Skip to content

පටුනට යන්න

දරුවන්; යෞවනයන්

දරුවන්; යෞවනයන්

දෙවියන් දරුවන් ගැන හිතන විදිහ

දරුවන් සහ යෞවනයන් තමන්ට ගොඩක් වටිනවා කියලා යෙහෝවා පෙන්නලා තියෙන්නේ කොහොමද?

ද්වි 6:6, 7; 14:28, 29; ගීතා 110:3; 127:3-5; 128:3, 4; යාකො 1:27

යෝබ් 29:12; ගීතා 27:10; හිතෝ 17:6ත් බලන්න

පවුල” කියන මාතෘකාවත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • උත් 1:27, 28—යෙහෝවාගේ අරමුණ ඉටු වෙන්න මිනිස්සු දරුවන් බිහි කරලා මුළු පොළොවේම පදිංචි වෙන එක අත්‍යවශ්‍ය වුණා

    • උත් 9:1—ජලගැල්මෙන් පස්සෙත් පොළොව ආයෙත් ජනාවාස කරන්න දරුවන් බිහි කරන එක අත්‍යවශ්‍ය වුණා

    • උත් 33:5—යාකොබ් එයාගේ දරුවන්ව සැලකුවේ දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක් විදිහට

    • මාක් 10:13-16—ඔහුගේ තාත්තා වගේම යේසුත් දරුවන්ට ආදරේ කළා

දරුවන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න, එයාලව හිංසනයට ලක් කරන අය ගැන යෙහෝවාට හැඟෙන්නේ කොහොමද?

දරුවන් වැඩිහිටියන් වගේ දේවල් කරයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. ඒක පෙන්නන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

ගණන් 1:3; 1කොරි 13:11

  • බයිබල් සිද්ධියක්:

    • උත් 33:12-14—දරුවන්ට ලොකු ශක්තියක් නැහැ කියලා තේරුම්ගත්ත නිසා යාකොබ් ගමන ගියේ හෙමින්

දරුවෝ විඳින දුකට වග කියන්න ඕනෙ දෙවියන්ද?

යෝබ් 34:10; යාකො 1:13; 1යොහ 5:19

  • බයිබල් සිද්ධීන්:

    • ලූක් 5:18, 20, 23-25—මිනිස්සු අසනීප වෙන්නේ පාපය උරුම කරගෙන තියෙන නිසා කියලා යේසුස් කිව්වා

    • රෝම 5:12—පාපය, මරණය උරුම වෙලා තියෙන්නේ ඇයි කියලා පාවුල් පැහැදිලි කළා

බාල මහලු හැමෝම විඳින දුක නැති කරනවා කියලා යෙහෝවා සහතික වෙලා තියෙන්නේ කොහොමද?

දෙමාපියන්ගේ නරක ආදර්ශය නිසා, එයාලා දරුවන්ට නරක විදිහට සලකපු නිසා දරුවනුත් දෙමාපියන් වගේ වෙයිද? එයාලා වටින්නේ නැහැ කියලා ඒකෙන් අදහස් කරනවාද?

ද්වි 24:16; එස 18:1-3, 14-18

ද්වි 30:15, 16ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 2රාජා 18:1-7; 2ලේක 28:1-4—හෙසකියාගේ තාත්තා තමන්ගෙම දරුවන්ව මරලා දාපු දුෂ්ට කෙනෙක්. ඒත් හෙසකියා යෙහෝවාට ආදරේ කරන හොඳ රජෙක් වුණා

    • 2රාජා 21:19-26; 22:1, 2—ආමොන් හරිම දුෂ්ට රජෙක් වුණත් එයාගේ පුතා යොෂියා හොඳ රජෙක් වුණා

    • 1කොරි 10:11, 12—අනිත් අයගේ වැරදිවලින් පාඩමක් ඉගෙනගෙන ඒ වැරදි නොකර ඉන්න අපිට තීරණයක් ගන්න පුළුවන් කියලා පාවුල් පෙන්නුවා

    • ෆිලි 2:12, 13—ගැලවීම ලබාගන්න අපි එක් එක් කෙනා මහන්සි වෙන්න ඕනෙ කියලා පාවුල් මතක් කළා

දරුවන්ටයි, යෞවනයන්ටයි තියෙන වගකීම්

දෙවියන්ට ආදරේ කරන දෙමාපියන් එක්ක තවමත් එකම ගෙදර ඉන්න දරුවන් දිහා යෙහෝවා බලන්නේ කොහොමද?

1කොරි 7:14

  • බයිබල් සිද්ධියක්:

    • උත් 19:12, 15—දේවදූතයන් ලොත්ගේ දුවලව ආරක්ෂා කරන්න එක හේතුවක් වුණේ ලොත් ධර්මිෂ්ඨ කෙනෙක් වුණ එක

දෙමාපියන්ට යෙහෝවා එක්ක බැඳීමක් තිබුණා කියලා තමන්ටත් ඉබේම ඒ වගේ බැඳීමක් ඇති වෙයි කියලා දරුවන් හිතන එක හරිද?

හිතෝ 20:11; එස 18:5, 10-13

  • බයිබල් සිද්ධීන්:

    • ලෙවී 10:1-3, 8, 9—උත්තම පූජක ආරොන්ගේ පුතාලව දෙවියන් මරලා දැම්මා. ඒ, බේබදුකම නිසා වෙන්න ඇති

    • 1සාමු 8:1-5—සාමුවෙල් යහපත් කෙනෙක් වුණත් එයාගේ පුතාලා දුෂ්ට අය

දෙවියන්ව සතුටු කරන්න නම් දරුවන් මොනවාද කරන්න ඕනේ?

දරුවන් රැස්වීම්වලට යන එක වැදගත් ඇයි?

ද්වි 31:12, 13; හෙබ්‍රෙ 10:24, 25

  • බයිබල් සිද්ධියක්:

    • මතෙ 15:32-38—යේසුස්ගෙන් ඉගෙනගත්ත අය අතරේ දරුවනුත් හිටියා

දරුවනුත් තමන්ට නමස්කාර කරනවාට යෙහෝවා කැමතියි කියලා කියන්නේ ඇයි?

ගීතා 8:2; 148:12, 13

  • බයිබල් සිද්ධීන්:

    • 1සාමු 17:4, 8-10, 41, 42, 45-51—යෝධයාව පරාජය කරලා තමන්ගේ නමට වුණ කැළල අයින් කරන්න යෙහෝවා යෞවන දාවිත්ව තෝරගත්තා

    • 2රාජා 5:1-15—යෙහෝවා වෙන ජාතියක හමුදාපතියෙක්ට තමන් ගැන කියලා දෙන්න පුංචි ඊශ්‍රායෙල් දැරියක්ව පාවිච්චි කළා

    • මතෙ 21:15, 16—දරුවන් ගැලවුම්කරුට ප්‍රශංසා කරද්දී යේසුස් ඒක අගය කළා

යෙහෝවාට නමස්කාර කරන්නේ නැති දෙමාපියන් ඉන්න දරුවන් ගැන යෙහෝවාට හැඟෙන්නේ කොහොමද?

  • බයිබල් සිද්ධීන්:

    • ගණන් 16:25, 26, 32, 33—මෝසෙස්ට සහ ආරොන්ට විරුද්ධව කැරලිගහපු සමහරුන්ගේ පවුල්වල අයත් විනාශ වුණා

    • ගණන් 26:10, 11—කෝරා විනාශ වුණත් එයාගේ දරුවෝ බේරුණා. ඒ, එයාලා විශ්වාසවන්ත අය වුණ නිසයි

යෞවනයන් එයාලා තෝරගන්න යාළුවන් ගැන පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?

යෙහෝවාට ආදරේ කරන යෞවනයන් තෝරගන්න ඕනෙ මොන වගේ යාළුවන්වද?

2තිමෝ 2:22

යාළුකම්” කියන මාතෘකාවත් බලන්න