Skip to content

“ඔයාල අපි හැමෝටම ආදර්ශයක්”

“ඔයාල අපි හැමෝටම ආදර්ශයක්”

සිසිලි දූපතේ සපොනාරා නගරයේ සිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට සමරු ඵලකයක් පිරිනැමුණා. ඒ, සිසිලි දූපතේ ඇති වුණ ගංවතුරකට පස්සේ ඒ ප්‍රදේශයේ හිටපු සෙනඟට සහන සේවා සපයන්න සාක්ෂිකරුවන් ඉදිරිපත් වුණ නිසයි.

2011 නොවැම්බර් 22වෙනිදා මෙසීනා ප්‍රාන්තයට ගැලූ මහා ගංවතුරක් නිසා සපොනාරා ඇතුළු ගම් සහ නගර කිහිපයකටම විශාල හානි සිදු වුණා. ඒ විතරක් නෙමෙයි සපොනාරා නගරයේ සිදු වූ නායයෑමකින් ළමයෙක් සහ වැඩිහිටියන් දෙදෙනෙක්ද මිය ගියා.

ගංවතුරෙන් පස්සේ දවස් කිහිපයක්ම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දරුණු විදිහට ආපදාවට ලක් වූ ප්‍රදේශවල මඩ සහ සුන්බුන් ඉවත් කරමින් විශාල මෙහෙවරක් ඉටු කළා.

සාක්ෂිකරුවන් ඒ නගරවල බලධාරීන් එක්ක එකතු වෙලා වැඩිපුර උදව් අවශ්‍ය ප්‍රදේශවලට ගිහින් උපකාර කළා. ආපදාවෙන් පස්සෙ ටික දවසක් යන තුරුත් ඔවුන් එහේ නතර වෙලා අවශ්‍ය උදව් ලබා දුන්නා. ඒ සහන සේවය සඳහා සාක්ෂිකරුවන් 50ත් 80ත් අතර ගණනක් සහභාගි වුණා. ඒ අය අතරින් සමහර අය ආවේ කිලෝමීටර් 100කට ආසන්න දුරක ඉඳලයි.

ආපදාවට ලක් වූ ප්‍රදේශවාසීන් බොහෝදෙනෙක් සාක්ෂිකරුවන් කළ සේවය අගය කළා. “ඔයාල අපි හැමෝටම ආදර්ශයක්” කියලා නගරාධිපති කිහිප සැරයක්ම සාක්ෂිකරුවන්ට කිව්වා.

ඉන් මාස පහකට පස්සේ ප්‍රාදේශීය සභාවේ නියෝජිතයෙක් වන ෆාබියෝ වින්චි සාක්ෂිකරුවන් ඉටු කළ සේවය අගය කරමින් ඒ ප්‍රදේශයේ තිබූ සාක්ෂිකරුවන්ගේ සභාවට සමරු ඵලකයක් පිරිනැමුවා.