Skip to content

පටුනට යන්න

ප්‍රඥාව

ප්‍රඥාව

සැබෑ ප්‍රඥාව ලබාගන්න පුළුවන් මොන වගේ අයටද?

සැබෑ ප්‍රඥාව ලබාගන්නේ කොහෙන්ද?

යෙහෝවාගෙන් ප්‍රඥාව ඉල්ලන එක සුදුසුද?

කොලො 1:9; යාකො 1:5

  • බයිබල් සිද්ධීන්:

    • 2ලේක 1:8-12—ඊශ්‍රායෙල් සෙනඟව හොඳින් පාලනය කරන්න ඕනෙ කරන ප්‍රඥාව තමන්ට දෙන්න කියලා යෞවන වයසේ හිටපු සලමොන් යෙහෝවාගෙන් ඉල්ලුවා. යෙහෝවා කැමැත්තෙන්ම ඒ ඉල්ලීම ඉටු කළා

    • හිතෝ 2:1-5—ප්‍රඥාව, වටහාගැනීමේ හැකියාව සහ අවබෝධය හරියට හංගපු නිධාන වගෙයි. අපි ඒවා මහන්සි වෙලා හෙව්වොත් ඒවා හොයාගන්න යෙහෝවා අපිට උදව් කරනවා

යෙහෝවා අපිට ප්‍රඥාව ලබා දෙන්නේ කා මාර්ගයෙන්ද? ඔහු ඒක කරන්නේ කොහොමද?

යෙසා 11:2; 1කොරි 1:24, 30; 2:13; එෆී 1:17; කොලො 2:2, 3

  • බයිබල් සිද්ධීන්:

    • හිතෝ 8:1-3, 22-31—ප්‍රඥාව විස්තර කරලා තියෙන්නේ පුද්ගලයෙක් විදිහට. ඒ විස්තරයෙන් අපිට මතක් වෙන්නේ දෙවියන්ගේ මුල්ම නිර්මාණය වන ඔහුගේ පුතාවයි

    • මතෙ 13:51-54—යේසුස්ගේ ඉගැන්වීම් අහපු හුඟක් අයට තේරුම්ගන්න බැරි වුණා එයාලා එක්කම හැදී වැඩුණ කෙනෙක්ට ඒ තරම් ප්‍රඥාවක් ලැබුණේ කොහෙන්ද කියලා

දෙවියන්ගෙන් ලැබෙන ප්‍රඥාව තියෙන කෙනෙක් මොන වගේද?

ප්‍රඥාව අපිට උදව් කරන්නේ කොහොමද? ඒක අපිට ආරක්ෂාවක් වෙන්නේ කොහොමද?

දෙවියන්ගෙන් ලැබෙන ප්‍රඥාව කොච්චර වටිනවාද?

හිතෝ 3:13, 14; 8:11

යෝබ් 28:18ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • යෝබ් 28:12, 15-19—යෝබ් වියෝදුකින් හිටියත් එයාට තිබුණ හැම දේම නැති වුණත් වේදනා වින්දත් එයා දෙවියන් දෙන ප්‍රඥාව හරිම වටින දෙයක් විදිහට සැලකුවා

    • ගීතා 19:7-9—යෙහෝවාගේ නීති, සිහිගැන්වීම් අද්දැකීම් අඩු කෙනෙක්ට වුණත් ප්‍රඥාවන්තව වැඩ කරන්න උදව් වෙනවා කියලා දාවිත් කිව්වා

යෙහෝවාව ගාණකටවත් ගන්නේ නැති අයගේ ප්‍රඥාවට අනුව වැඩ කරන එකෙන් වෙන හානිය මොකක්ද?