Skip to content

පටුනට යන්න

ක්‍රිස්තියානීන්ගේ හැසිරීම

ක්‍රිස්තියානීන්ගේ හැසිරීම

ක්‍රිස්තියානීන් එයාලා විශ්වාස කරන දේවලට අනුව ජීවත් වෙන්න ඕනෙ ඇයි?

ක්‍රිස්තියානීන් ආදර්ශයට ගන්න ඕනෙ කාවද?

දෙවියන්ගේ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙද්දී ලැබෙන ප්‍රයෝජන මොනවාද?

වැරදි දේවල් නොකර ඉන්න මේ පද උදව් වෙන්නේ කොහොමද?

හිතෝ 4:23-27; යාකො 1:14, 15

මතෙ 5:28; 15:19; රෝම 1:26, 27; එෆී 2:2, 3ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • උත් 3:1-6—වැරදි ආශාවක් ආවාම ඒව ඒක ප්‍රතික්ෂේප කළේ නැහැ

    • යොෂු 7:1, 4, 5, 20-25—ආකාන් යෙහෝවාට අකීකරු වුණ නිසා හුඟක් අයට දුක් විඳින්න වුණා

හරි දේ කරන්න මේ පද උදව් වෙන්නේ කොහොමද?

රෝම 12:2; එෆී 4:22-24; ෆිලි 4:8; කොලො 3:9, 10

හිතෝ 1:10-19; 2:10-15; 1පේතෘ 1:14-16ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • උත් 39:7-12—පාරාවෝගේ බිරිඳ කරපු වැරදි යෝජනාව යෝසෙප් ප්‍රතික්ෂේප කළා

    • යෝබ් 31:1, 9-11—වැරදි චේතනාවකින් වෙන කාන්තාවන් දිහා බලන්නේ නැතුව ඉන්න යෝබ් අදිටන් කරගත්තා

    • මතෙ 4:1-11—සාතන් යේසුස්ව වරදට පොලඹවන්න හැදුවත් ඔහු ඒකට අහු වුණේ නැහැ

ක්‍රිස්තියානීන් අයින් කරගන්න ඕනෙ මොන වගේ නරක ගතිද?

නරක ගති” කියන මාතෘකාව බලන්න

ක්‍රිස්තියානීන් වළකින්න ඕනෙ මොන විදිහට වැඩ කරන එකෙන්ද?

වැරදි ක්‍රියා” කියන මාතෘකාව බලන්න

ක්‍රිස්තියානීන් දියුණු කරගන්න ඕනෙ මොන ගුණාංගද?

අත්හරින්නේ නැතුව යාච්ඤා කරන එක

අනිත් අය අපිට වඩා වැදගත් කියලා හිතන එක

නිහතමානිකම” කියන මාතෘකාව බලන්න

අනිත් අයට ආදරෙන් සලකන එක

අවංක වෙන එක

අවංකකම” කියන මාතෘකාව බලන්න

ආගන්තුක සත්කාරය

ආගන්තුක සත්කාරය” කියන මාතෘකාව බලන්න

ඇත්ත කතා කරන එක

අවංකකම” කියන මාතෘකාව බලන්න

උත්සාහය අත් නොහැරීම; විඳදරාගැනීම; ස්ථිරව සිටීම

මතෙ 24:13; ලූක් 21:19; 1කොරි 15:58; ගලා 6:9; හෙබ්‍රෙ 10:36

රෝම 12:12; 1තිමෝ 4:16; එළි 2:2, 3ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • හෙබ්‍රෙ 12:1-3—පාවුල් යේසුස්ගේ ආදර්ශය ගැන කියලා ක්‍රිස්තියානීන්ට විඳදරාගන්න දිරිගැන්නුවා

    • යාකො 5:10, 11—යෝබ් විඳදරාගත්ත විදිහයි, යෙහෝවා එයාට ආශීර්වාද කරපු විදිහයි යාකොබ් පැහැදිලි කළා

කාරුණික, සුවය ගෙන දෙන කතාබහ

හිතෝ 12:18; 16:24; කොලො 4:6; තීත 2:6-8

හිතෝ 10:11; 25:11; කොලො 3:8ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • ගීතා 45:2—යෙහෝවා පත් කරපු රජ කාරුණික, මිහිරි වචන කතා කරයි කියලා කලින්ම කියලා තිබුණා

    • ලූක් 4:22—යේසුස් කතා කරපු විදිහෙන් මිනිස්සුන්ගේ හිත් දිනාගත්තා

කැමැත්තෙන් සමාව දෙන එක

සමාව දීම” කියන මාතෘකාව බලන්න

කැමැත්තෙන්ම යටත් වෙන එක

එෆී 5:21; හෙබ්‍රෙ 13:17

යොහ 6:38; එෆී 5:22-24; කොලො 3:18ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • ලූක් 22:40-43—කොයි තරම් අමාරු වුණත් යේසුස් තමන්ගේ තාත්තා කැමති දේට යටත් වෙලා ආදර්ශයක් තිබ්බා

    • 1පේතෘ 3:1-6—යටත් වෙන එක ගැන ක්‍රිස්තියානි භාර්යාවන්ට සාරා හොඳ ආදර්ශයක් කියලා පේතෘස් පෙන්නුවා

කීකරුකම

කීකරුකම” කියන මාතෘකාව බලන්න

ගෞරවය පෙන්නන එක

ෆිලි 2:3, 4; 1පේතෘ 3:15

එෆී 5:33; 1පේතෘ 3:1, 2, 7ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • ගණන් 14:1-4, 11—ඊශ්‍රායෙල්වරු මෝසෙස්ටයි, ආරොන්ටයි අගෞරව කළා. යෙහෝවා ඒක දැක්කේ ඔහුට කරන අගෞරවයක් විදිහට

    • මතෙ 21:33-41—යෙහෝවාගේ පුතාටයි, අනාගතවක්තෘවරුන්ටයි අගෞරව කරන අයට වෙන දේ යේසුස් උදාහරණෙකින් පෙන්නුවා

ත්‍යාගශීලී වෙන එක

ත්‍යාගශීලීකම” කියන මාතෘකාව බලන්න

දයානුකම්පාව

දයානුකම්පාව” කියන මාතෘකාව බලන්න

දයාව

දයාව” කියන මාතෘකාව බලන්න

දිරිගන්වන එක; ශක්තිමත් කරන එක

යෙසා 35:3, 4; රෝම 1:11, 12; හෙබ්‍රෙ 10:24, 25

රෝම 15:2; 1තෙස 5:11ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 1සාමු 23:15-18—සාවුල් දාවිත්ව මරන්න හොයද්දී යොනාතාන් දාවිත්ව ශක්තිමත් කළා

    • ක්‍රියා 15:22-31—පළවෙනි සියවසේ පාලක මණ්ඩලය නියෝජිතයන් අතේ ලිපි යැව්වා. ඒකෙන් සභා දිරිගැන්වුණා

දෙවියන් එක්ක බැඳීම; දෙවියන්ගේ කැමැත්තට මුල් තැන දීම

මතෙ 6:33; රෝම 8:5; 1කොරි 2:14-16

  • බයිබල් සිද්ධීන්:

    • හෙබ්‍රෙ 11:8-10—ආබ්‍රහම් විදේශිකයෙක් විදිහට කූඩාරම්වල ජීවත් වුණේ දෙවියන්ගේ රාජ්‍යය ගැන ලොකු විශ්වාසයක් තිබුණ නිසයි

    • හෙබ්‍රෙ 11:24-27—මෝසෙස් වැඩ කළේ, තීරණ ගත්තේ හරියට යෙහෝවාව දැක්කා වගෙයි

දෙවියන් ගැන තියෙන භක්තිය

1තිමෝ 6:6; 2පේතෘ 2:9; 3:11

1තිමෝ 5:4; 2තිමෝ 3:12ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • ක්‍රියා 10:1-7—කොර්නේලියස් වෙනත් ජාතියක කෙනෙක්. ඒත් එයා දෙවියන් ගැන භක්තියක් සහ ගරුබියක් තියෙන, ත්‍යාගශීලී, නිතරම යාච්ඤා කරන කෙනෙක් කියලා යෙහෝවා දැක්කා

    • 1තිමෝ 3:16—දෙවියන්ට භක්තියකින් සේවය කරන එක ගැන හොඳම ආදර්ශය තිබ්බේ යේසුස්

දෙවියන්ගේ බලයෙන් ඇති වෙන ගුණාංග

දෙවියන්ගේ බලයෙන් ඇති වෙන ගුණාංග” කියන මාතෘකාව බලන්න

දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එක

දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එක” කියන මාතෘකාව බලන්න

ධෛර්යය

ධෛර්යය” කියන මාතෘකාව බලන්න

නිර්මලකම

2කොරි 11:3; 1තිමෝ 4:12; 5:1, 2, 22; 1පේතෘ 3:1, 2

ෆිලි 4:8; තීත 2:3-5ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • උත් 39:4-12—පොතිෆර්ගේ බිරිඳ දිගටම බලපෑම් කළත් යෝසෙප් එයාගේ හැසිරීම දිගටම පවිත්‍රව තියාගත්තා

    • සල 4:12; 8:6—ෂූලම්මීය තරුණිය එයාගේ පෙම්වතාට විශ්වාසවන්තව හිටියා. එයා නිර්මලව හිටියා. එයා අගුලු දාපු උයනක් වගේ

නිහතමානිකම; සීමාව තේරුම්ගන්න එක

නිහතමානිකම” කියන මාතෘකාව බලන්න

පිළිවෙළකට වැඩ කරන එක

මහන්සි වෙලා, උද්‍යෝගයෙන් වැඩ කරන එක

වැඩ” කියන මාතෘකාව බලන්න

යෙහෝවා ගැන ගරුබිය

යෝබ් 28:28; ගීතා 33:8; හිතෝ 1:7

ගීතා 111:10ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • නෙහෙ 5:14-19—යෙහෝවා ගැන ගරුබියක් තිබුණ නිසා අනිත් ආණ්ඩුකාරයන් වගේ නෙහෙමියා සෙනඟගෙන් අයුතු ප්‍රයෝජන ගත්තේ නැහැ

    • හෙබ්‍රෙ 5:7, 8—දෙවියන්ට ගරුබිය පෙන්නන එක ගැන හොඳම ආදර්ශය තිබ්බේ යේසුස්

යෙහෝවා ගැන විශ්වාසය

යෙහෝවා ගැන විශ්වාසය” කියන මාතෘකාව බලන්න

විශ්වාසවන්තකම

විශ්වාසවන්තකම” කියන මාතෘකාව බලන්න

සහයෝගයෙන් වැඩ කරන එක

දේශ 4:9, 10; 1කොරි 16:16; එෆී 4:15, 16

ගීතා 110:3; ෆිලි 1:27, 28; හෙබ්‍රෙ 13:17ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 1ලේක 25:1-8—යෙහෝවාට නමස්කාර කරන්න දාවිත් ගායකයන්වයි, වාදකයන්වයි සංවිධානය කළා. ඒක කරන්න හැමෝටම සහයෝගයෙන් වැඩ කරන්න වුණා

    • නෙහෙ 3:1, 2, 8, 9, 12; 4:6-8, 14-18, 22, 23; 5:16; 6:15—දෙවියන්ගේ සෙනඟ සහයෝගයෙන් වැඩ කරපු නිසා ඔහු එයාලට ආශීර්වාද කළා. ඒ නිසා දවස් 52කින් පවුර හදලා ඉවර කරන්න පුළුවන් වුණා

සෑහීමට පත් වෙන එක

සෑහීමට පත් වීම” කියන මාතෘකාව බලන්න

සීමාව දැනගෙන වැඩ කරන එක

හැම දේකදීම විශ්වාසවන්තව ඉන්න එක

ලූක් 16:10

උත් 6:22; නික් 40:16ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • දානි 1:3-5, 8-20—මෝසෙස්ගේ නීතියේ කෑම ගැන තිබුණ නීති පිළිපදින්න දානියෙල් සහ එයාගේ යාළුවෝ තුන්දෙනා ස්ථිර අධිෂ්ඨානයකින් හිටියා

    • ලූක් 21:1-4—වැන්දඹුව දාපු පුංචි සම්මාදමෙන් එයාට කොච්චර විශ්වාසක් තියෙනවාද කියලා යේසුස් තේරුම්ගත්තා

හැමෝටම එක වගේ සලකන එක

හැමෝටම එක වගේ සැලකීම” කියන මාතෘකාව බලන්න