Skip to content

පටුනට යන්න

පාපය

පාපය

පාපය කියන්නේ මොකක්ද? ඒක අපි හැමෝටම බලපාන්නේ කොහොමද?

පව්කාර ආශාවන්ට විරුද්ධව සටන් කරන්න අපිට පුළුවන් කියලා අපි දන්නේ කොහොමද?

රෝම 6:12-14

  • බයිබල් සිද්ධීන්:

    • 2සාමු 11:2-5, 14, 15, 26, 27; 12:1-13—දාවිත් බරපතළ වැරදි කළා. ඒ නිසා එයාට තදින් හික්මවීම් ලැබුණා. ඊටපස්සේ එයාගේ වැරදි හදාගන්න එයා ගොඩක් මහන්සි වුණා

    • රෝම 7:15-24—පාවුල්ට දෙවියන් ගැන ලොකු ආදරයක්, විශ්වාසයක් තිබුණා. ඒත් වැරදි කරන්න ආපු පෙලඹීම් එක්ක එයාටත් සටන් කරන්න වුණා

ගොඩක් අය වැරදි දේවල් කරන්නේ නොදැනුවත්කම නිසා එහෙම නැත්නම් එයාලට බොරු දේවල් උගන්වලා තියෙන නිසා.

හිතාමතාම වැරදි කරන එක බරපතළ දෙයක් කියලා කියන්නේ ඇයි?

දෙවියන්ගේ සේවකයන්ව වරදට පොලඹවගන්න සාතන් කරන්නේ මොනවාද?

හිතෝ 1:10, 11, 15; මතෙ 5:28; යාකො 1:14, 15

  • බයිබල් සිද්ධීන්:

    • උත් 3:1-6—සාතන් සර්පයෙක්ව පාවිච්චි කරලා තමන් ගැන විතරක් හිතන්නත් තමන්ටම දේවල් ලබාගන්නත් ඒවගේ හිතේ ආසාවක් ඇති කළා. ඒකෙන් ඒවට යෙහෝවා ගැන සැකයක් ඇති වුණා

    • හිතෝ 7:6-10, 21-23—අද්දැකීම් අඩු තරුණයෙක් ගණිකාවකට අහු වුණ විදිහ සලමොන් විස්තර කළා

සාතන්ගේ කපටි උගුල්වලින් බේරිලා ඉන්නේ කොහොමද?

එෆී 4:27; 6:10-18; යාකො 4:7, 8

  • බයිබල් සිද්ධීන්:

    • හිතෝ 5:1-14—යෙහෝවා සලමොන්ව පාවිච්චි කරලා ලිංගික දුරාචාරයට වැටෙන්නේ නැතුව ඉන්නේ කොහොමද, ඒකෙන් වළකින්න ඕනෙ ඇයි කියන එක ගැන උපදෙස් දුන්නා

    • මතෙ 4:1-11—සාතන්ගේ කපටි උගුල්වලින් බේරෙන්න යේසුස් ශුද්ධ ලියවිල්ල පාවිච්චි කළා. ඔහු අපිට හොඳ ආදර්ශයක්

අපි වැළකිලා ඉන්න ඕනෙ සමහර බරපතළ වැරදි මොනවාද?

වැරදි ක්‍රියා” කියන මාතෘකාව බලන්න

වැරදි හෙළි කිරීම

අනිත් අයගෙන් අපේ වැරදි හංගන්න හදන එක හොඳ නැත්තේ ඇයි?

අපේ හැම වරදක්ම හෙළි කරන්න ඕනෙ කාටද?

අපේ අතින් වරදක් වුණොත් අපේ “උදව්වට” ඇවිත් අපි වෙනුවෙන් යෙහෝවාට කතා කරන්නේ කවුද?

කරපු වැරදි ගැන ඇත්තටම පසුතැවිලි වෙනවා කියලා කෙනෙක්ට පෙන්නන්න පුළුවන් කොහොමද?

ක්‍රියා 26:20; යාකො 4:8-10

පසුතැවිල්ල” කියන මාතෘකාවත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • නික් 22:1-12—මෝසෙස්ගේ නීතියට අනුව හොරෙක්ට සිද්ධ වුණා හොරකම් කරපු දේ වෙනුවෙන් වන්දියක් ගෙවන්න

    • ලූක් 19:8, 9—බදු එකතු කරපු අයගේ ප්‍රධානියෙක් වුණ සකෙවුස් ජීවිතේ වෙනස් කරගෙන එයා වංචා කරපු අයට ආපහු මුදල් ගෙව්වා. ඒකෙන් එයා ඇත්තටම පසුතැවිලි වුණා කියලා පෙන්නුවා

යෙහෝවා අපිට සමාව දෙනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් ඇයි?

සමාව දීම” කියන මාතෘකාව බලන්න

සභාවේ කෙනෙක් බරපතළ වරදක් කළාම එයාට උදව් කරන්නත් සභාවේ අයව ආරක්ෂා කරන්නත් යෙහෝවා ඇති කරලා තියෙන සැලැස්ම මොකක්ද?

අපේ අතින් බරපතළ වරදක් වුණොත් ඒක අපේ පවුලේ අයටත් සභාවේ අයටත් බලපාන්නේ කොහොමද?

හෙබ්‍රෙ 12:15, 16

ද්වි 29:18ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • යොෂු 7:1-13, 20-26—ආකාන් ලොකු වරදක් කරලා ඒක හංගන්න හැදුවා. ඒකෙන් මුළු ඊශ්‍රායෙල් සෙනඟටම හානියක් වුණා

    • යෝනා 1:1-16—යෝනා යෙහෝවාට අකීකරු වුණ නිසා එයා එක්ක නැවේ ගිය අයගෙත් එයාගෙත් ජීවිත අනතුරේ වැටුණා

    • 1කොරි 5:1-7—කොරින්ති සභාවේ බරපතළ වරදක් වෙනවා කියලත් ඒකෙන් මුළු සභාවටම ලොකු හානියක් වෙනවා කියලත් පාවුල් කිව්වා

අපිට හික්මවීමක් ලැබෙයි කියන බයට අපි කරපු වරදක් ගැන වැඩිමහල්ලන්ට කියලා උදව් ගන්නේ නැතුව ඉන්න එක හොඳ නැත්තේ ඇයි?

කලින් කරපු වරදකට යෙහෝවා සමාව දුන්නාට පස්සෙත් අපි ඒ වරද ගැන හිතහිත දුක් වෙන්න හොඳ නැත්තේ ඇයි?

සමාව දීම” කියන මාතෘකාව බලන්න

කෙනෙක් බරපතළ වරදක් කරලා කියලා අපි දන්නවා නම් වැඩිමහල්ලන්ගෙන් උදව් ගන්න කියලා එයාට කියන්න ඕනෙ වගේම එයා ඒක කළාද කියලා ස්ථිර කරගන්නත් ඕනේ. ඒ ඇයි?

ලෙවී 5:1

  • බයිබල් සිද්ධියක්:

    • ද්වි 13:6-9; 21:18-20—පවුලේ කෙනෙක්, කිට්ටු යාළුවෙක් බරපතළ වරදක් කළොත් ඒ ගැන අනිවාර්යයෙන්ම දැනුම් දෙන්න ඕනෙ කියලා මෝසෙස්ගේ නීතියේ තිබුණා