තාත්තලා
තාත්තලට තියෙන වගකීම් මොනවාද?
ද්වි 6:6, 7; එෆී 6:4; 1තිමෝ 5:8; හෙබ්‍රෙ 12:9, 10
බයිබල් සිද්ධීන්:
උත් 22:2; 24:1-4—ආබ්‍රහම් එයාගේ පුතා ඊසාක්ට ගොඩක් ආදරේ කළා. ඒ නිසා යෙහෝවාට ආදරේ කරන බිරිඳක්ව ඊසාක්ට හොයලා දෙන්න එයා ගොඩක් මහන්සි වුණා
මතෙ 13:55; මාක් 6:3—යේසුස්ව “වඩුවාගේ පුතා” විදිහටත් “වඩුවා” විදිහටත් හැඳින්නුවා. ඒකෙන් තේරෙන්නේ යෝසෙප් ඒ රස්සාව කරන්න ඔහුව පුහුණු කළා කියන එකයි
දරුවන් තාත්තලට ආදරෙන්, ගෞරවයෙන් සලකන්න ඕනෙ ඇයි?
මතෙ 6:9ත් බලන්න
බයිබල් සිද්ධීන්:
හොෂෙ 11:1, 4—යෙහෝවා හරියට තාත්තා කෙනෙක් වගේ තමන්ගේ සෙනඟට උගන්වලා එයාලව ආදරෙන් රැකබලා ගන්නවා. තාත්තා කෙනෙක් විදිහට ඔහු තියලා තියෙන ආදර්ශයෙන් තේරෙනවා ඔහු තාත්තලට ගෞරවනීය තැනක් දීලා තියෙනවා කියලා
ලූක් 15:11-32—යෙහෝවා කියන්නේ වැරදි ගැන පසුතැවිලි වෙන අයට සමාව දෙන ආදරණීය තාත්තා කෙනෙක් කියලා යේසුස් උදාහරණෙකින් පැහැදිලි කළා. ඒකෙන් පේන්නේ යේසුස්ටත් තාත්තලා ගැන ලොකු ගෞරවයක් තිබුණා කියලයි