2වෙනි කොටස
කනස්සල්ල - “සෑම ආකාරයකින්ම තළාපෙළා දැමුවත්”
“අපේ අවුරුදු 25ක විවාහ ජීවිතේ කෙළවර වුණේ දික්කසාදෙන්. මගේ දරුවොත් සත්‍යය අත්හැරියා. ඔය කාලේදීම වගේ මං හුඟක් ලෙඩ වුණා. ඒ දේවල් නිසා මං හිටියේ ලොකු පීඩනයකින්. මට දැනුණේ මුළු ලෝකෙම ඔළුවට කඩාගෙන වැටුණා වගේ. තවත් නම් දරාගන්න බැහැ කියලා මට හිතුණා. අන්තිමේදී මං රැස්වීම්, සේවයේ යන එක සම්පූර්ණයෙන්ම නවත්තලා දැම්මා.”—ජූන්.
කනස්සල්ල හැමෝටම පොදුයි. දෙවිගේ සෙනඟ කියලා වෙනසක් නැහැ. “මාගේ සිත නොසන්සුන් වුණා” කියලා ගීතිකාකරු කිව්වා. (ගීතාවලිය 94:19) “එදිනෙදා ජීවිතයේ ඇති වන කරදර නිසා” යෙහෝවා දෙවිට සේවය කරන එක ලේසි වෙන්නේ නැහැ කියලා යේසුත් කිව්වා. (ලූක් 21:34) ඔයා ඉන්නෙත් කනස්සල්ලෙන්ද? ආර්ථික ප්‍රශ්න, පවුලේ ප්‍රශ්න, අසනීප ඔළුවට මහ බරක් කියලා ඔයාට දැනෙනවද? ඔයාට උදව් කරන්න යෙහෝවා දෙවිට පුළුවන්. ඒ කොහොමද?
“සාමාන්‍යය ඉක්මවූ බලය”
ජීවිතේ කාංසාවන් නිසා “අපිව සෑම ආකාරයකින්ම තළාපෙළා” දාලා කියලා අපිට දැනෙයි. ‘අපි ව්‍යාකූල වෙලා’ කියලත් ‘අපිව බිමටම ඇදලා දාලා’ කියලත් හිතෙයි. ඒ තත්වයට තනියම මුහුණ දෙන්න අපිට බැහැ. යෙහෝවා දෙවිගේ උදව් ඕනෙමයි. ඔහු “සාමාන්‍යය ඉක්මවූ බලය” දීලා අපිට උදව් කරන නිසා “අපේ ගමන ඉන් නතර වන්නේ නැත,” “අපේ බලාපොරොත්තු සුන් වන්නේ නැත,” “අපි විනාශ වන්නේ නැත” කියලා පාවුල් දිරිගැන්නුවා.—2 කොරින්ති 4:7-9.
දෙවිගේ “සාමාන්‍යය ඉක්මවූ බලය” කලින් ඔයා අද්දැක්ක අවස්ථා මතක් කරගන්න. යෙහෝවා දෙවි පෙන්නන ආදරේ ගැන ඔයාගේ හිතේ තියෙන අගය බයිබල් දේශනයක් නිසා තවත් වැඩි වුණු අවස්ථාවක් මතකද? පාරාදීසය ගැන අනිත් අයට කියලා දෙද්දී දෙවිගේ පොරොන්දු ගැන ඔයාගේ හිතේ තියෙන විශ්වාසය තවත් වැඩි වුණා නේද? රැස්වීම්වලට යද්දී, එකිනෙකා තුළ තියෙන විශ්වාසය ඒ අය ඉදිරිපත් කරන අදහස්වලින් දකිද්දී අපි ශක්තිමත් වෙනවා. ඒක කනස්සල්ලට මුහුණ දෙන්න ලොකු උදව්වක්. ඒ වගේම සතුටින් දෙවිට සේවය කරන්න පුළුවන් විදිහේ සාමකාමී මනසකුත් ඒකෙන් අපිට ලැබෙනවා.
“යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න”
හැමෝම ඔයාගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා කියලා සමහරවිට ඔයාට දැනෙයි. දෙවිටත් නමස්කාර වැඩවලටත් මුල් තැන දෙන්න කියලා යෙහෝවා දෙවි අපෙන් ඉල්ලනවා. (මතෙව් 6:33; ලූක් 13:24) ඒත් විරුද්ධවාදිකම්, අසනීප, පවුලේ ප්‍රශ්න නිසා ඒක කරන්න බැරි වුණොත්? නැත්නම් රැකියාව නිසා සභාවේ වැඩ කරන්න බැරි වුණොත්? කරන්න දහසක් වැඩ තිබුණත් ඒවා කරන්න කාලය මදි කියලත් ශක්තිය නැහැ කියලත් දැනෙද්දී තවත් නම් දරාගන්න බැහැ කියලා ඔයාට හිතෙයි. සමහරවිට යෙහෝවා දෙවි ඔයාගෙන් ඕනෑවට වඩා බලාපොරොත්තු වෙනවා කියලා ඔයාට හිතෙයි.
යෙහෝවා දෙවි අපි ඉන්න තත්වය තේරුම්ගන්නවා. ඒ නිසා අපිට පුළුවන් ප්‍රමාණයට වඩා ඔහු අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඉන්න පීඩනයෙන් ගොඩ එන්න කාලයක් යනවා කියලත් ඔහු දන්නවා.—ගීතාවලිය 103:13, 14.
බය වෙලා, අධෛර්යය වෙලා පාළුකරයට පලා ගිය එලියාට යෙහෝවා දෙවි සලකපු විදිහ මතකද? ආයෙත් ගිහින් පැවරුම කරන්න කියලා දෙවි එලියාට තදින් කිව්වද? නැහැ. ඔහු දේවදූතයෙක්ව එවලා එලියාව ශක්තිමත් කළා. දේවදූතයා නිදාගෙන හිටපු එලියාට ආදරෙන් කතා කරලා දෙපාරක්ම කෑම දුන්නා. ඒත් දවස් 40කට 1 රාජාවලිය 19:1-19) දුකෙන්, කනස්සල්ලෙන් හිටපු එලියාට යෙහෝවා දෙවි කොයි තරම් ඉවසීමෙන්, දයාවෙන් සැලකුවද! අද ඉන්නෙත් එදා හිටපු යෙහෝවා දෙවිමයි. දෙවි අපිට සලකන්නෙත් එදා එලියාට සලකපු විදිහටමයි.
පස්සෙත් එලියා හිටියේ කනස්සල්ලෙන්. දෙවි මොකද කළේ? එලියාව ආරක්ෂා කරන්න තමන්ට පුළුවන් කියලා බලවත් ක්‍රියා මගින් ඔහුට පෙන්නුවා. “සන්සුන්, මෘදු කටහඬකින්” ඔහුව සැනසුවා. දෙවිට විශ්වාසවන්තව සේවය කරන දහස් ගාණක් තවමත් ඉන්නවා කියලා එලියාට කිව්වා. ඊටපස්සේ එලියා ආයෙත් උද්‍යෝගයෙන් දෙවිට සේවය කරන්න පටන්ගත්තා. (යෙහෝවා දෙවි වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් දේ, බැරි දේ තේරුම්ගන්න. අතීතයත් එක්ක සසඳන්න එපා. මෙහෙම හිතන්න. ධාවකයෙක්ට පුළුවන්ද මාස කීපයක් පුහුණුවීම් කරන්නේ නැතුව ඉඳලා එකපාරටම කලින් දස්කම්වලට එන්න? බැහැ. ඒ වෙනුවට එයාගේ ශක්තිය, දරාගැනීමේ හැකියාව වැඩි කරගන්න උදව් වෙන ඉලක්ක තියලා ඒවා ටිකෙන් ටික ජය ගන්න එයා උත්සාහ කරනවා. අපි ඉන්නෙත් ධාවන තරඟයක. අපිටත් ඕනෙ ත්‍යාගය ලබාගන්න පුළුවන් විදිහට දුවන්න. (1 කොරින්ති 9:24-27) දැනට ඔයාට ජය ගන්න පුළුවන් ඉලක්කයක් තියලා ඒක ජය ගන්න උත්සාහ කරන්න. උදාහරණෙකට ඔයාට පුළුවන් රැස්වීමකට යන්න ඉලක්කයක් තියාගන්න. ඒකට උදව් ඉල්ලලා යාච්ඤා කරන්න. දෙවි එක්ක තියෙන බැඳීම ආයෙත් ටික ටික වැඩි වෙද්දී “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න” ඔයාට පුළුවන් වෙයි. (ගීතාවලිය 34:8) ඔයාගේ හිතේ දෙවිට තියෙන ආදරේ පෙන්නන්න ඔයා කරන පුංචි දේ වුණත් දෙවිට හුඟක් වටිනවා.—ලූක් 21:1-4.
‘මට ඕන වෙලා තිබුණු තල්ලුව ලැබුණා’
තමන් ළඟට ආයෙත් එන්න යෙහෝවා දෙවි ජූන්ට උදව් කළේ කොහොමද? ඒ ගැන ජූන් මෙහෙම කියනවා. “උදව් ඉල්ලලා මං දෙවිට යාච්ඤා කළා. මං හිටපු නගරේ සමුළුවක් තියෙනවා කියලා දැනගත්තම සමුළුවේ එක දවසකට හරි යනවා කියලා මං හිතාගත්තා. ආයෙත් දෙවිගේ සෙනඟ එක්ක ඉද්දී මට දැනුණේ පුදුම සතුටක්. කාලයක් තිස්සේ මට ඕන වෙලා තිබුණු තල්ලුව එදා මට ලැබුණා. දැන් මං ආයෙත් සතුටෙන් දෙවිට සේවය කරනවා. දැන් තමයි මට දැනෙන්නේ මං ජීවත් වෙනවා කියලා. සහෝදර සහෝදරියන්ගේ උදව් නැතුව තනියම මේ ගමන යන්න බැහැ කියලා මං දැන් දන්නවා. මං එන කල් ඉවසීමෙන් බලාගෙන හිටපු එක ගැන මං දෙවිට ගොඩක් ස්තුති කරනවා.”