Skip to content

පටුනට යන්න

දෙමාපියන්

දෙමාපියන්

යෙහෝවා විවාහ සැලැස්ම ඇති කළේ මොන වගේ හේතු නිසාද?

දෙමාපියන්ට දරුවන් ගැන තියෙන්න ඕනෙ මොන වගේ හැඟීමක්ද?

ගීතා 127:3-5; 128:3

දරුවන්; යෞවනයන්” කියන මාතෘකාවත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • උත් 33:4, 5—යාකොබ් එයාගේ දරුවන්ව දැක්කේ යෙහෝවාගෙන් ලැබුණ ආශීර්වාදයක් විදිහට

    • නික් 1:15, 16, 22; 2:1-4; 6:20—අම්රාම් සහ යොකෙබෙද් එයාලාගේ ජීවිත ගැනවත් හිතන්නේ නැතුව මෝසෙස්ව බේරගත්තා

දෙමාපියන් එයාලාගේ දරුවන් වෙනුවෙන් කරන්න ඕනෙ මොන වගේ දේවල්ද?

ද්වි 6:6, 7; 11:18, 19; හිතෝ 22:6; 2කොරි 12:14; 1තිමෝ 5:8

  • බයිබල් සිද්ධීන්:

    • 1සාමු 1:1-4—එල්කානා හැම අවුරුද්දකම යෙහෝවාට නමස්කාර කරන්න එයාගේ දරුවන් හැමෝවම ෂීලෝවලට එක්කගෙන ගියා

    • ලූක් 2:39, 41—යෝසෙප් සහ මරියා පාස්කුව පවත්වන්න හැම අවුරුද්දකම එයාලාගේ දරුවන්වත් අරගෙන නාසරෙත් ඉඳන් යෙරුසලමට ගියා

යෙහෝවාට කීකරු වෙන්න දරුවන්ව පුහුණු කරන එක හොඳ ඇයි?

හිතෝ 1:8, 9; 22:6

2තිමෝ 3:14, 15ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 1සාමු 2:18-21, 26; 3:19—සාමුවෙල්ගේ දෙමාපියන් ශුද්ධ කූඩාරමේ සේවය කරන්න එයාව භාර දුන්නා. ඒත් එයාලා හැම අවුරුද්දකම පුතාව බලන්න ගිහින් එයාට ඕනෙ කරන දේවල් දුන්නා. සාමුවෙල් යෙහෝවාට ආදරේ කරන විශ්වාසවන්ත පුරුෂයෙක් වුණා

    • ලූක් 2:51, 52—යේසුස්ගේ දෙමාපියන් පාපය උරුම කරගත්ත අය වුණත් ඔහු දිගටම එයාලට කීකරු වුණා

දරුවන්ව පුහුණු කරන්න උදව් වෙන තොරතුරු දෙමාපියන්ට ලබාගන්න පුළුවන් කොහෙන්ද?

ද්වි 6:4-9; එෆී 6:4; 2තිමෝ 3:14-17

ගීතා 127:1; හිතෝ 16:3ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • විනි 13:2-8—බිරිඳට ආශ්චර්යවත් විදිහට පුතෙක් ලැබෙන්න යනවා කියලා දැනගත්තාම මානෝවා ඒ දරුවාව හොඳින් හදා වඩා ගන්න උදව් ඉල්ලුවා

    • ගීතා 78:3-8—දෙමාපියන් එයාලා බයිබලෙන් ඉගෙනගත්ත දේවල් දරුවන්ට කියලා දෙයි කියලා යෙහෝවා බලාපොරොත්තු වෙනවා

යෙහෝවාට ආදරේ කරන දෙමාපියන් හිටියත් දරුවන් පස්සේ කාලෙක යෙහෝවාගෙන් ඈත් වෙන්න පුළුවන් ඇයි?

එස 18:1-13, 20

  • බයිබල් සිද්ධීන්:

    • උත් 6:1-5; යූද් 6—දේවදූතයන් යෙහෝවාත් එක්ක අවුරුදු බිලියන ගාණක් හිටියත් එයාලාගෙන් සමහරු යෙහෝවාට විරුද්ධව කැරලිගැහුවා

    • 1සාමු 8:1-3—සාමුවෙල් යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරපු අනාගතවක්තෘවරයෙක් වුණත් එයාගේ පුතාලා දූෂිත, වංක අය

දෙමාපියන් යෙහෝවා ගැන දරුවන්ට උගන්වන්න පටන්ගන්න ඕනෙ කොයි කාලේදීද?

2තිමෝ 3:15

  • බයිබල් සිද්ධීන්:

    • ද්වි 29:10-12, 29; 31:12; එස්රා 10:1 —ඊශ්‍රායෙල්වරු යෙහෝවා ගැන ඉගෙනගන්න යද්දී එයාලාගේ දරුවන්වත් අරන් ගියා

    • ලූක් 2:41-52—යෝසෙප් සහ මරියා යේසුස්වයි, එයාලාගේ අනිත් දරුවන්වයි හැම අවුරුද්දකම පාස්කු උත්සවය සමරන්න යෙරුසලමට අරන් ගියා

දරුවන්ට හානියක් කරන්න පුළුවන් අයගෙන් දෙමාපියන් එයාලව ආරක්ෂා කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් එයාලට ආදර්ශයට ගන්න පුළුවන් කාවද?

  • බයිබල් සිද්ධීන්:

    • නික් 19:4; ද්වි 32:11, 12—රාජාලියා උගේ පැටවුන්ව උසුලගෙන යනවා, ආරක්ෂා කරනවා, බලාගන්නවා. ඒ වගේ යෙහෝවාත් ඔහුගේ සෙනඟව බලාගන්නවා

    • යෙසා 49:15—අම්මා කෙනෙක්ට එයාගේ කිරි බොන දරුවා ගැන දැනෙන අනුකම්පාවටත් වඩා අනුකම්පාවක් යෙහෝවාට අපි ගැන දැනෙනවා. ඔහු ඊටත් වඩා හොඳින් අපිව බලාගන්නවා කියලා පොරොන්දු වෙනවා

    • මතෙ 2:1-16—සාතන් ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයන්ව හෙරොද් ළඟට යවලා පුංචි යේසුස්ව මරලා දාන්න උත්සාහ කළා. ඒත් යෙහෝවා යෝසෙප්ට කිව්වා පවුලේ අයව ඊජිප්තුවට අරන් යන්න කියලා.එහෙම කරලා ඔහු පුතාව ආරක්ෂා කළා

    • මතෙ 23:37—කිකිළියක් උගේ පියාපත් යටට පැටවුන්ව අරගෙන ආරක්ෂා කරනවා වගේ යෙහෝවාගේ සෙනඟව ආරක්ෂා කරන්න යේසුස්ට ඕනෙ වුණා

දෙමාපියන් දරුවන්ට ලිංගික කාරණා ගැන කියලා දෙන්න ඕනෙ ඇයි?

  • බයිබල් සිද්ධීන්:

    • ලෙවී 15:2, 3, 16, 18, 19; ද්වි 31:10-13—මෝසෙස්ගේ නීතියේ ලිංගික කාරණා ගැන විවෘතව කතා කරලා තිබුණා. නීතිය ශබ්ද නඟලා කියවන අවස්ථාවලට දරුවන්වත් සහභාගි කරගන්න කියලා යෙහෝවා කිව්වා

    • ගීතා 139:13-16—පුදුමාකාර විදිහට හදපු අපේ ශරීරය ගැනත් දරුවන් බිහි කරන්න අපිට තියෙන හැකියාව ගැනත් දාවිත් යෙහෝවාට ප්‍රශංසා කළා

    • හිතෝ 2:10-15—පහත් විදිහට හැසිරෙන, වංක අයගෙන් ආරක්ෂා වෙන්න අපිට යෙහෝවාගෙන් ලැබෙන දැනුම සහ ප්‍රඥාව උදව් වෙනවා

දෙමාපියන් දරුවන්ව ආදරෙන් හික්මවන්න ඕනෙ ඇයි?

හිතෝ 13:24; 29:17; යෙරෙ 30:11; එෆී 6:4

ගීතා 25:8; 145:9; කොලො 3:21ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • ගීතා 32:1-5—යෙහෝවා දාවිත්ව හික්මවද්දී එයාට වේදනාවක් දැනුණා. ඒත් දෙවියන් අවංකව පසුතැවිලි වෙන අයට සමාව දෙනවා කියලා දැනගත්තාම එයාට සහනයක් දැනුණා

    • යෝනා 4:1-11—යෝනා කේන්ති අරන් හරිම අගෞරවනීය විදිහට යෙහෝවාට කතා කළා. ඒත් යෙහෝවා හරිම ඉවසීමෙන් දයාව පෙන්නන එකේ වැදගත්කම එයාට කියලා දුන්නා

හික්මවීම් දෙන එක දෙමාපියන් දරුවන්ට ආදරේ පෙන්නන එක විදිහක් කියලා කියන්නේ ඇයි?