අධෛර්යය වීම
අධෛර්යය වෙන එකෙන් වෙන්න පුළුවන් හානිය මොකක්ද?
අධෛර්යය කරවන හැඟීම්වලින් ගොඩ එන්න යෙහෝවා උදව් කරනවා කියලා අපි දන්නේ කොහොමද?
ගීතා 23:1-6; 113:6-8; යෙසා 40:11; 41:10, 13; 2කොරි 1:3, 4
බයිබල් සිද්ධීන්:
මතෙ 11:28-30—යේසුස් වැඩ කරන්නේ, හිතන්නේ ඔහුගේ තාත්තා වගේමයි. ඒ නිසා ඔහු කරුණාවන්තයි, අපේ වෙහෙස නිවනවා
මතෙ 12:15-21—අධෛර්යය වෙලා හිටපු අයට යේසුස් ආදරෙන් සැලකුවා. ඒකෙන් යෙසායා 42:1-4 කියන දේ ඉටු වුණා
අපි අධෛර්යය වෙන හේතු සහ සහනයක් වෙන බයිබල් පද
“සහනය” කියන මාතෘකාව බලන්න
අනිත් අයට දිරිගැන්වීමක්, ශක්තියක් ලැබෙන විදිහට කතා කරන්න ඕනෙ ඇයි?
බයිබල් සිද්ධීන්:
ගණන් 32:6-15—දෙවියන්ව විශ්වාස කළේ නැති ඔත්තුකරුවන් දහදෙනා අධෛර්යය කරවන දේවල් කිව්වා. ඒ නිසා ඊශ්රායෙල් ජාතියම දුක් වින්දා
2ලේක 15:1-8—යෙහෝවාගෙන් ලැබුණ පණිවිඩයක් නිසා ආසා හිතට ධෛර්යය අරන් බොරු නමස්කාරය දේශයෙන් අයින් කළා