Skip to content

පටුනට යන්න

ක්‍රිස්තියානීන්

ක්‍රිස්තියානීන්

යේසුස්ගේ අනුගාමිකයන්ව ක්‍රිස්තියානීන් විදිහට හඳුන්වන්න පටන්ගත්තේ ඇයි?

සැබෑ ක්‍රිස්තියානීන්ව අඳුරගන්නේ කොහොමද?

ක්‍රිස්තියානීන්ට ගැලවීම ලැබෙන්නේ කවුරු මාර්ගයෙන්ද?

අපි යේසුස්ව අපේ රජ විදිහට පිළිගන්නේ ඇයි?

ක්‍රිස්තියානීන් මේ ලෝකේ කාරණාවලට සම්බන්ධ නොවී ඉන්නේ ඇයි?

ක්‍රිස්තියානීන් ආණ්ඩුවලට කීකරු වෙන්නේ ඇයි?

රෝම 13:1, 6, 7; තීත 3:1; 1පේතෘ 2:13, 14

  • බයිබල් සිද්ධීන්:

    • මතෙ 22:15-22—තමන්ගේ අනුගාමිකයන් බදු ගෙවන්නේ ඇයි කියලා යේසුස් පැහැදිලි කළා

    • ක්‍රියා 4:19, 20; 5:27-29—දෙවියන්ගේ නීතියක් කැඩෙන්නේ නැති තාක් කල් එයාලා ආණ්ඩුවලට කීකරු වෙනවා කියලා යේසුස්ගේ අනුගාමිකයන් පෙන්නුවා

ක්‍රිස්තියානීන් හේවායන් වගේ කියලා කියන්නේ ඇයි?

ක්‍රිස්තියානීන් එයාලා විශ්වාස කරන දේවලට එකඟව ජීවත් වෙන්න ඕනෙ ඇයි?

මතෙ 5:16; තීත 2:6-8; 1පේතෘ 2:12

එෆී 4:17, 19-24; යාකො 3:13ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • ක්‍රියා 9:1, 2; 19:9, 23—ක්‍රිස්තියානීන්ගේ නමස්කාරය “මාර්ගය” විදිහට හඳුන්වලා තියෙනවා. ඒකෙන් පෙන්නන්නේ එයාලාගේ නමස්කාරය එයාලා ජීවත් වෙන විදිහට සම්බන්ධයි කියලා

සැබෑ ක්‍රිස්තියානීන් යෙහෝවා ගැන සාක්ෂි දරන්න ඕනෙ ඇයි?

ක්‍රිස්තියානීන් යේසුස් ගැනත් සාක්ෂි දරනවා කියලා කියන්නේ ඇයි?

සැබෑ ක්‍රිස්තියානීන් හැමෝම ශුභාරංචිය දේශනා කරන්න ඕනෙ ඇයි?

ක්‍රිස්තියානීන් විරුද්ධවාදිකම් ගැන හිතන්න ඕනෙ කොහොමද?

විරුද්ධවාදිකම්” කියන මාතෘකාව බලන්න

සැබෑ ක්‍රිස්තියානීන් හැමෝම යේසුස් එක්ක ස්වර්ගයේ ඉන්න යනවාද?

ක්‍රිස්තියානීන් වැඩිදෙනෙක්ට තියෙන බලාපොරොත්තුව මොකක්ද?

ක්‍රිස්තියානීන් කියලා කියාගන්න හැම ආගමකම සැබෑ ක්‍රිස්තියානීන් ඉන්නවාද?

ක්‍රිස්තියානීන් කියලා කියාගන්න හැම කෙනෙක්ම යේසුස්ගේ අනුගාමිකයන්ද?

මතෙ 7:21-23; රෝම 16:17, 18; 2කොරි 11:13-15; 2පේතෘ 2:1

  • බයිබල් සිද්ධීන්:

    • මතෙ 13:24-30, 36-43—බොරු ක්‍රිස්තියානීන් හුඟදෙනෙක් ඉඳියි කියලා යේසුස් උදාහරණෙකින් පෙන්නුවා

    • 2කොරි 11:24-26—“සහෝදරයන් කියලා මවාපාන අයගෙන්” පාවුල්ට ප්‍රශ්න ආවා

    • 1යොහ 2:18, 19—ඒ වෙද්දීත් “ක්‍රිස්තු විරෝධීන් හුඟදෙනෙක්” ඉන්නවා කියලා යොහන් කිව්වා