Skip to content

පටුනට යන්න

ධර්මිෂ්ඨකම

ධර්මිෂ්ඨකම

හරි මොකක්ද, සාධාරණ මොකක්ද කියලා කියන්න අයිතිය තියෙන එකම කෙනා කවුද?

ද්වි 32:4; එස 33:17-20

  • බයිබල් සිද්ධීන්:

    • උත් 18:23-33—තමන් සාධාරණ විනිශ්චයකරුවෙක් කියලා යෙහෝවා ආබ්‍රහම්ට පෙන්නුවා

    • ගීතා 72:1-4, 12-14—දේවරාජ්‍යයේ රජ යෙහෝවාගේ ධර්මිෂ්ඨකම හැම අතින්ම ආදර්ශයට ගන්නවා. මේ ගීතිකාවේ ඔහුට ප්‍රශංසා කරන්නේ ඒ නිසයි

යෙහෝවා හරියි කියලා කියන දේවලට ඇලිලා ඉන්න අයට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

ගීතා 37:25, 29; යාකො 5:16; 1පේතෘ 3:12

ගීතා 35:24; යෙසා 26:9; රෝම 1:17ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • යෝබ් 37:22-24—යෙහෝවා හිතාගන්න බැරි තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් නිසා මිනිස්සුන්ගේ හිත්වල ඔහු ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. එලිහු ඔහුගේ ධර්මිෂ්ඨකම ගැන කියලා ඔහුට ප්‍රශංසා කළා

    • ගීතා 89:13-17—යෙහෝවා හැම වෙලේම පාලනය කරන්නේ ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟවයි. ගීතිකාකරු ඒ ගැන යෙහෝවාට ප්‍රශංසා කළා

දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

එස 18:25-31; මතෙ 6:33; රෝම 12:1, 2; එෆී 4:23, 24

  • බයිබල් සිද්ධීන්:

    • උත් 6:9, 22; 7:1—නෝවා යෙහෝවා කරන්න කියපු හැම දෙයක්ම කරලා එයා ධර්මිෂ්ඨ කෙනෙක් කියලා ඔප්පු කළා

    • රෝම 4:1-3, 9—ආබ්‍රහම්ට තිබුණ විශ්වාසය නිසා යෙහෝවා එයාව සැලකුවේ ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට

අපි හරි දේ කරන්න ඕනෙ යෙහෝවාට තියෙන ආදරේ නිසයි. අනිත් අය ඉස්සරහා හොඳ නමක් ගන්න නෙමෙයි. ඒ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි?

මතෙ 6:1; 23:27, 28; ලූක් 16:14, 15; රෝම 10:10

  • බයිබල් සිද්ධීන්:

    • මතෙ 5:20; 15:7-9—යේසුස් මිනිස්සුන්ට ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න කියලා කිව්වා. හැබැයි ඒක කරන්න ඕනෙ කුහක ආගමික නායකයන් දාපු නීතිවලට අනුව නෙමෙයි කියලා ඔහු පෙන්නුවා

    • ලූක් 18:9-14—අනිත් අයව පහත් කරලා තමන් ධර්මිෂ්ඨයි කියලා පෙන්නන්න හදන අයව නිවැරදි කරන්න යේසුස් උදාහරණයක් කිව්වා

ධර්මිෂ්ඨකමට වඩා යහපත්කම වටින්නේ ඇයි?

ඕනෑවට වඩා ධර්මිෂ්ඨ වෙන එකෙනුත් අපි අනිත් අයට වඩා හොඳයි කියලා පෙන්නන එකෙනුත් වළකින්න ඕනෙ ඇයි?