Skip to content

පටුනට යන්න

නරක ගති

නරක ගති

අපි අයින් කරගන්න ඕනෙ මොන වගේ නරක ගතිද?

අගෞරව කරන එක

අගෞරව කිරීම” කියන මාතෘකාව බලන්න

අනිත් අයගේ දේවල්වලට ආස කරන එක; ඊර්ෂ්‍යාව

රෝම 13:9; 1පේතෘ 2:1

ගලා 5:26; තීත 3:3ත් බලන්න

ඊර්ෂ්‍යාව” කියන මාතෘකාවත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • උත් 26:12-15—මහන්සි වෙලා වැඩ කරපු ඊසාක්ට යෙහෝවා ආශීර්වාද කළා. ඒ නිසා පිලිස්තිවරු එයාට ඊර්ෂ්‍යා කරන්න පටන්ගත්තා

    • 1රාජා 21:1-19—දුෂ්ට ආහබ් රජ නාබොත්ගේ මිදිවත්තට ආස වෙලා ඒක අයිති කරගන්න හැදුවා. ඒකට එයා නාබොත්ට බොරු චෝදනාවක් කරලා එයාව මරලා දැම්මා

අපි ගැන ලොකුවට හිතන එක

ගලා 5:26; ෆිලි 2:3

හිතෝ 3:7; 26:12; රෝම 12:16ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 2සාමු 15:1-6—අබ්සලොම් පම්පෝරි ගහලා මිනිස්සුන්ගේ හිත් දිනාගන්න හැදුවා. එයාට ඕනෙ වුණේ දාවිත්ගෙන් රජකම ගන්නයි

    • දානි 4:29-32—නෙබුකද්නෙෂර් රජ එයා ගැන මහ ලොකුවට කියවපු නිසා යෙහෝවා එයාට දඬුවමක් දුන්නා

අහංකාරකම

අහංකාරකම” කියන මාතෘකාව බලන්න

උඩඟුකම

උඩඟුකම” කියන මාතෘකාව බලන්න

කම්මැළිකම

කැරලිකාරකම

කෑදරකම

කෑදරකම” කියන මාතෘකාව බලන්න

කුරිරුකම

ද්වි 15:7, 8; මතෙ 19:8; 1යොහ 3:17

  • බයිබල් සිද්ධීන්:

    • උත් 42:21-24—යෝසෙප්ට කුරිරු විදිහට සලකපු එක ගැන එයාගේ අයියලා පස්සේ දුක් වුණා

    • මාක් 3:1-6—පරිසිවරු කිසිම හිතක් පපුවක් නැති අය කියලා දැක්කාම යේසුස්ට ලොකු දුකක් දැනුණා

කුහකකම

කුහකකම” කියන මාතෘකාව බලන්න

කේන්තිය

ගීතා 37:8, 9; හිතෝ 29:22; කොලො 3:8

හිතෝ 14:17; 15:18ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • උත් 37:18, 19, 23, 24, 31-35—යෝසෙප්ගේ අයියලා එයාත් එක්ක රණ්ඩුවට ගියා, එයාව වහලෙක් විදිහට වික්කා, එයා මැරිලා කියලා යාකොබ්ට බොරු කිව්වා

    • උත් 49:5-7—සිමියොන් සහ ලෙවී දරුණු විදිහට කේන්තිය පිට කරපු නිසා එයාලට දඬුවම් ලැබුණා

    • 1සාමු 20:30-34—සාවුල්ට හොඳටම කේන්ති ගිය නිසා එයා එයාගේ පුතාට අපහාස කරලා එයාව මරන්නත් හැදුවා

    • 1සාමු 25:14-17—නාබල් දාවිත්ගේ සේවකයන්ට හොඳටම බැණලා අපහාස කළා. ඒකෙන් එයාගේ ගෙදර අයගේ ජීවිත නැති වෙන්නත් ඉඩ තිබුණා

තමන් ධර්මිෂ්ඨයි කියලා හිතන එක

දේශ 7:16; මතෙ 7:1-5; රෝම 14:4, 10-13

යෙසා 65:5; ලූක් 6:37ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • මතෙ 12:1-7—අනිත් අයට වඩා තමන් ධර්මිෂ්ඨයි කියලා හිතපු පරිසිවරුන්ගේ කුහකකම යේසුස් හෙළි කළා

    • ලූක් 18:9-14—තමන් ධර්මිෂ්ඨයි කියලා පෙන්නන්න හදන අයට දෙවියන් පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා යේසුස් උදාහරණෙකින් පෙන්නුවා

තරඟකාරී, දබරකාරී සිතුවිලි

හිතෝ 26:20; ෆිලි 2:3; 1තිමෝ 3:2, 3; තීත 3:2; යාකො 3:14-16

හිතෝ 15:18; 17:14; 27:15; යාකො 3:17, 18ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • උත් 13:5-9—ආබ්‍රහම්ගෙත් ලොත්ගෙත් සේවකයන් අතරේ රණ්ඩුවක් ඇති වුණා. ඒත් ආබ්‍රහම් සාමකාමීව ප්‍රශ්නේ විසඳුවා

    • විනි 8:1-3—එෆ්‍රායිම් ගෝත්‍රයේ අය ගිඩියොන් එක්ක රණ්ඩුවට ගියත් එයා නිහතමානීව එයාලත් එක්ක කතා කරපු නිසා එයාලාගේ කේන්තිය නිවිලා ගියා

බියගුලුකම

බොරුවට සැක කරන එක සහ චෝදනා කරන එක

යෝබ් 1:9-11; 1තිමෝ 6:4

  • බයිබල් සිද්ධියක්:

    • 1සාමු 18:6-9; 20:30-34—දාවිත් එයාගේ විශ්වාසය කඩ කළා කියලා සාවුල් රජ බොරුවට සැක කළා. එයා යොනාතාන්ගේ හිතේ දාවිත් ගැන තරහක් ඇති කරන්නත් හැදුවා

මිනිස්සුන්ට තියෙන බය

ගීතා 118:6; හිතෝ 29:25; මතෙ 10:28

  • බයිබල් සිද්ධීන්:

    • ගණන් 13:25-33—පොරොන්දු දේශයේ තොරතුරු බලන්න ගිය අයගෙන් 10දෙනෙක් එහේ හිටපු අයව දැකලා බය වුණා. එයාලා සෙනඟගේ හිත්වලත් බයක් ඇති කළා

    • මතෙ 26:69-75—මිනිස්සුන්ට තිබුණ බය නිසා පේතෘස් තුන් පාරක්ම යේසුස්ව අඳුරන්නේ නැහැ කියලා කිව්වා

මුරණ්ඩුකම

යෙරෙ 13:10

යෙරෙ 7:23-27; සෙක 7:11, 12ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 2ලේක 36:11-17—ශෙදකියා මුරණ්ඩු, දුෂ්ට රජෙක්. එයා නිසා සෙනඟට වුණේ ලොකු විපතක්

    • ක්‍රියා 19:8, 9—මුරණ්ඩු වෙලා ශුභාරංචිය පිළිගත්තේ නැති අයගෙන් පාවුල් අයින් වුණා

වෛරය

හිතෝ 10:12; එෆී 4:31; තීත 3:3; 1යොහ 4:20

ගණන් 35:19-21; 1සාමු 30:6; මතෙ 5:43, 44; කොලො 3:19; යාකො 3:14ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • ඔබ 10-14—ඒදොම්වරු එයාලාගේ සහෝදරයන් වුණ ඊශ්‍රායෙල්වරුන්ට වෛර කරපු නිසා යෙහෝවා එයාලට දඬුවම් කළා

සල්ලිවලට, ධන සම්පත්වලට තියෙන ආසාව

මතෙ 6:24; 1තිමෝ 6:10; හෙබ්‍රෙ 13:5

1යොහ 2:15, 16ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • යෝබ් 31:24-28—යෝබ් ධනවත් කෙනෙක් වුණත් එයා ආදරේ කළේ ධන සම්පත්වලට නෙමෙයි, යෙහෝවාට

    • මාක් 10:17-27—ධන සම්පත් අත්හැරලා යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න පොහොසත් තරුණයා කැමති වුණේ නැහැ

හිතුමතේට වැඩ කරන එක

මාක් 7:21-23; එෆී 5:17

1පේතෘ 2:15ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 1සාමු 8:10-20—රජෙක්ව පත් කරගත්තොත් එයාලට දුක් විඳින්න වෙනවා කියලා සාමුවෙල් සෙනඟට කිව්වත් එයාලා එයා කියපු දේ පිළිගත්තේ නැහැ

    • 1සාමු 25:2-13, 34—දාවිත්ගේ සාධාරණ ඉල්ලීමට නාබල් අකමැති වුණ නිසා එයාගේ ගෙදර හැමෝගෙම ජීවිත අනතුරේ වැටුණා