Skip to content

පටුනට යන්න

උපදෙස්

උපදෙස්

උපදෙස් ලැබෙද්දී

බයිබල් ප්‍රතිපත්තිවලට එකඟ උපදෙස් ලබාගන්න අපි උත්සාහ කරන්න ඕනෙ ඇයි?

නිදහසට හේතු කියන්නේ නැතුව උපදෙස් පිළිගන්න එක හොඳ ඇයි?

හිතෝ 12:15; 29:1

හිතෝ 1:23-31; 15:31ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 1සාමු 15:3, 9-23—සාමුවෙල් සාවුල්ව නිවැරදි කරද්දී එයා නිදහසට හේතු කියලා උපදෙස ප්‍රතික්ෂේප කළා. ඒ නිසා යෙහෝවාත් එයාව ප්‍රතික්ෂේප කළා

    • 2ලේක 25:14-16, 27—අමෂියා රජ කරපු වරද යෙහෝවාගේ අනාගතවක්තෘ පෙන්නලා දෙද්දී රජ උපදෙස ප්‍රතික්ෂේප කළා. ඒ නිසා එයාට දෙවියන්ගේ ආදරේ සහ ආරක්ෂාව නැති වුණා

වගකීම් දරන අය උපදෙස් දෙද්දී එයාලට ගෞරව කරන්න ඕනෙ ඇයි?

1තෙස 5:12; 1තිමෝ 5:17; හෙබ්‍රෙ 13:7, 17

  • බයිබල් සිද්ධියක්:

    • 3යොහ 9, 10—සභාවේ වගකීම් දරන අයට අගෞරව කරපු දියොත්‍රෙෆස්ගෙන් පරෙස්සම් වෙන්න කියලා යොහන් කිව්වා

වයසින් වැඩි අයට ඇහුම්කන් දෙන්න ඕනෙ ඇයි?

ලෙවී 19:32; හිතෝ 16:31

යෝබ් 12:12; 32:7; තීත 2:3-5ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 1සාමු 23:16-18—දාවිත් එයාට වඩා අවුරුදු 30ක් විතර වැඩිමල් යොනාතාන් දීපු උපදෙස් පිළිගත්තා. ඒක එයාට ලොකු ශක්තියක් වුණා

    • 1රාජා 12:1-17—රෙහබෝවම් වයසින් වැඩි අය දීපු වටිනා උපදෙස් ප්‍රතික්ෂේප කරලා තරුණ අය දීපු නරක උපදෙස් පිළිගත්තා. ඒකෙන් වුණේ ලොකු හානියක්

හොඳ උපදෙස් දෙන්න යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න කාන්තාවන්ටත් තරුණයන්ටත් පුළුවන් කියලා කියන්නේ ඇයි?

යෝබ් 32:6, 9, 10; හිතෝ 31:1, 10, 26; දේශ 4:13

ගීතා 119:100ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 1සාමු 25:14-35—අබිගායිල් දාවිත් රජට දීපු උපදෙස් නිසා හුඟක් අයගේ ජීවිත බේරුණා, නිරපරාදේ මිනිස්සුන්ව මරණ එකෙනුත් දාවිත් වැළකුණා

    • 2සාමු 20:15-22—ආබෙල් කියන නුවරේ හිටිය බුද්ධිමත් කාන්තාවක් දීපු උපදෙසක් නිසා මුළු නුවරම බේරුණා

    • 2රාජා 5:1-14—බලවත් හමුදාපතියෙක්ට හැදිලා තිබුණ ලාදුරු රෝගය සුව කරගන්නේ කොහොමද කියලා පුංචි ඊශ්‍රායෙල් දැරියක් එයාට කිව්වා

යෙහෝවාටයි, ඔහුගේ වචනයටයි අගෞරව කරන අය දෙන උපදෙස්වලට ඇහුම්කන් නොදී ඉන්න ඕනෙ ඇයි?

ගීතා 1:1; හිතෝ 4:14

ලූක් 6:39ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 1ලේක 10:13, 14—සාවුල් යෙහෝවාගෙන් උදව් ඉල්ලන්නේ නැතුව මැරුණ අය එක්ක කතා කරන ස්ත්‍රියකගෙන් උදව් ගත්තා. අකීකරුකම නිසා සාවුල් මැරුණා

    • 2ලේක 22:2-5, 9—වැරදි උපදෙස්වලට අනුව වැඩ කරපු නිසා අහසියා රජ මැරුණා

    • යෝබ් 21:7, 14-16—යෙහෝවාට ගෞරව කරන්නේ නැති අයගේ උපදෙස් යෝබ් පිළිගත්තේ නැහැ

උපදෙස් දෙද්දී

උපදෙසක් දෙන්න කලින් හොඳට ඇහුම්කන් දෙන එකත් හැම තොරතුරක්ම දැනගන්න එකත් අදාළ හැමෝගෙන්ම අදහස් ගන්න එකත් වැදගත් ඇයි?

හිතෝ 18:13, 17

හිතෝ 25:8ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 1සාමු 1:9-16—උත්තම පූජක ඒලී දේවල් හරියට දැනගන්නේ නැතුව, හන්නා වෙරි වෙලා ඉන්නවා කියලා හිතලා හිත රිදෙන විදිහට උපදෙස් දුන්නා

    • මතෙ 16:21-23—පේතෘස් හිතලා බලන්නේ නැතුව යේසුස්ට උපදෙසක් දුන්නා. එයා කිව්වේ සාතන්ගේ අදහසක් මිසක් යෙහෝවාගේ අදහසක් නෙමෙයි

උපදෙසක් දෙන්න කලින් යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න ඕනෙ ඇයි?

ගීතා 32:8; 73:23, 24; හිතෝ 3:5, 6

  • බයිබල් සිද්ධීන්:

    • නික් 3:13-18—ඊශ්‍රායෙල්වරු අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් හොඳම විදිහ මොකක්ද කියලා මෝසෙස් යෙහෝවාගෙන් ඇහුවා

    • 1රාජා 3:5-12—තරුණ සලමොන් තමන් ගැන විශ්වාසය තියන්නේ නැතුව යෙහෝවාගෙන් ප්‍රඥාව ඉල්ලුවා. ඒ නිසා යෙහෝවා එයාට ආශීර්වාද කළා

උපදෙසක්, අදහසක් දෙද්දී ඒවා බයිබල් ප්‍රතිපත්තිවලට එකඟ වෙන්න ඕනෙ ඇයි?

ගීතා 119:24, 105; හිතෝ 19:21; 2තිමෝ 3:16, 17

ද්වි 17:18-20ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • මතෙ 4:1-11—යේසුස් සාතන්ට උත්තර දුන්නේ තමන්ගේ අදහසට අනුව නෙමෙයි දෙවියන්ගේ වචනයේ තියෙන දේට අනුවයි

    • යොහ 12:49, 50—යේසුස් හැම වෙලාවෙම ඉගැන්නුවේ තමන්ගේ තාත්තාගෙන් ඉගෙනගත්ත දේවල්. ඔහු අපිට හොඳ ආදර්ශයක්

උපදෙස් කාරුණිකව දෙන්නත් උපදෙස් දෙන ගමන් පුළුවන් හැම වෙලාවකම අවංකව අගය කරන්නත් උත්සාහ කරන්න ඕනෙ ඇයි?

ගලා 6:1; කොලො 3:12

යෙසා 9:6; 42:1-3; මතෙ 11:28, 29ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 2ලේක 19:2, 3—යෙහෝවා අනාගතවක්තෘවරයෙක් මාර්ගයෙන් යෙහෝෂපාට් රජව නිවැරදි කළා. ඒත් පස්සේ රජ කරපු හොඳ දේවල් දෙවියන් අගය කළා

    • එළි 2:1-4, 8, 9, 12-14, 18-20—සභා කීපයකට උපදෙස් දෙන්න කලින් යේසුස් එයාලව අගය කළා

සභාවේ කෙනෙක් අපිට කියන්න පුළුවන් සහෝදරයෙක් එයාට වංචාවක් කළා, එයා ගැන බොරු පතුරුවලා තියෙනවා කියලා. වරද කරපු කෙනා එක්ක පෞද්ගලිකව කතා කරලා ප්‍රශ්නේ විසඳගන්න කියලා එයාට කියන්න ඕනෙ ඇයි?

වරදක් කරපු කෙනෙක්ට සමාව දෙන්නත් දයාව පෙන්නලා ඉවසීමෙන් වැඩ කරන්නත් සහෝදරයෙක්ට උදව් කරන්නේ කොහොමද?

මතෙ 18:21, 22; මාක් 11:25; ලූක් 6:36; එෆී 4:32; කොලො 3:13

මතෙ 6:14; 1කොරි 6:1-8; 1පේතෘ 3:8, 9ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • මතෙ 18:23-35—සමාව දෙන එක මොන තරම් වැදගත්ද කියලා පෙන්නන්න යේසුස් උදාහරණයක් කිව්වා

යෙහෝවාගේ ප්‍රතිපත්ති දියාරු වෙන්නේ නැති විදිහට උපදෙස් දෙන්න ඕනෙ ඇයි?

ගීතා 141:5; හිතෝ 17:10; 2කොරි 7:8-11

  • බයිබල් සිද්ධීන්:

    • 1සාමු 15:23-29—අනාගතවක්තෘ සාමුවෙල් බය වෙන්නේ නැතුව සාවුල්ට උපදෙස් දුන්නා

    • 1රාජා 22:19-28—අනාගතවක්තෘ මිකායාට තර්ජනය කළත්, හිරිහැර කළත් ආහබ් රජට කියපු පණිවිඩය එයා වෙනස් කළේ නැහැ

කෙනෙක්ට උපදෙස් දෙද්දී එයා අධෛර්යය වෙන්නේ නැති විදිහට ඒක කරන්නේ කොහොමද?

හෙබ්‍රෙ 12:11-13

  • බයිබල් සිද්ධීන්:

    • ලූක් 22:31-34—පේතෘස් අතින් වැරදි වුණත් එයා ඒවා හදාගෙන අනිත් අයව ශක්තිමත් කරයි කියලා යේසුස්ට විශ්වාසයක් තිබුණා

    • ෆිලෙ 21—පාවුල්ට විශ්වාසයක් තිබුණා දෙවියන්ගේ කැමැත්තට එකඟව තමන් දීපු උපදෙස් ෆිලෙමොන් පිළිගනියි කියලා

හිතේ කරදරෙන් ඉන්න, මානසිකව වැටිලා ඉන්න කෙනෙක්ට ආදරෙන් උපදෙස් දෙන්නේ කොහොමද?

අපිට ඕනෙ වරදක් කරපු කෙනෙක්ට ආයෙත් යෙහෝවාට ළං වෙන්න උදව් කරන්නයි කියලා පෙන්නන්නේ කොහොමද?

අපි උපදෙස් දෙන්නේ සහෝදරයෙක්ට වුණත් සහෝදරියකට වුණත් එයාගේ වයස මොකක් වුණත් එයාට ගෞරවයෙන් සලකන්නේ කොහොමද?

දිගින් දිගටම බයිබලෙන් දෙන උපදෙස් ප්‍රතික්ෂේප කරන කෙනෙක්ට වැඩිමහල්ලන් අවවාද කරන්නේ ඇයි?