බොරු කීම
පොරොන්දු කඩ කරන අය ගැන යෙහෝවාට හැඟෙන්නේ කොහොමද?
ගීතා 15:4; මතෙ 5:37ත් බලන්න
බයිබල් සිද්ධීන්:
නික් 9:27, 28, 34, 35—ඊශ්‍රායෙල්වරුන්ට යන්න දෙනවා කියලා පාරාවෝ පොරොන්දු වුණා. ඒත් එයා ඒ පොරොන්දුව කැඩුවා
එස 17:11-15, 19, 20—ශෙදකියා බැබිලෝනියේ රජ එක්ක ඇති කරගත්ත ගිවිසුම කඩ කරපු නිසා යෙහෝවා එයාට දඬුවම් කළා
ක්‍රියා 5:1-10—ඉඩමක් විකුණලා ඒකෙන් ලැබුණ මුළු මුදලම සභාවට දුන්නා කියලා අනනියස් සහ සෆීරා බොරු කිව්වා
අනිත් අය ගැන බොරු කියලා එයාලාගේ හොඳ නම නැති කරන අය ගැන යෙහෝවාට හැඟෙන්නේ කොහොමද?
ගීතා 15:1-3; හිතෝ 6:16-19; 16:28; කොලො 3:9
හිතෝ 11:13; 1තිමෝ 3:11ත් බලන්න
බයිබල් සිද්ධීන්:
2සාමු 16:1-4; 19:24-30—මෙෆිබොෂෙත් දාවිත්ට විශ්වාසවන්තව හිටියා. ඒත් එයාගේ සේවකයා වුණ ෂීබා එයා ගැන බොරු කිව්වා
එළි 12:9, 10—යක්ෂයා ඒ කියන්නේ අපහාස කරන කෙනා දවස ගාණේ යෙහෝවාගේ සේවකයන්ට බොරු චෝදනා එල්ල කරනවා