නිහතමානිකම
නිහතමානී අය ගැනයි, උඩඟු අය ගැනයි යෙහෝවා හිතන්නේ කොහොමද?
ගීතා 138:6; හිතෝ 15:25; 16:18, 19; 22:4; 1පේතෘ 5:5
හිතෝ 29:23; යෙසා 2:11, 12ත් බලන්න
-
බයිබල් සිද්ධීන්:
-
2ලේක 26:3-5, 16-21—උසියා රජ උඩඟු වෙලා දෙවියන්ගේ නීතිය කැඩුවා. එයාට උපදෙස් දෙද්දී කේන්ති ගත්තා. දෙවියන් එයාට දඬුවම් කරපු නිසා එයාට ලාදුරු රෝගය හැදුණා
-
ලූක් 18:9-14—උඩඟු අයගේ යාච්ඤා ගැනයි, නිහතමානී අයගේ යාච්ඤා ගැනයි යෙහෝවාට හැඟෙන විදිහ යේසුස් උදාහරණෙකින් පෙන්නුවා
-
නිහතමානී වෙලා අවංකවම පසුතැවෙන අය ගැන යෙහෝවාට හැඟෙන්නේ කොහොමද?
2ලේක 7:13, 14; ගීතා 51:2-4, 17
-
බයිබල් සිද්ධීන්:
-
2ලේක 12:5-7—රෙහබෝවම් සහ යූදාවල අධිපතීන් යෙහෝවා ඉස්සරහා නිහතමානී වුණ නිසා යෙරුසලම විනාශ වෙන්න ඔහු ඉඩ දුන්නේ නැහැ
-
2ලේක 32:24-26—හෙසකියා උඩඟු විදිහට වැඩ කළත් පස්සේ නිහතමානී වුණා. යෙහෝවා එයාට සමාව දුන්නා
-
අනිත් අය එක්ක ආදරෙන් ඉන්න නිහතමානිකම උදව් වෙන්නේ කොහොමද?
එෆී 4:1, 2; ෆිලි 2:3; කොලො 3:12, 13
-
බයිබල් සිද්ධීන්:
-
උත් 33:3, 4—යාකොබ්ගේ අයියා ඒසව් එයාට හතුරුකම් කරලා තිබුණත් එයාව හම්බ වෙද්දී යාකොබ් ගොඩක් නිහතමනීව වැඩ කළා. ඒ නිසා ඒසව්ගේ තරහ නිවිලා ගියා
-
විනි 8:1-3—විනිශ්චයකරු ගිඩියොන් කේන්තියෙන් හිටිය එෆ්‍රායිම් ගෝත්‍රයේ අයට කිව්වා එයාලා එයාට වඩා ගොඩක් දේවල් කරලා තියෙනවා කියලා. ඒකෙන් එයාලාගේ කේන්තිය නිවිලා ගියා
-
නිහතමානී වෙන එක හුඟක් වැදගත් කියලා යේසුස් පෙන්නුවේ කොහොමද?
මතෙ 18:1-5; 23:11, 12; මාක් 10:41-45
-
බයිබල් සිද්ධීන්:
-
යෙසා 53:7; ෆිලි 2:7, 8—කියලා තිබුණ විදිහටම යේසුස් පොළොවට ඇවිත් නිහතමානීව ඔහුගේ පැවරුම කළා. ගොඩක් නින්දා අපහාස විඳලා වේදනාකාරී මරණයකටත් මූණ දුන්නා
-
ලූක් 14:7-11—කෑමකට යද්දී හොඳම ආසනවල ඉඳගන්න හදන අය ගැන කියපු උදාහරණෙන් යේසුස් පෙන්නුවේ නිහතමානී වෙන එක කොච්චර වැදගත්ද කියලා
-
යොහ 13:3-17—කකුල් හෝදන එක සාමාන්‍යයෙන් කළේ සේවකයෙක්. ඒත් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ගේ කකුල් හෝදලා නිහතමානිකම ගැන හොඳ ආදර්ශයක් තිබ්බා
-
යෙහෝවා අපි ගැනයි, අනිත් අය ගැනයි හිතන විදිහට හිතන්න පුරුදු වෙන එක නිහතමානී වෙන්න උදව් වෙන්නේ කොහොමද?
අපි නිහතමානී අය කියලා මවාපාන එක ගැන පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?