Skip to content

පටුනට යන්න

දිරිගැන්වීම

දිරිගැන්වීම

දෙවියන්ගේ සේවකයන් එකිනෙකාව දිරිගන්වන එක වැදගත් ඇයි?

යෙසා 35:3, 4; කොලො 3:16; 1තෙස 5:11; හෙබ්‍රෙ 3:13

  • බයිබල් සිද්ධීන්:

    • 2ලේක 32:2-8—ඇසිරියානුවන් ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව එද්දී හෙසකියා රජ සෙනඟව දිරිගැන්නුවා

    • දානි 10:2, 8-11, 18, 19—මහලු වයසේ හිටපු දානියෙල් හොඳටම හෙම්බත් වෙලා ඉද්දී දේවදූතයෙක් එයාව දිරිගන්වලා ශක්තිමත් කළා

අනිත් අයව දිරිගන්වයි කියලා යෙහෝවා වැඩිමහල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඇයි?

යෙසා 32:1, 2; 1පේතෘ 5:1-3

මතෙ 11:28-30ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • ද්වි 3:28; 31:7, 8—යෙහෝවා මෝසෙස්ට කිව්වා එයාගෙන් පස්සේ නායකයා විදිහට වැඩ කරන යොෂුවාව දිරිගන්වලා ශක්තිමත් කරන්න කියලා. මෝසෙස් ඒ දේ කළා

    • ක්‍රියා 11:22-26; 14:22—විරුද්ධවාදිකම් තිබුණ කාලෙක පාවුල් සහ බානබස් අන්තියෝකියේ හිටපු ක්‍රිස්තියානීන්ව දිරිගැන්නුවා

අනිත් අයව දිරිගන්වද්දී එයාලා කරන දේවල් අවංකව අගය කරන එක වැදගත් ඇයි?

හිතෝ 31:28, 29; 1කොරි 11:2

  • බයිබල් සිද්ධීන්:

    • විනි 11:37-40—ඊශ්‍රායෙල් තරුණියන් අවුරුද්දකට සැරයක් ශුද්ධ කූඩාරමට ගිහින් යෙප්තාගේ දුව කරපු කැප කිරීම් අගය කළා

    • එළි 2:1-4—යේසුස්ට එෆීසයේ ක්‍රිස්තියානීන්ව නිවැරදි කරන්න වුණා. ඒත් ඔහු එයාලාගේ හොඳ පැතිත් අගය කළා

අපිට අපේ සහෝදරයන්ව දිරිගන්වන්න පුළුවන් කොහොමද?

හිතෝ 15:23; එෆී 4:29; ෆිලි 1:13, 14; කොලො 4:6; 1තෙස 5:14

2කොරි 7:13, 15, 16ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 1සාමු 23:16-18—දාවිත්ට දිරිගැන්වීම් ඕනෙ කියලා දැනගත්තාම යොනාතාන් එයාව හොයාගෙන ගිහින් දිරිගැන්නුවා

    • යොහ 16:33—යේසුස් මේ ලෝකෙන් ජය ගත්තා. ඔහුව ආදර්ශයට ගත්තොත් එයාලටත් ඒ දේම කරන්න පුළුවන් කියලා යේසුස් අනුගාමිකයන්ට කියලා එයාලව දිරිගැන්නුවා

    • ක්‍රියා 28:14-16—පාවුල් එයාගේ නඩුවට පෙනී ඉන්න රෝමයට යන අතරතුරේදී විශ්වාසවන්ත සහෝදරයන් එයාව හම්බ වෙන්න ආවා. එයාලව දැක්කාම පාවුල් දිරිගැන්වුණා

අනිත් අයට අගෞරව නොකර ඉන්න එකත් එයාලව විවේචනය නොකර ඉන්න එකත් වැදගත් ඇයි?

ෆිලි 2:14-16; යූද් 16-19

  • බයිබල් සිද්ධීන්:

    • ගණන් 11:10-15—සෙනඟ නිතරම විවේචනය කරද්දී, අකීකරු වෙද්දී මෝසෙස් හුඟක් අධෛර්යය වුණා

    • ගණන් 13:31, 32; 14:2-6—දෙවියන්ව විශ්වාස කරපු නැති ඔත්තුකරුවන් දහදෙනා අධෛර්යය කරවන දේවල් කියපු නිසා සෙනඟ කැරලිගැහුවා

යෙහෝවාට ආදරේ කරන අය එක්ක ඇසුරු කරන එක අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?

හිතෝ 27:17; රෝම 1:11, 12; හෙබ්‍රෙ 10:24, 25; 12:12

  • බයිබල් සිද්ධීන්:

    • 2ලේක 20:1-19—ලොකු හමුදාවක් යෙහෝෂපාට්ට විරුද්ධව එද්දී එයා සෙනඟව එකතු කරගෙන යාච්ඤා කළා

    • ක්‍රියා 12:1-5, 12-17—යාකොබ්ව මරලා දැම්මාට පස්සෙත් පේතෘස්ව හිරේට දැම්මාට පස්සෙත් යෙරුසලමේ හිටපු සහෝදරයන් එකට රැස් වෙලා යාච්ඤා කළා

අමාරු කාලවලදී සතුටු වෙන්න පුළුවන් දේවල් ගැන හිතන එක අපිට ශක්තියක් වෙන්නේ කොහොමද?

ක්‍රියා 5:40, 41; රෝම 8:35-39; 1කොරි 4:11-13; 2කොරි 4:16-18; 1පේතෘ 1:6, 7

  • බයිබල් සිද්ධීන්:

    • උත් 39:19-23; 40:1-8—යෝසෙප්ට බොරු චෝදනාවක් කළත් එයාව හිරේට දැම්මත් එයා දෙවියන්ට විශ්වාසවන්තව ඉඳලා අනිත් අයට උදව් කළා

    • 2රාජා 6:15-17—ජීවිතේ අවදානමේ තිබුණත් එලිෂා බය වුණේ නැහැ. එයාගේ සේවකයාටත් නිර්භීතව ඉන්න උදව් කරන්න කියලා එයා යාච්ඤා කළා

බයිබලේ කියවලා දිරිගැන්වීමක් ලබන්න

යෙහෝවා අපිට පොරොන්දු වෙන්නේ මොනවාද?

යෙහෝවා ඉවසන විදිහ, දයාව පෙන්නන විදිහ ගැන හිතන එක අපිට දිරිගැන්වීමක් කියලා කියන්නේ ඇයි?

දුර්වල වෙලා ඉන්න අය වෙනුවෙන් යෙහෝවා කරන්නේ මොනවාද?

ගීතා 46:1; යෙසා 12:2; 40:29-31; ෆිලි 4:13

  • බයිබල් සිද්ධීන්:

    • 1සාමු 1:10, 11, 17, 18—හන්නා දුකෙන් ඉද්දී, කලකිරිලා ඉද්දී යාච්ඤා කළා. යෙහෝවා එයාගේ යාච්ඤාව අහලා එයාට සහනයක් දුන්නා

    • 1රාජා 19:1-19—එලියා අධෛර්යය වෙලා ඉද්දී යෙහෝවා එයාට කන්න බොන්න දුන්නා. එයාට සතුටු වෙන්න පුළුවන් දේවල් ගැන කියලා එයාව දිරිගැන්නුවා, සැනසුවා

අනාගතය ගැන බයිබලේ තියෙන පොරොන්දු ගැන හිතද්දී අපේ හිතට ධෛර්යයක් එන්නේ කොහොමද?

2ලේක 15:7; ගීතා 27:13, 14; හෙබ්‍රෙ 6:17-19; 12:2

  • බයිබල් සිද්ධීන්:

    • යෝබ් 14:1, 2, 7-9, 13-15—හොඳටම මානසිකව වැටිලා ඉද්දී නැවත නැඟිටීම ගැන හිතපු එක යෝබ්ට සහනයක් වුණා

    • දානි 12:13—දානියෙල්ට වයස අවුරුදු 100ක් විතර වෙද්දී, අනාගතයේ එයාට ලැබෙන තෑග්ග ගැන කියලා දේවදූතයෙක් එයාව දිරිගැන්නුවා

යෙහෝවාට යාච්ඤා කරන එකෙන්, ඔහු ගැන හිතන එකෙන් දිරිගැන්වීමක් ලැබෙන්නේ කොහොමද?

ගීතා 18:6; 56:4, 11; හෙබ්‍රෙ 13:6

  • බයිබල් සිද්ධීන්:

    • 1සාමු 30:1-9—කරදරේක වැටුණ වෙලාවකදී දාවිත් යෙහෝවාගෙන් උදව් ඉල්ලලා ශක්තිමත් වුණා

    • ලූක් 22:39-43—යේසුස්ට මුහුණ දෙන්න වුණ අමාරුම අවස්ථාවේදී ඔහු දිගටම යෙහෝවාට කන්නලව් කළා. යෙහෝවා ඔහුගේ යාච්ඤා අහලා ඔහුව දිරිගන්වන්න දේවදූතයෙක්ව එව්වා

හොඳ ආරංචි අහන්න ලැබෙන එක, ඒවා අනිත් අය එක්ක බෙදාගන්න එක අපිටත් අනිත් අයටත් දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?

හිතෝ 15:30; 25:25; යෙසා 52:7

  • බයිබල් සිද්ධීන්:

    • ක්‍රියා 15:2-4—පාවුල් සහ බානබස් එයාලා දැනගත්ත හොඳ ආරංචි සභාවල අය එක්ක බෙදාගත්ත නිසා හැමෝම දිරිගැන්වුණා

    • 3යොහ 1-4—තමන් සත්‍යය දැනගන්න උදව් කරපු අය විශ්වාසවන්තව ඉන්නවා කියලා දැනගත්තාම මහලු වයසේ හිටපු යොහන් දිරිගැන්වුණා