Skip to content

පටුනට යන්න

නමස්කාරය

නමස්කාරය

අපි නමස්කාර කරන්න ඕනෙ එකම කෙනා කවුද?

නික් 34:14; ද්වි 5:8-10; යෙසා 42:8

  • බයිබල් සිද්ධීන්:

    • මතෙ 4:8-10—සාතන් යේසුස්ට කිව්වා එක පාරක් එයාට නමස්කාර කළොත් ලෝකේ තියෙන හැම රාජ්‍යයක්ම ඔහුට දෙනවා කියලා. ඒත් යෙහෝවාට විතරක් නමස්කාර කරන්න අධිෂ්ඨාන කරගෙන හිටිය නිසා යේසුස් ඒකට කොහොමටවත් කැමති වුණේ නැහැ

    • එළි 19:9, 10—යොහන් බලවත් දේවදූතයෙක්ට නමස්කාර කරන්න හදද්දී එහෙම කරන්න එපා කියලා ඒ දේවදූතයා කිව්වා

යෙහෝවා කැමති අපි ඔහුට කොයි විදිහට නමස්කාර කරනවාටද?

යොහ 4:24; යාකො 1:26, 27

  • බයිබල් සිද්ධීන්:

    • යෙසා 1:10-17—සමහරු යෙහෝවාට නමස්කාර කරනවා කියලා කිව්වත් එයාලා ඔහු අකමැති දේවල් කරනවා. ඒ වගේ අයගේ නමස්කාරය යෙහෝවාට පිළිකුලක්

    • මතෙ 15:1-11—දෙවියන්ගේ නීති පැත්තකට දාලා මිනිස්සු ඇති කරපු චාරිත්‍රවලට මුල් තැන දෙන අයගේ නමස්කාරය යෙහෝවා පිළිගන්නේ නැහැ කියලා යේසුස් කිව්වා

පුළුවන් හැම වෙලාවකදීම අපි සහෝදරයන් එක්ක එකතු වෙලා යෙහෝවාට නමස්කාර කරන්න ඕනෙ ඇයි?

හෙබ්‍රෙ 10:24, 25

ගීතා 133:1-3ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • ක්‍රියා 2:40-42—යාච්ඤා කරන්නත් එකිනෙකාව ආශ්‍රය කරන්නත් දෙවියන්ගේ බලයෙන් උගන්වන දේවල් ඉගෙනගන්නත් මුල් ක්‍රිස්තියානීන් එකට රැස් වුණා

    • 1කොරි 14:26-40—සභා රැස්වීම් පිළිවෙළකට සහ දිරිගැන්වීමක් ලැබෙන විදිහට පවත්වන්න ඕනෙ කියලා පාවුල් කිව්වා. එතකොට උගන්වන දේවලින් ප්‍රයෝජන ගන්න හැමෝටම පුළුවන් වෙනවා

අපි කරන නමස්කාර ගැන යෙහෝවා සතුටු වෙන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?

මතෙ 7:21-24; 1යොහ 2:17; 5:3

  • බයිබල් සිද්ධීන්:

    • හෙබ්‍රෙ 11:6—යෙහෝවා සතුටු වෙන විදිහට නමස්කාර කරන්න නම් අපිට විශ්වාසය තියෙන්නම ඕනෙ කියලා පාවුල් කිව්වා

    • යාකො 2:14-17, 24-26—අපේ විශ්වාසය අපි කරන දේවලින් පේන්න ඕනෙ කියලත් ඒක යෙහෝවා වෙනුවෙන් දේවල් කරන්න අපිව පොලඹවනවා කියලත් යාකොබ් කිව්වා