Skip to content

පටුනට යන්න

කැපවීම

කැපවීම

යෙහෝවාට අපේ ජීවිතේ කැප කරන්න ඕනෙ මොන හේතු නිසාද?

දෙවියන්ට සේවය කරන්න ඕනෙ නම් අපිට බයිබලය ගැන තියෙන්න ඕනෙ මොන වගේ හැඟීමක්ද?

අපිව පාපයෙන් නිදහස් කරන්න යෙහෝවා ඇති කරලා තියෙන සැලැස්ම මොකක්ද? අපි එක් එක් කෙනා ඒක පිළිගන්න ඕනෙ ඇයි?

කලින් කරපු වැරදි ගැන පසුතැවිලි වෙන එකට ඇතුළත් වෙන්නේ මොනවාද?

ක්‍රියා 3:19; 26:20

  • බයිබල් සිද්ධීන්:

    • ලූක් 19:1-10—බදු එකතු කරන අයගේ ප්‍රධානියෙක් වුණ සකෙවුස් පසුතැවිලි වුණා. ඒ නිසා එයා වංචා කරලා ගත්ත සල්ලි ආපහු දුන්නා

    • 1තිමෝ 1:12-16—පාවුල් එයා කරපු වැරදි අත්හැරලා දැම්මා. දෙවියන් සහ යේසුස් දයාව පෙන්නලා එයාට සමාව දීපු විදිහ ගැන එයා කිව්වා

වැරදි අත්හරින එකට අමතරව තවත් මොනවාද කරන්න ඕනේ?

දෙවියන් අපේ නමස්කාරය පිළිගන්න නම් අපිට තියෙන්න ඕනෙ මොන සදාචාර ප්‍රමිතිද?

1කොරි 6:9-11; කොලො 3:5-9; 1පේතෘ 1:14, 15; 4:3, 4

  • බයිබල් සිද්ධීන්:

    • 1කොරි 5:1-13—කොරින්ති සභාවේ ලිංගික දුරාචාරයේ යෙදෙන කෙනෙක් හිටියා. එයාව සභාවෙන් ඉවත් කරන්න කියලා පාවුල් කිව්වා

    • 2තිමෝ 2:16-19—සත්‍යයට විරුද්ධව කැරලිගහන අය කියන දේවල් දරුණු තුවාලයක් වගේ ඉක්මනින් පැතිරෙනවා. ඒවා ප්‍රතික්ෂේප කරන්න කියලා පාවුල් තිමෝතිට කිව්වා

මේ ලෝකේ ආණ්ඩුවලට පක්ෂව අපි වැඩ කරන්නේ නැත්තේ ඇයි?

යෙසා 2:3, 4; යොහ 15:19

  • බයිබල් සිද්ධීන්:

    • යොහ 6:10-15—යේසුස් ආශ්චර්යයක් කරලා ලොකු සෙනඟකට කන්න දුන්නාට පස්සේ මිනිස්සු ඔහුව රජ විදිහට පත් කරන්න හැදුවා. ඒත් යේසුස් එතනින් යන්න ගියා

    • යොහ 18:33-36—යේසුස් කිව්වා ඔහුගේ රාජ්‍යය මේ ලෝකේ ආණ්ඩුවලට කිසිම විදිහකින් සම්බන්ධ නැහැ කියලා

දෙවියන්ගේ බලය ඔහුට සේවය කරන්න අපිට උදව් කරන්නේ කොහොමද?

යොහ 16:13; ගලා 5:22, 23

ක්‍රියා 20:28; එෆී 5:18ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • ක්‍රියා 15:28, 29—යෙරුසලමේ හිටපු පාලක මණ්ඩලය චර්මච්ඡේදනය ගැන වැදගත් තීරණය ගත්තේ දෙවියන්ගේ බලයේ උදව්වෙන්

දෙවියන්ට සේවය කරද්දී අපිට යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

දෙවියන්ට කැප වුණාට පස්සේ කෙනෙක් බව්තීස්ම වෙන්න ඕනෙ ඇයි?

මතෙ 28:19, 20; ක්‍රියා 2:40, 41; 8:12; 1පේතෘ 3:21

  • බයිබල් සිද්ධීන්:

    • මතෙ 3:13-17—යේසුස් බව්තීස්ම වුණ එකෙන් පෙන්නුවේ ඔහුගේ තාත්තාගේ කැමැත්ත කරන්න ඔහු කැමතියි කියලා

    • ක්‍රියා 8:26-39—ඉතියෝපියානු නිලධාරියා ඒ වෙද්දීත් යෙහෝවාට නමස්කාර කරපු කෙනෙක්. ඒත් යේසුස් ගැන දැනගත්තාම එයා බව්තීස්ම වෙන්න ඕනෙ කියලා කිව්වා