Skip to content

හැමෝටම එක වගේ සලකන්න උගන්වයි

හැමෝටම එක වගේ සලකන්න උගන්වයි

යෙහෝවා දෙවියන් හැම කෙනෙක්ටම සලකන්නේ එක හා සමානවයි කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරනවා. (ක්‍රියා 10:34, 35) අපි බයිබලයේ තියෙන දේවල් කියලා දීලා අනිත් අයව පහත් කරලා සලකන පුරුද්දෙන් මිදෙන්න මිනිස්සුන්ට උදව් කරනවා.

වෙනත් ජාතීන්ව පහත් කරලා සලකන කිසිම සංවිධානයකට අපි සහයෝගය දෙන්නෙ නැහැ. උදාහරණයකට ජර්මනියේ නාට්සි පාලන කාලයේදී හිට්ලර් වෙනත් ජාතීන්ව පහත් කරලා සලකමින් ගෙන ගිය ව්‍යාපාරවලට ජර්මනියේවත් වෙන කිසිම රටකවත් හිටිය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සහයෝගය දුන්නේ නැහැ. ඒනිසා සිය ගණනක් සාක්ෂිකරුවන්ට තමන්ගේ ජීවිතයෙන් පවා වන්දි ගෙවන්න සිද්ධ වුණා.

ඒ වගේම 1994දී රුවන්ඩාවේ සමූල ඝාතනය සිද්ධ වුණ අවස්ථාවේදීවත් සාක්ෂිකරුවන් අනිත් ගෝත්‍රවල අයව මරන්න සහයෝගය දුන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් වෙනත් ගෝත්‍රවල අයව ආරක්ෂා කරන්න තමන්ගේ ජීවිත අවදානමේ හෙළුවා. තවත් අයගේ ජීවිත පවා අහිමි වුණා.

සෑම කෙනෙක්ටම උපකාර කරන්න ඕන නිසා අපි බයිබලය මත පදනම් පොත් පත් භාෂා 600කින් විතර මුද්‍රණය කරලා බෙදාහරිනවා. ඒ විතරක් නෙමෙයි හැම ජාතියකටම, ගෝත්‍රයකටම, භාෂාවකටම අයිති ඕනෑම කෙනෙක්ව අපේ නමස්කාර මධ්‍යස්ථානවලට ආදරයෙන් පිළිගන්නවා.—එළිදරව් 7:9.