Skip to content

පටුනට යන්න

අධ්‍යයනය

අධ්‍යයනය

අපි පුරුද්දක් විදිහට බයිබලේ අධ්‍යයනය කරන්න ඕනෙ ඇයි?

ගීතා 1:1-3; හිතෝ 18:15; 1තිමෝ 4:6; 2තිමෝ 2:15

ක්‍රියා 17:11ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • ගීතා 119:97-101—දෙවියන්ගේ නීතියට ආදරෙයි කියලත් ඒක පිළිපදින එකෙන් ගොඩක් ප්‍රයෝජන ලැබිලා තියෙනවා කියලත් ගීතිකාකරු කිව්වා

    • දානි 9:1-3, පාදසටහන—ඊශ්‍රායෙල්වරුන් වහලුන් වෙලා ඉන්න කාලය අවුරුදු 70කින් ඉවර වෙනවා කියලා දානියෙල් තේරුම්ගත්තේ ශුද්ධ ලියවිලි අධ්‍යයනය කරපු නිසයි

බයිබල් සත්‍යයන් ගැන තියෙන අවබෝධය අපි තවත් වැඩි කරගන්න ඕනෙ ඇයි?

හෙබ්‍රෙ 6:1-3; 2පේතෘ 3:18

  • බයිබල් සිද්ධීන්:

    • හිතෝ 4:18—අලුයම් ආලෝකය ටිකෙන් ටික වැඩි වෙනවා වගේ බයිබල් සත්‍යයන් ගැන තියෙන අවබෝධය තව තවත් වැඩි කරගන්න යෙහෝවා ඔහුව අඳුරගන්න කැමති අයට උදව් කරනවා

    • මතෙ 24:45-47—අන්තිම දවස්වල නියම වෙලාවට තමන්ගේ සෙනඟව පෝෂණය කරන්න ඔහු “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව” පත් කරනවා කියලා යේසුස් කිව්වා

මිනිස්සු ලියපු පොත්වල තියෙන උපදෙස්වලට වඩා බයිබලේ තියෙන ප්‍රඥාවන්ත මඟ පෙන්වීම් ගැන අපිට ලොකු අගයක් තියෙන්න ඕනෙ ඇයි?

දෙවියන්ව සතුටු කරන අදහසින් බයිබලේ අධ්‍යයනය කරන අයට යෙහෝවා පොරොන්දු වෙන්නේ මොනවාද?

තනියෙන් බයිබලේ අධ්‍යයනය කරද්දී ඒකෙන් ප්‍රයෝජන ගන්න නම් අපි දෙවියන්ගෙන් ඉල්ලන්න ඕනෙ මොනවාද?

“විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” අපිට ලබා දෙන හැම දෙයක්ම අධ්‍යයනය කරන්න උත්සාහ කරන්න ඕනෙ ඇයි?

බයිබලේ තියෙන පොඩිම තොරතුරක් වුණත් නිවැරදිව තේරුම්ගන්න මහන්සි වෙන එක වැදගත් ඇයි?

ප්‍රඥාවත් තේරුම්ගැනීමේ හැකියාවත් වැඩි කරගන්න එක කොච්චර වැදගත්ද?

අධ්‍යයනය කරද්දී දෙයක් හෙමින් කියවලා ඒ ගැන හොඳට හිතන්න ඕනෙ ඇයි?

බයිබලෙන් ඉගෙනගන්න දේවල් ජීවිතේට අදාළ කරගන්න පුළුවන් පැති ගැන හිතන එක වැදගත් ඇයි?

ඉගෙනගත්ත දේවල් අනිත් අය එක්ක බෙදාගන්න පුළුවන් කොහොමද කියලා හිතන එක හොඳ ඇයි?

දැනටමත් දන්න වටිනා බයිබල් සත්‍යයන් ආයේ ආයේ අධ්‍යයනය කරන එක ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

2පේතෘ 1:13; 3:1, 2

  • බයිබල් සිද්ධියක්:

    • ද්වි 6:6, 7; 11:18-20—නීතියේ තියෙන දේවල් දරුවන්ගේ හිත්වලට කාවද්දන්න කියලත් එයාලට ඒවා නිතර නිතර මතක් කරන්න කියලත් යෙහෝවා දෙමාපියන්ට කිව්වා

පවුලේ අය එකතු වෙලා බයිබලේ අධ්‍යයනය කරද්දී ලැබෙන ප්‍රයෝජන මොනවාද?

එෆී 6:4

  • බයිබල් සිද්ධීන්:

    • උත් 18:17-19—දෙවියන්ට කීකරු වෙලා හරි දේ කරන්න පවුලේ අයට උගන්වන්න කියලා යෙහෝවා ආබ්‍රහම්ට කිව්වා

    • ගීතා 78:5-7—හැම පරම්පරාවකම අය ඊළඟ පරම්පරාවේ අයටත් ඔහු ගැන විශ්වාසය තියලා වැඩ කරන්න උගන්වන්න ඕනෙ කියලා යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා

සභාවක් විදිහට එකතු වෙලා අධ්‍යයනය කරන එක ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?