Skip to content

පටුනට යන්න

තනිකඩව ඉන්න එක

තනිකඩව ඉන්න එක

තනිකඩව ඉන්න එක දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් කියලා කියන්නේ ඇයි?

විවාහ වෙන්න කියලා තනිකඩ කෙනෙක්ට බල කරන්න හොඳ නැත්තේ ඇයි?

1කොරි 7:28, 32-35; 1තෙස 4:11

  • බයිබල් සිද්ධීන්:

    • රෝම 14:10-12—තව කෙනෙක්ව විනිශ්චය කරන එක වැරදි ඇයි කියලා පාවුල් පැහැදිලි කළා

    • 1කොරි 9:3-5—පාවුල්ට විවාහ වෙන්න අයිතිය තිබුණා. ඒත් එයා තනිකඩව හිටපු නිසා සේවේට සම්පූර්ණ අවධානය දෙන්න එයාට පුළුවන් වුණා

සතුටින් ඉන්න නම් විවාහ වෙන්නම ඕනෙද?

1කොරි 7:8

  • බයිබල් සිද්ධීන්:

    • විනි 11:30-40—යෙප්තාගේ දුව ජීවිත කාලේම තනිකඩව හිටියත් එයා සතුටින් හිටියා

    • ක්‍රියා 20:35—යේසුස් විවාහ වුණේ නැහැ. ඒත් ඔහු කියපු දෙයින් පැහැදිලි වෙනවා අනිත් අය වෙනුවෙන් දේවල් කරපු නිසා ඔහු සතුටින් හිටියා කියලා

    • 1තෙස 1:2-9; 2:12—තනිකඩ කෙනෙක් වුණ පාවුල් එයා සේවයෙන් මොන තරම් සතුටක් ලැබුවාද කියලා විස්තර කළා

යෙහෝවාගේ අනිත් සේවකයන් වගේ තනිකඩ අයත් එයාලාගේ හැසිරීම පවිත්‍රව තියාගන්න ඕනෙ ඇයි?

1කොරි 6:18; ගලා 5:19-21; එෆී 5:3, 4

  • බයිබල් සිද්ධීන්:

    • හිතෝ 7:7-23—ගණිකාවකට රැවටුණ තරුණයෙක්ට අන්තිමට වුණ දේ ගැන සලමොන් පැහැදිලි කළා

    • සල 4:12; 8:8-10—ෂූලම්මීය තරුණිය හැසිරීම පවිත්‍රව තියාගත්ත නිසා එයාව ගොඩක් අගය කළා

විවාහ වෙන එක හොඳයි කියලා තනිකඩ කෙනෙක් තීරණය කරන්න පුළුවන් මොන වගේ තත්වයකදීද?