Skip to content

පටුනට යන්න

දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එක

දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එක

දෙවියන්ට විශ්වාසවන්ත කෙනෙක් කොයි වගේද?

ගීතා 18:23-25; 26:1, 2; 101:2-7; 119:1-3, 80

  • බයිබල් සිද්ධීන්:

    • ලෙවී 22:17-22—ඔහුට පූජා කරන්න ඕනෙ “කිසිම කැළලක් නැති” සත්තු කියලා යෙහෝවා කිව්වා. ඒවා කිසිම අඩුපාඩුවක් නැති, සම්පූර්ණ පූජා වෙන්න ඕනේ. “කිසිම කැළලක් නැති” සහ “දෙවියන්ට විශ්වාසවන්ත” විදිහට පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචන දෙක අතර සමානකමක් තියෙනවා. ඒ කියන්නේ දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න කෙනෙක්ගේ නමස්කාරයේ කිසිම අඩුවක් නැහැ, ඒක මුළු හිතින්ම කරන එකක්

    • යෝබ් 1:1, 4, 5, 8; 2:3—දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න නම් කෙනෙක්ට දෙවියන් ගැන ලොකු ගෞරවයක් තියෙන්න ඕනේ. මුළු හිතින්ම ඔහුට නමස්කාර කරන්න ඕනේ. ඔහු අකමැති දේවල් නොකර ඉන්නත් ඕනේ. යෝබ් ජීවත් වුණ විදිහෙන් ඒක අපිට තේරෙනවා

දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එක වැදගත් ඇයි?

දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

දෙවියන්ට විශ්වාසවන්ත කෙනෙක් වෙන්නේ කොහොමද? ඒ විශ්වාසවන්තකම දිගටම තියාගන්නේ කොහොමද?

යොෂු 24:14, 15; ගීතා 101:2-4

ද්වි 5:29; යෙසා 48:17, 18ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • යෝබ් 31:1-11, 16-33—යෝබ් හැම දවසකම යෙහෝවාට විශ්වාසවන්තව හිටියා. එයා ලිංගික දුරාචාරයේ යෙදුණේ නැහැ. අනිත් අයට ආදරෙන්, ගෞරවෙන් සැලකුවා. එයා රූපවලට නමස්කාර කළේ නැහැ. ධන සම්පත් පස්සේ ගියෙත් නැහැ

    • දානි 1:6-21—දානියෙල් සහ එයාගේ යාළුවෝ තුන්දෙනා වටේ හිටියේ යෙහෝවාට නමස්කාර නොකරපු අය. ඒත් කෑම තෝරගද්දීත් එයාලා යෙහෝවාට විශ්වාසවන්තව හිටියා

කෙනෙක් අතින් ගොඩක් වැරදි වුණොත් එයාට ආයෙත් දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන්න පුළුවන්ද?

  • බයිබල් සිද්ධීන්:

    • 1රාජා 9:2-5; ගීතා 78:70-72—දාවිත් එයා කරපු වැරදි ගැන අවංකවම දුක් වුණ නිසා එයාට සමාව ලැබුණා. යෙහෝවා දාවිත්ව සලකන්නේ ඔහුට විශ්වාසවන්තව හිටපු කෙනෙක් විදිහටයි

    • යෙසා 1:11-18—යෙහෝවා ඔහුගේ සෙනඟට කිව්වා එයාලා බරපතළ වැරදි කරපු, කුහක අය කියලා. ඒත් එයාලා පසුතැවිලි වෙලා වැරදි හදාගත්තොත් එයාලට සම්පූර්ණයෙන්ම සමාව දෙනවා කියලා ඔහු පොරොන්දු වුණා