Skip to content

පටුනට යන්න

අවසානය

අවසානය

යෙහෝවා දෙවිගේ සෙනඟ එක්ක ගත කරපු ඒ සොඳුරු අතීතය ඔයාට මතකද? රැස්වීම්වලින් දිරිගැන්වුණු හැටි, සමුළුවලින් ප්‍රබෝධයක් ලබපු හැටි, සේවයේ ගිහින් සතුටින් හිත පුරෝගෙන ගෙදර ආපු හැටි, දෙවිට සේවය කරන අය එක්ක කතා කරලා දිරිගැන්වුණු හැටි ඔයාට මතකද? ඔයාට යෙහෝවා දෙවිව අමතක වෙලා නැහැ කියලා අපි දන්නවා. දෙවිටත් ඔයාව අමතක වෙලා නැහැ. ඔයා එදා ඔහු වෙනුවෙන් කරපු හැම පුංචි දෙයක්ම ඔහුට මතකයි. ඔයා ආයෙත් ඔහුගේ තුරුලට එන කල් දෙවි බලාගෙන ඉන්නවා.

යෙහෝවා දෙවි මේ කියන්නේ ඔයා ගැනයි. ‘මම මාගේ බැටළුවන්ව සොයා ගොස් මා වෙතට ගෙනැවිත් හොඳින් රැකබලා ගන්නෙමි. සීසීකඩ විසිර සිටින බැටළුවන්ව සොයා ගොස් උන්ව ආදරයෙන් රැගෙන ඇවිත් පෝෂණය කරන එඬේරෙකු මෙන්, මමද මාගේ බැටළුවන්ව මා වෙතට ගෙනැවිත් රැකබලා ගන්නෙමි. ඒ මේ අත විසිර ගිය මාගේ බැටළුවන්ව නැවත සොයා මා වෙතට රැගෙන එන්නෙමි.’—එසකියෙල් 34:11, 12.