්න පූර්ණ සහයෝගයට ස්තුති කරලා හංගේරියාවේ ශාඛා කාර්යාලයට ලියුමක් එවලා තිබුණා.