21වෙනි පරිච්ඡේදය
පුරසාරම් දොඩවන එක හරිද?
ඔයා දන්නවාද පුරසාරම් දොඩනවා කියන්නේ මොකටද කියලා?— මෙහෙම හිතන්න. ඔයාට දක්ෂ විදිහට කරන්න බැරි දෙයක් කරන්න ඔයා කවදා හරි උත්සාහ කරලා තියෙනවාද? සමහරවිට ඔයා ෆුට්බෝල් එකකට පයින් ගහන්න නැත්නම් බයිසිකලයක් පදින්න උත්සාහ කරලා ඇති. එහෙම කරද්දී කවුරු හරි කෙනෙක් ඔයාට කිව්වාද “අයියෝ ඔයාට ඕකවත් කරගන්න බැරිද, මට නං ඕක ලේසියෙන්ම කරන්න පුළුවන්” කියලා?— එහෙමනම් ඒ කෙනා කරලා තියෙන්නේ පුරසාරම් දොඩන එකයි.
අනිත් අය එහෙම කරනවාට ඔයා කැමතිද?— ඔයා එහෙම කළොත් අනිත් අයට ඒ ගැන කොහොම හැඟෙයිද?— “ඔයාට වඩා මං දක්ෂයි” කියලා තව කෙනෙක්ට කියන එක කරුණාවන්ත දෙයක් කියලා ඔයාට හිතෙනවාද?— එහෙම කරන අයට යෙහෝවා දෙවි කැමතිද?—
අනිත් අයට වඩා තමන් උසස් කියලා හිතපු අය ගැන යේසුස් දැනගෙන හිටියා. පුරසාරම් දොඩපු ඒ අය අනිත් අයව පහත් කරලයි සැලකුවේ. ඒක වැරදියි කියලා පැහැදිලි කරන්න යේසුස් කතන්දරයක් කිව්වා.
ඒ කතන්දරෙන් කියවුණේ බදු එකතු කරපු කෙනෙක් ගැනයි පරිසිවරයෙක් ගැනයි. යුදෙව් ආගමේ ගුරුවරුන් වුණු පරිසිවරුන් වැඩ කළේ අනිත් අයට වඩා තමන් ධර්මිෂ්ඨයි, ශුද්ධයි කියලා හිතාගෙන. පරිසිවරයා යාච්ඤා කරන්න යෙරුසලමේ තියෙන දේවමාලිගාවට ගියා.
එදාම බදු එකතු කරපු කෙනාත් යාච්ඤා කරන්න දේවමාලිගාවට ගියා. බදු එකතු කරපු හුඟක් අය මිනිසුන්ට වංචා කරපු නිසා මිනිසුන් ඒ අයට කැමති වුණේ නැහැ.
දේවමාලිගාවට ගිය පරිසිවරයා මෙහෙම යාච්ඤා කළා. ‘දෙවියනි, මං අනිත් අය වගේ පව්කාරයෙක් නොවුණු එක ගැන ඔබට ස්තුති කරනවා.
මං මිනිසුන්ට වංචා කරන්නේවත් වෙන කිසි වරදක් කරන්නේවත් නැහැ. මං අතන ඉන්න බදු එකතු කරන්නා වගේ නෙවෙයි. මං ධර්මිෂ්ඨයෙක්. මං සතියට දෙවතාවක් කෑම නොකා ඉන්න නිසා ඔබ ගැන හිතන්න මට ලොකු කාලයක් ලැබෙනවා. මං උපයන දෙයින් දහයෙන් කොටසක් මං අනිවාර්යයෙන්ම දේවමාලිගාවට දෙනවා.’ එයා හිතන් ඉන්නේ අනිත් අයට වඩා එයා හොඳයි කියලා නේද?— එයා ඒ ගැන දෙවිටත් කිව්වා.බදු එකතු කරපු කෙනා නම් ඔළුව උස්සලා අහස දිහා බලන්නවත් කැමති වුණේ නැහැ. එයා ටිකක් දුරින් ඉඳන් බිම බලාගෙනයි යාච්ඤා කළේ. එයා පපුවට ගහගෙන එයා අතින් වුණු පව් ගැන හුඟක් පසුතැවුණා. තමන් මොන තරම් හොඳ කෙනෙක්ද කියලා කියනවා වෙනුවට ‘අනේ දෙවියනි, පව්කාරයෙක් වන මට කරුණාව පෙන්වන්න’ කියලයි එයා කිව්වේ.
දෙවියන් සතුටු වෙන්න ඇත්තේ ඒ දෙන්නාගෙන් කවුරු ගැනද? තමන් අනිත් අයට වඩා හොඳයි කියලා හිතාගෙන හිටිය පරිසිවරයා ගැනද, තමන්ගේ පව් ගැන පසුතැවිලි වුණු බදු එකතු කරන්නා ගැනද?—
යේසුස් කිව්වේ දෙවියන් සතුටු වුණේ බදු එකතු කරපු කෙනා ගැන කියලයි. ඒකට හේතුව යේසුස් මෙහෙම කිව්වා. ‘අනිත් අයට වඩා උසස් වෙන්න උත්සාහ කරන අයව පහත් කරනවා. හැබැයි නිහතමානීව සේවය කරන අයව උසස් කරනවා.’—ලූක් 18:9-14.
ඒකෙන් යේසුස් උගන්වපු පාඩම මොකක්ද?— යේසුස් ඉගැන්නුවේ අපි අනිත් අයට
වඩා උසස් කියලා හිතන එක වැරදියි කියලයි. අපි අනිත් අයට වඩා උසස් කියලා අපිම කියන එකක් නැහැ. හැබැයි අපි හැසිරෙන විදිහෙන් ඒ බව ඇඟවෙන්න පුළුවන්. කවදා හරි ඔයා ඒ විදිහට හැසිරිලා තියෙනවාද?— පේතෘස්ට වුණු දේ බලන්නකෝ.සතුරන් ඇවිත් තමන්ව අත්අඩංගුවට ගද්දී නියෝජිතයන් හැමෝම තමන්ව දාලා යනවා කියලා යේසුස් කිව්වාම පේතෘස් මෙහෙම කිව්වා. ‘කවුරු ඔයාව දාලා ගියත් මම නම් කවදාවත් ඔයාව දාලා යන්නේ නැහැ.’ එයා එහෙම කිව්වේ එයා තමන් ගැන ලොකුවට හිතන් හිටිය නිසයි. අන්තිමේදී එයාත් යේසුස්ව දාලා ගියා. හැබැයි එයා ආයෙත් ආවා. ඒ ගැන අපිට 30වෙනි පරිච්ඡේදයෙන් දැනගන්න පුළුවන්.—මතෙව් 26:31-33.
ටිකකට මෙහෙම හිතන්න. ඉස්කෝලේ ඉද්දී ටීචර් ළමයින්ගෙන් ප්රශ්න අහනවා. ඉක්මනින්ම උත්තර දෙන්න පුළුවන් වුණේ ඔයාට විතරයි. ඔයාට ඒ ගැන පුංචි ආඩම්බරයක් දැනෙයි. හැබැයි උත්තර දෙන්න බැරි වුණු ළමයි එක්ක ඔයාව සසඳන එක හරිද?— අනිත් ළමයින්ට මොළේ නැහැ, ඔයා විතරයි හැම එකක්ම දන්නේ කියලා ඒ අයට දැනෙන්න සලස්වන එක හරිද?—
පරිසිවරයාත් කළේ ඒ දේම තමයි. බදු එකතු කරපු කෙනාට වඩා තමන් හොඳයි කියලා එයා පුරසාරම් දෙඩුවා. හැබැයි යේසුස් කිව්වා එයා හිතන විදිහ වැරදියි කියලා. කෙනෙක් තව කෙනෙක්ට වඩා දක්ෂ ඇති. හැබැයි එයා අනිත් අයට වඩා හොඳයි කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ.
ඉතිං අපි තව කෙනෙක්ට වඩා දේවල් හොඳට දන්නවා නම් ඒ ගැන පුරසාරම් දොඩන එක හරිද?— මේ ගැන හිතන්න. අපේ මොළය හැදුවේ අපිමද?— අපි හැමෝටම මොළයක් දුන්නේ දෙවියන්. අපි දන්න දේවල් අපි ඉගෙනගෙන තියෙන්නේ වෙන කාගෙන් හරි. සමහරවිට අපි පොතකින් ඒ දේවල් ගැන දැනගන්න ඇති. නැත්නම් කවුරු හරි කියලා දෙන්න ඇති. අපිම තනියෙන් මොනවා හරි දෙයක් තේරුම්ගත්තත් ඒක කරන්න පුළුවන් වුණේ කොහොමද?— දෙවියන් අපිට දීපු මොළය පාවිච්චි කරපු නිසා නේද?
ඔයාට ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක් වෙන කෙනෙක් මහන්සි වෙලා කරන්න උත්සාහ කරද්දී එයාව අගය කරන්න. ඒ දේ කරන්න එයාට උදව් කරන්නත් ඔයාට පුළුවන්. අනිත් අය ඔයාටත් ඒ විදිහට සලකනවාට නේද ඔයාත් කැමති?—
සමහරවිට ඔයාගේ සහෝදරයෙක්ට හරි සහෝදරියක්ට හරි වඩා වැඩියෙන් ඔයා ශක්තිමත් ඇති. එහෙමනම් ඔයා ඒ ගැන පුරසාරම් දොඩන එක හරිද?— ඒක වැරදියි. මොකද අපි කන කෑම නිසයි අපිට ශක්තිය ලැබෙන්නේ. ගස්වලින් හොඳ පලදාවක් ලැබෙන්න ඕන කරන හිරු එළිය, වැස්ස වගේ හැම දෙයක්ම දෙන්නේ දෙවි නේද?— ඒ නිසා අපිට තියෙන ශක්තිය ගැන අපි දෙවිට ස්තුතියි කියන්න ඕනේ.—ක්රියා 14:16, 17.
පුරසාරම් දොඩන අයට කවුරුත් කැමති නැහැ නේද?— යේසුස් කියපු මේ දේ ඔයාට මතකයිනේ. ‘අනිත් අය ඔයාට සලකනවාට කැමති විදිහටම ඔයාත් අනිත් අයට සලකන්න.’ අපි ඒ දේ කරනවා නම් තමන් ගැන පුරසාරම් දොඩපු පරිසිවරයා වගේ වෙන්නේ නැතුව ඉන්න අපිට පුළුවන්.—ලූක් 6:31.
දවසක් කෙනෙක් යේසුස්ට කිව්වා මාක් 10:18) යේසුස් පරිපූර්ණ කෙනෙක් වුණත් කවදාවත් පුරසාරම් දෙඩුවේ නැහැ. ඒ වෙනුවට හැම දේකදීම යෙහෝවා දෙවිට ප්රශංසා කළා.
යහපත් ගුරුතුමෙනි කියලා. ඒ වෙලාවේ යේසුස් කිව්වාද ‘ඔව්, මං තමයි යහපත්’ කියලා?— යේසුස් කිව්වේ ‘යහපත් කියලා හඳුන්වන්න පුළුවන් දෙවියන්ව විතරයි’ කියලයි. (අපිට ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද?— අපි හැමෝවම හදපු යෙහෝවා දෙවි ගැන අපිට ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන්. ලස්සනට ඉර බැහැලා යන විදිහ හරි දෙවි හදලා තියෙන වෙන ලස්සන දෙයක් හරි දැක්කොත් අපිට පුළුවන් කාට හරි කියන්න ‘යෙහෝවා දෙවි තමයි ඒක හැදුවේ’ කියලා. යෙහෝවා දෙවි කරලා තියෙන පුදුම දේවල් ගැනත් අනාගතයේදී දෙවි කරන්න පොරොන්දු වෙලා තියෙන දේවල් ගැනත් අනිත් අයට කියන්න අපි සූදානමින් ඉමු.
පුරසාරම් දොඩන එක ගැන බයිබලයේ කියන දේ අපි මේ පදවලින් කියවලා බලමු. හිතෝපදේශ 16:5, 18; යෙරෙමියා 9:23, 24; 1 කොරින්ති 4:7; 13:4.